Techකතා 32 වන වැඩසටහන අගෝස්තු මස 3වන බ්‍රහස්පතින්දා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුණා. මෙම වැඩසටහන සදහා කාලිංග, බුද්ධික හා තිලිණ පටිගතකිරීමට සහභාගී වුනා. කලකට පසු දසුන් සමීරට අප හා skype වලින් එකතු වුණා. සුපුරුදු පරිදි අපේ අසන්නන් චැට් රූම් එක හරහා සජීවීව සම්බන්ධ වුණා.
ඔන්න ඉතින් කාලයක් තිස්සේ පොරොන්දු වුණ Techකතා SMS Alert සේවය Beta තත්වයෙන් අපි නිකුත් කළා, මේක යොදාගෙන Techකතා පටිගතකරන දින, වෙලාව, වැඩසටහන් upload කිරීම වගේ දැනුම් දීම් අපි කරනවා. ඒ වගේම SMS හරහා Techකතා වලින් ප්‍රශ්න අහන්න වුණත් පුළුවන්.
- ඔබගේ ජංගම දුරකතන අංකය අපි එක්ක register කිරීමට.
- add ලෙස type කොට +94714712774 එවන්න.
- පැනයක් ඇසීමට
- ask ඉඩක් ඔබගේ පැනය සටහන් කොට +94714712774 එවන්න.
- උදා:
- ask how can i use techkatha sms ?
- එක පිටුවට වැඩි (LongSMS – අකුරු 160ට වැඩි) උවද එවිය හැක.
- උදා:
- ask ඉඩක් ඔබගේ පැනය සටහන් කොට +94714712774 එවන්න.
- ඔබගේ ජංගම දුරකතනය ඉවත් කරගැනීමට
- del ලෙස type කොට +94714712774 එවන්න.
තවත් සේවා SMS හරහා ලබෑගැනීමට කැමතිනම්, ඒ මොනවාද කියා අපට දන්වා සිටින්න.
* Techකතා වෙත එනව SMS පනිවුඩ සදහා ඔබගේ සේවාදායකයා සමන්‍ය අරයකරන SMS ගාස්තු වැය වෙයි, නමුත් Techකතා වෙතින් ඔබට ලැබෙන SMS පනිවුඩ සදහා ඔබට මුදලක් වැයවනේ නැත.
අද වැඩසටහනින්…
- මෘදුකාංග දේශීයකරණය ගැන පැවැත්වුණ සමුළුව ගැන
- USB Keyboard එකේ ගැටළුව
- Corrupted Zip File recover කිරීම.
- WiMax connection එකක් 250m එහා තියන ගෙයක් එක්ක බෙදාගැනීම. (කැන්ටෙනා)
- World WiFi recode
- Techkatha Live වැඩසටහන කරන ආකාරය.
- Sound Card එකේ මාදිලිය දැනගැනීම.
- Sound Card එක 5.1 හෝ 7.1 වැඩකරනවාද කියා දැනගන්නේ කොහොමද?
- Workgrup දෙකක් එකතුකර DSL connection දෙක share කිරීම.
- Apache web server එකක site users හට ලිමිට් කිරීම. (උපකාරක පුරුක)
- Facebook/Gmail වල පණිවුඩ SMS ලෙස ලබාගැනීම.
- Ubuntu වල Skype install කිරීම. (Download Link)
- ICTA මගින් අලුත් සිංහල යුනිකේත font පවුලක් නිකුත් කිරීම.
- Copyright CD backup කිරීම.
- Benq scanner එකක් Windows 7 Drivers සොයාගැනීම.
- Firefox stuck වීමේ ගැටලුව.
- Twitter සදහා Desktop clients
- Windows 7/Vista power off නොවීම.
- URL එක උඩට ගිය විට ලින්ක් එකේ ඇති වෙබ් අඩවියේ image එකක් පෙන්වීම.
- සහිත්‍ය.lk
- Canon Camera එකක් photo එකක් ගත් පසු දුම් පිටවීම.
- 75,000 වැනි මිලකට මිලදී ගතහැකි Laptop එකක්.
- Techකතා වලින් පැනයක් ඇසීමට පෙර seach කිරීම.
- Network එකක් ඇතින් එක පරිගණකයක virus අනිත් ඒවාට පැතිරෙන්න පුළුවන්ද?
- Norton Ghost වලින් Vista recovery CD එකක් සැදීම.
- දසුන්ගෙන් IME එකක් ගැන.
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
***Benq scanner එකක් Windows 7 Drivers සොයාගැනීම****
හම්බුන් නැෙන්……………..
එළ එළ, ඔන්න අපිත් SMS Alert එකට මසට් වුනා
ටෙක් කථා වලට ජය වේවා! ඒ වගේම මෙම වැඩසටහන කරන කාලිංග බුද්දික හා තිලිනටත් අනිත් හැම දෙනටමත් මාගේ ප්‍රෂංසාව!
ඇස් ඇම් ඇස් එක හොදා 🙂
ඒත් අපිට ෆෝන් නෑ නෙවැ……