Techකතා දහ වන වැඩසටහන, පැන විසඳුම්, Techපුවත්

අද අපි ඔබ වෙත ගෙන එන්නේ Techකතා දහ වන වැඩසටහන. මාස තුනක් වැනි කාලයක් තුල සතිපතා අකණ්ඩව වැඩසටහන් දහයක් සම්පූර්ණ කිරීමට ලැබීම ගැන අපිට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. කාලයත් සමග අපේ වැඩසටහන් ගුනාත්මක දියුණුවක් ද ලබා ඇතැයි අපි විශ්වාස කරනවා. මේ සෑම වැඩසටහනකදීම අප හා රැදී සිට අපව දිරිමත් කල ඔබට අපගේ ස්තුතිය පිරිනැමීමටද මෙය අවස්ථාවක් කරගන්නවා.

මෙවර වැඩසටහනට සූදානම් වීමේදී පැන නැගුනු විශාලම ගැටලුව තමයි අපේ කන්ඩායමේ හැම දෙනාම එකම වෙලාවකට එකතුවීමට නොහැකි වන තරමටම කාර්‍යබහුල වීම. කෙසේ හෝ අවසානයේ කාලිංග, බුද්ධික, තිලිණ සහ හර්ෂ වැඩසටහනට සහභාගි වුනා. මලින්ත සහ ඩනිෂ්ක මෙවර වැඩසටහනට සහභාගි වන්නේ නැහැ.

මෙවර වැඩසටහනේදී අපි මේ දේවල් ගැන කතා කරා…

  • UPS භාවිතා කිරීමේදී පැනනගින ගැටලු සහ නිවැරදිව UPS එකක් භාවිතා කිරීම
  • Youtube විඩියෝ ඩවුන්ලෝඩ් කිරීමට සහ නැරඹීමට භාවිතා කල හැකි මෘදුකාංග (Orbit Downloader)
  • Techකතා සදහා උදවු කරන ඔබ මේ ගැනත් සිතන්න
  • අන්තර්ජාල සම්බන්ධතාවය හවුලේ භාවිතා කිරීමේදී පැනනගින ගැටලු
  • Chrome වල අඩුපාඩුවක් ලෙස පෙනෙන download manager ගැටලුව
  • Google Adsense ඵලදායී ලෙස භාවිතා කිරීම (AdSense Help)
  • Blackberry or iPhone?
  • Mobile Contact/Calander/Google Synconization (ScheduleWorld, Google Sync)
  • Windows XP Admin password recovery
  • Youtube hit counter
  • HTML Form එකක ඇතුලත් කරන අකුරු සිංහල යුනිකේත දැයි පරීක්ෂා කිරීම
  • Proximity-card readers සහ එහි ප්‍රයෝජන
  • Amazon iPhone App එක සහ එහි තාක්ෂනය (Amazon App for iPhone and iPod Touch, Amazon Mechanical Turk)
  • Techපුවත්: SUN සමාගම IBM විසින් මිලදී ගැනීමට සැරසීම
  • Techපුවත්: SUN Solaris
  • Techපුවත්: Ubuntu 9.04 Beta
  • How a real geek test a mic… 😀

  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP10_427/Techkatha-ep10-64kbps-Full.mp3]
    [Download MP3 or Ogg]
  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP10_427/Techkatha-ep10-32kbps-Full.mp3]
    [Download MP3 or Ogg]
  • කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
    [පළමු කොටස MP3 or Ogg]
    [දෙවන කොටස MP3 or Ogg]
  • Techකතා අට වන වැඩසටහන, පැන-විසදුම් සහ Game කාමරය

    Techකතා පටන්ගෙන දැන් මාස දෙකක් වෙන්නත් එනවා. අද අට වන වැඩසටහන. මාස දෙකක් ගියා දැනුනෙවත් නෑ. ඇත්තටම මේ කෙටි කාලය තුල අපි ගොඩක් අත්දැකීම් ලබාගත්ත. ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. මේ හරහා අපිට හුග දෙනෙක්ව දැන හැදින ගන්නත් ලැබුනා.

    අපේ කණ්ඩායම කාර්යබහුල වීම නිසා මෙවර විශාල ප්‍රෂ්න ගනනකට පිලිතුරු ලබා දීමට බැරි වුනා. මේ ගැන ප්‍රෂ්න යොමු කල ඔබ සැමගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඔබේ පැනයට පිලිතුරු අනිවාර්යයෙන්ම ඉදිරි වැඩසටහනකදී ලැබෙයි. අද වැඩසටහනට අපේ කන්ඩායමේ සියලුම දෙනා සහභාගී වුනා.

