Techකතා Live:74වන වැඩසටහන.

Techකතා 74වන වැඩසටහන 2011 මාර්තු මස 11වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂණික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනෙකුන්ට උදව් කිරීමටද හැක.

ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් එය Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්.. (Thanks Saj Harshana)
  • [01:15] මොබයිල් ෆෝන් වල push email කියන්නේ මොකද්ද?
  • [04:40] Nvidia DVI සහ VGA වලින් Dual Display භාවිතය.
  • [08:02] PS 3 එකක් අන්ලොක් කර ගැනීම.
  • [09:34] සබ්වුෆර් එකකට බ්ලූටූත් A2DP Profile එකක් භාවිතා කොට සබ් වූෆර් එකට ඕඩියෝ යැවිය හැකිද?
  • [12:15] මීඩියා ප්ලේයර් එකක් වෙබ් සයිට් එකකට ඇතුළත් කිරීම.
  • [13:30] 5.1 සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් ගැන.
  • [16:38] Authorized Business Partners ලගේ  ප්‍රශ්න..
  • [23:35] පරිගණක බයෝස් ගැන..
  • [26:57] ලංකාවේ සැටලයිට් ඉන්ටර්නෙට් දෙන ආයතන..
  • [30:44] Phone2Phone ගේම් එක ගැන විස්තරයක්..
  • [35:10] නෝත් බ්‍රිජ් සහ සවුත් බ්‍රිජ් කියන්නේ මොකද්ද?
  • [38:08] ලංකාවේ නෙට්වර්ක් අංශයේ ‍රැකියා ගැන..
  • [41:35] කලින් වැඩ කල පරිගණකයක ඇති වන ඩිස්ප්ලේ දෝෂය..
  • [42:22] රේඩියෝ එකේ යන වැඩසටහන් රෙකෝඩ් කිරීම.
  • [43:25] JSP Serverlet එකකින් SMS යැවීම..
  • [44:35] අයි ටියුන්ස් භාවිතය.
  • [45:20] CD/DVD රයිට් කිරීමේ වේගය..
  • [46:44] SLT ADSL Down වීමේ දෝෂය..
  • [47:25] ෆ්ලෑෂ් upgrade කරත් යූටියුබ් බලන්න බැරි ඇයි?
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP74/Techkatha-EP74-64kbps.mp3]

    [Download MP3 ZIP (22.5MB) & OGG (25.9Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.1MB)]

  • දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

    ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.

    3 thoughts on “Techකතා Live:74වන වැඩසටහන.”

    1. මගේ පළවෙනි ප්‍රශ්ණය
      windows Mobile 6.1 ෆෝන් රකකට සිංහල යුනිකෝඩ් Install කරගන්න විදිහ කියන්න පුළුවන්ද? මට අවශ්‍ය internet Explorer එකෙන් සිංහල web site Browse කරන්න විතරයි. අනෙක මේ (samsung Omnia i900) Phone එකේ තියෙන IE එකේ එන්කෝඩිං වල Unicode – UTF-8 සහය දක්වනවා…

      දෙවන ප්‍රශ්ණය
      අපේ ජංගම දුරකථනයට එන ඇමතුම් වල CLI චගේම ඇමතුම ලැබෙන ස්ථානය දැනගැනීමට (එවෙලේම) තියෙන ක්‍රම මොනවද?, ලංකාවේ එම පහසුකම සපයන ජංගම දුරකථන සමාගම් තියෙනවද? නැතිනම් එය ඔවුන් ලවා ක්‍රියාත්මක කරගත හැකිද?

      තුන්වන ප්‍රශ්ණය
      දැනට තියෙන දුරකථන අංක නාමාවලියක් “Excel” Google හරහා Cync කිරීමෙන් ජංගම දුරකථනයට ලබාගැනීමට කළයුතු ක්‍රියාමාර්ග මොනවද? මට තේරෙන විදිහට ඉහත ජංගම දුරකථනයේ සිංක් කිරිමට හැකියාව ඇත්තේ වින්ඩෝස් ලයිව් හරහා පමණයි නැත්නම් පරිගණකයේ ඇති Windows Mobile Centre එකත් එක්ක විතරයි. වෙන ක්‍රම තියෙනවද?

    2. මේක 73 වැඩසටහන නෙවෙයි. 74 වැඩ සටහන නේද?

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *