Techකතා පටන්ගෙන දැන් මාස දෙකක් වෙන්නත් එනවා. අද අට වන වැඩසටහන. මාස දෙකක් ගියා දැනුනෙවත් නෑ. ඇත්තටම මේ කෙටි කාලය තුල අපි ගොඩක් අත්දැකීම් ලබාගත්ත. ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. මේ හරහා අපිට හුග දෙනෙක්ව දැන හැදින ගන්නත් ලැබුනා.
අපේ කණ්ඩායම කාර්යබහුල වීම නිසා මෙවර විශාල ප්‍රෂ්න ගනනකට පිලිතුරු ලබා දීමට බැරි වුනා. මේ ගැන ප්‍රෂ්න යොමු කල ඔබ සැමගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඔබේ පැනයට පිලිතුරු අනිවාර්යයෙන්ම ඉදිරි වැඩසටහනකදී ලැබෙයි. අද වැඩසටහනට අපේ කන්ඩායමේ සියලුම දෙනා සහභාගී වුනා.
මෙන්න අද වැඩසටහනින් අපි කතා කරන කරුනු…
- Quake Online අඩවියේ වයිරස
- KIT සම්බන්ධතාවයක් භාවිතා කර අන්තර්ජාලයට සම්බන්ධ වීම
- Laptop RAM වැඩිකිරීම හා මිලදී ගැනීම (උපකාරක පුරුක)
- අන්තර්ජාල වෙබ් අඩවි වලින් මුදල් සෙවීම (උපකාර පුරුක)
- Nokia දුරකතන වල ඇතිවන ගැටලු සහ Firmware ස්ථාපනය (උපකාරක පුරුක)
- Windows වලින් Linux වලට මාරුවීම
- මොනවද මේ PDF? (උපකාරක පුරුක 1) (උපකාරක පුරුක 2)
- SPAM පිටුදැකීමට ගත හැකි ක්‍රියාමාර්ග (උපකාරක පුරුක)
- Facebook අලුත් මුහුණත
- Techපුවත්: අලුත් iPod Shuffle
- Techපුවත්: Google Reader
- Techපුවත්: Firefox 3.5
- Techපුවත්: මේ සතියේ පැවැත්වෙන IT ප්‍රදර්ශනයක්
- Gameකාමරය: හොද VGA Card එකක් තෝරා ගැනීම සහ මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුනු
- Gameකාමරය: Fedora 11 සමග Games (උපකාරක පුරුක)
- Windows XP SP3 සිංහල යුනිකෝඩ් ගැටලුව
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
ව්‍යාකරණයේ පොඩි වැරද්දක් තියෙනවා වගේ ‘ශ්’ ‘ෂ්’ සම්බන්ධයෙන්.
සුභ පැතුම් කට්ටියටම. දිගටම යන්න ඔබලාට දිරි!
මට නං Gnome හොඳා. කලාත්මක වැඩ වලට කැමති කෙනෙක් නං UbuntuStudio පාවිච්චි කරන්න. සංගීත නිර්මාණ කරන්න ඕන මෘදුකාංගම විස්සක්-තිහක් පමණ ඒකෙ තිබුණා මට මතකයි. මම වැඩිය පාවිච්චි කරල නෑ. අළුතෙන් එන කලාකාමියෙක් ඒකත් දාල බලල අපටත් කියන්න. 🙂
http://ubuntustudio.org/
PDF වලට FoxIt කියල Tool එකක් තියනව. ඒකෙන් රීඩ්/රයිට්/කන්වර්ට් ඔක්කොම කරන්න පුලුවන් ඇඩෝබි රීඩර් එකට වඩා ස්පීඩ්
PDF ලොක් අරින්න මේකෙන් පුළුවන්.
http://gayantha.gns.googlepages.com/PDFPR.rar
ස්තූතියි ubuntustudio ගැන කිව්වට. අපේ මලයට ප්රෝයෝජනවත් වෙයි! Aitel වලට මාරුවුනාට පසුව භාලා බලන්න ඕනා. 😀
තොරතුරු වලට ස්තුතී!!!!!!!!!!!!!i am south korea
i like tech kata:):)
Foxit කියල PDF reader එකක් තියෙනවා. http://www.foxitsoftware.com/pdf/reader/ මේක adobe reader වලට වඩා හොඳයි මම හිතන්නේ. adobe reader වලට වඩා fast. tabs වලින් කියවන්නත් පුළුවන්.
Power supply ගැන link එකක් දානව කිව්වට දාලා නැහැ.
කරුනාකරල ඒක දාන්න පුලුවන්ද?
ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට උදව් වීම ගැන පින්.
ඔබේ යෝජනාව වුණෙ Vista වලට මාරු වීමයි. නමුත් මගේ පරිගණකය Vista සමග ප්‍රශ්නයක් තියෙනවා.
පරිගණකය RAM හෝ CPU එකට වැඩි බරක් පැටවෙන ක්‍රියාවක් කරන විට එය එකවරම stuck වී ‘Display Driver stopped responding’ කියා Error message එකක් එනවා.
මම මෙය විස්තර කර පැනයක් එවන්නම්.
සෙත්!