    මෙන්න අද වැඩසටහනින් අපි කතා කරන කරුනු…

    • Quake Online අඩවියේ වයිරස
    • KIT සම්බන්ධතාවයක් භාවිතා කර අන්තර්ජාලයට සම්බන්ධ වීම
    • Laptop RAM වැඩිකිරීම හා මිලදී ගැනීම (උපකාරක පුරුක)
    • අන්තර්ජාල වෙබ් අඩවි වලින් මුදල් සෙවීම (උපකාර පුරුක)
    • Nokia දුරකතන වල ඇතිවන ගැටලු සහ Firmware ස්ථාපනය (උපකාරක පුරුක)
    • Windows වලින් Linux වලට මාරුවීම
    • මොනවද මේ PDF? (උපකාරක පුරුක 1) (උපකාරක පුරුක 2)
    • SPAM පිටුදැකීමට ගත හැකි ක්‍රියාමාර්ග (උපකාරක පුරුක)
    • Facebook අලුත් මුහුණත
    • Techපුවත්: අලුත් iPod Shuffle
    • Techපුවත්: Google Reader
    • Techපුවත්: Firefox 3.5
    • Techපුවත්: මේ සතියේ පැවැත්වෙන IT ප්‍රදර්ශනයක්
    • Gameකාමරය: හොද VGA Card එකක් තෝරා ගැනීම සහ මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුනු
    • Gameකාමරය: Fedora 11 සමග Games (උපකාරක පුරුක)
    • Windows XP SP3 සිංහල යුනිකෝඩ් ගැටලුව
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP8/TechKatha-Episode8-full-24khz-64kbit_64kb.mp3]
    [Download MP3 or Ogg]
  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP8/TechKatha-Episode8-full-16khz-32kbit_64kb.mp3]
    [Download MP3 or Ogg]
  • කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
    [පලමු කොටස MP3 or Ogg]
    [දෙවන කොටස MP3 or Ogg]
  • Techකතා හයවන සහ හත්වන වැඩසටහන, පැන-විසදුම්

    අපේ වැඩසටහනේ අංක පිලිබද පැටලුම් සහගත තත්වයක් ඇතිවුන නිසා මෙවර වැඩසටහන අපි 6 සහ 7 වන වැඩසටහන ලෙස නම් කරනවා. මින් ඉදිරියට වැඩසටහන සහ පටිගත කිරීම එකම අංකයකින් හැදින්වෙනු ඇති. මෙවර පටිගත කිරීමට සහභාගි වන්නේ කාලිංග, බුද්ධික සහ හර්ෂ පමනයි. තිලිණ අසනීප තත්වයෙන් පසුවනවා. ඩනිෂ්ක සහ මලින්තට පටිගත කිරීමට සූදානම් වන විටම විදුලිය ඇනහිටීමකට මුහුන දෙන්න වුනා.

    මෙවර වැඩසටහන අපි STEREO ක්‍රමයට අනුව පටිගත කිරීම් සිදුකලා. ඒ පිලිබදවද ඔබගේ අදහස් දක්වන්න.

    අද වැඩසටහනින් අපි කතා කරන දේවල්…

    • Techකතා Mobile (http://m.techkatha.com) සයිට් එකේ අලුත් අංග
    • Mobile SIM කොපි කිරීම, MaxSIM, SuperSIM භාවිතය
    • Ubuntu 8.10 ස්ථාපනයේදී ඇතිවන ගැටලු
    • Hard disk format කිරීම
    • Linux Installation එකක් නැවත පිහිටුවීම සදහා backup කිරීම (HDD Cloning) (උපකාරක පුරුක 1, උපකාරක පුරුක 2)
    • සිංහල ස්ථාපනය හා සිංහල බ්ලොග් ආරම්භ කිරීම (උපකාරක පුරුක)
    • File Delete කිරීමේ තාක්ෂනික පසුබිම සහ Delete කරන ලද File recover කිරීම (උපකාරක පුරුක)
    • EDGE සහිත ජංගම දුරකතනයක් භාවිතා කර පරිගනකයක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීම
    • Linux/Windows පද්ධති තුල ජනප්‍රිය IDE සහ ඒවායේ වාසි අවාසි
    • ලෝක ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂන ආයතන වලට සහ ඒවායේ සේවකයන්ට බලපාන ආකාරය
    • Fedora 10 පරිගනකයක සිට තවත් Fedora 10 සහිත පරිගනකයක ඇති සේවාවන් භාවිතා කිරීමේදී ඇතිවන ගැටලු
    • Skype/Yahoo voice call සදහා ගැලපෙන මොබයිල් broadband connections
    • පරිගනක නැතුව භාවිතා කල හැකි Skype Phone
    • IPVoice WiFi Mobile Phone එකක්
    • IDD Call සදහා IP Network භාවිතා කිරීම සහ හඩෙහි ගුනාත්මක බවේ ඇතිවන ගැටලු
    • AMD/Intel හා ලංකාවේ පරිගනක වෙළද පොල
    • Paypal ගැන හැදින්වීමක්
    • Windows Vista ඇති පරිගනකයක Taskbar Thumbnail preview නොපෙන්වීම
    • පරිගනක වයිරස Windows/Linux Dual Boot පරිගනකයකදී හැසිරෙන ආකාරය
    • Windows/Ubuntu Dual Boot පරිගනකයක Ubuntu පමනක් ඉවත් කිරීම
    • Fliker මගින් නොමිලේ ලබාදෙන වීඩියෝ සේවාව
    • Facebook සහ පෞත්ගලිකත්වය (උපකාරක පුරුක)
    • Twitter SMS ලබාගත හැකි නව අඩවියක් twe2.com
    • Apple iPhone development
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp7/TechKatha-Episode7-full-24khz-64kbit_64kb.mp3]
    [Download MP3 or Ogg]
  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp7/TechKatha-Episode7-full-16khz-32kbit_64kb.mp3]
    [Download MP3 or Ogg]
  • කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
    [පලමු කොටස MP3 or Ogg]
    [දෙවන කොටස MP3 or Ogg]