Techකතා 73වන වැඩසටහන 2011 මාර්තු මස 4වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා මලින්ත සමග සමන් හා සදීප ස්කයිප් හරහාසහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.
මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂණික ගැටලු වලට උදව් උවමනා නම් Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනෙකුන්ට උදව් කිරීමටද හැක.
ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න. නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් එය Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.
Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.
- [01:18] iPad 2 දැන් වෙළඳපලේ..
- [07:28] Access Database එකක් නොමිලේ හොස්ට් කරන්න පුලුවන්ද?
- [10:35] Programming Language ගැන..
- [13:36] Separate VGA තියෙන ලැප්ටොප් එකක්..
- [17:20] iPhone 3GS වල 1015 error එක ගැන..
- [18:10] Nokia 5800 එකකින් බ්ලුටූත් හරහා පරිගණකය හැසිරවීමට පුලුවන්ද?
- [19:32] CD/DVD අඩුවට ගන්න..
- [23:12] සිඩියාර් සොෆ්ට්වෙයාර් Factory Unlock Phone එකකට ඉන්ස්ටෝල් කිරීම.
- [24:43] රයිට් ප්‍රොටෙක්ට් වූ පෙන් ඩ්‍රයිව් එකක් restore කිරීම.
- [25:33] පරිගණක දෘඪාංග ගැන ඉගෙන ගන්න පුලුවන් Website ගැන..
- [27:28] හොඳ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක්..
- [31:42] මැක්බුක් එකක් ගන්න තැනක්..
- [34:53] වාහනයකට Combo Box සවි කර ගැනීම.
- [38:20] HD Channels ගැන..
- [40:20] LED TV ගන්න..
- [44:43] Interview එකේදි අහන ප්‍රශ්න..
- [49:10] PhpMySQL වල සිංහල හරි හැටි නො පෙන්වීම.
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (4.3MB)]
දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා. නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.
ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
Techකතා සයිට් එක උඩින් තියෙන එපිසෝඩ් ජම්ප් ලිස්ට් එක නිසා පරන එප්සෝඩ්ස් තියෙන පේජස්වලට යන්න ලේසීයි :). ඒක අලුතෙන් දාපු එකක්ද ?.
nope. dan tikak kal 🙂