EP231: Save Internet Data!

Google Drive, Dropbox ආදේශක, SSH Tunneling ගැන, Internet data බාවිතය අඩුකිරීම. Game streaming වැඩකරන ආකාරය, TLS 1.3 හා SSL ගැන, Magento security, Surge/අකුණුවලින් ආරක්ෂාවීම, RDP Port hacking, Face ID හා mask… තවත් බොහෝ දේවල්.

Download MP3 or Torrent

4 thoughts on “EP231: Save Internet Data!”

  1. Thank you. මගේ ප්‍රස්නෙට උත්තරේ දුන්නට. මම Next Cloud එක දාගත්ත. මොකද අන්තිමට මම SLT Drive භාවිතා කරේ. ඒකත් NextCloud නිසා මට හුරුයි. අනික මම කැමතිම පහසුකම් තිබුන ඒකෙ.

    මම edit කරන Videos ඔක්කෝම Deliver කරන්නේ online. ඒකට Google, Dropbox, SLT Drive use කරා.
    මට අවශ්‍යතාවය වුනේ මගේම company domain name url එකෙන් link එක දැම්ම, ඒක මට පොඩි promotion එකක් එන නිසා.
    Sub domain එකක් ගහල Next Colud install කරා. තව ටිකක් වැඩ කරල බලන්න ඕන.
    Thank You.

  2. මම භාවිතා කල පරිගණකයක් මිලට ගැනීමට බලාපොරොත්තු වෙනවා තව ටික දවසකින්.

    ගන්න බල‍ාපොරාත්තු වෙන්නේ intel Core i5 – 4570 processor එක සහිත පරිගණකයක්. නමුත් මම දැක්කා තවත් ආයතනයකින් AMD Ryzen R5 1600 CPU එකක් සහිත පරිගණකයක් ඒ හා සමාන මිලකටම තියෙනවා.

    මට පැහැදිලි කර දෙන්න පුලුවන්ද i5 4570 එකට යන එක හොදයිද නැත්නම් මේ කියපු Ryzen R5 1600 එකට යන එක හොදයිද කියල.

    මම මේ පරිගණකය ගන්නේ ගොඩක්ම VMware ESXi, HyperV වැනි virtualization සම්බන්ධ වැඩ කරන්න පමණයි. Gaming කරන්නේ නැත.

    මීට කලින් AMD cpu එකක් භාවිතා කර නැති නිසා මේකෙන් මගේ වැඩ කරගත හැකි වෙයිද කියල සැකයක් තියෙනවා.

  3. ඔෆිස් ඇප්ලිකේෂන්වල වැඩ කිරීම, චිත්‍රපටි බැලීම, සාමාන්‍ය මට්ටමේ ග්‍රැෆික් වැඩක් කිරීම‍, සරල වීඩියෝ එඩිටරයකින් විනාඩි කීපයක වීඩියෝ එඩිට් කිරීම සහ ඉන්ටර්නෙට් බ්‍රවුස් කිරීම වගේ වැඩවලට නිෂ්පාදිත වර්ෂය වසර 8-10ක් විතර පරණ පාවිච්චි කල පරිගණකයක් මිළදීගැනීම ප්‍රමාණවත්ද?

    එහෙම නම් වඩාත් සුදුසු ලැප්ටොප් එකක්ද ඩෙස්ක්ටොප් එකක්ද?

    ලංකාවේ පාවිච්චි කල පරිගණක මිළදීගන්න විශ්වාසදායී ස්ථාන තියෙනවද?

    පරිගණකයක් කොයි තරම් වෙලාවක් ක්‍රියාත්මක වෙලා තියෙනවද කියලා බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *