Techකතා Live: 34වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 34වන වැඩසටහන සැප්තැම්බර් මස 17 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග සහ බුද්ධික පටිගත කරන ස්ථානයේ සිටද තිලිණ Skype හරහා ද සහභාගි වුනා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුනා. වැඩසටහන බ්‍රහස්පතින්දා දිනයේදී පටිගත කරන බව කල්තියා දැනුවත් කිරීමට නොහැකි වීම ගැන අපගේ බලවත් කනගාටුව.

මින් පසු Techකතා පරිගත කිරීම් සිදුකරන්නේ බ්‍රහස්පතින්දා රාත්‍රී 9 සිට බව දන්වා සිටින්න කැමතියි. මේ ගැන අපි SMS/Twitter හරහා ඔබව දැනුවත් කරන්නම්. ඔබ දැනටමත් Techකතා SMS සේවාව සමග ලියාපදිංවි වී නැත්නම් add ලෙස type කොට 0714712774 වෙත යවන්න.  තවත් එක දෙයක් මතක් කරනන් සිතුනා, ඒ තමයි Techකතා ගූගල් සමුහය, ඉතින් එහිත් ලියාපදිංචි වී ඔබේ දැනුම බෙදාගන්න.

ඔබ Techකතා කන්ඩායමට සහයෝගය දීමට කැමතිද ? එසේනම් Techකතා ගැන ඔබේ යාලුවන්න කියන්න, Techකතා badge එකක් ඔබේ වෙබ් අඩවියේ දමන්න.  ඒ වගේම දැනටමත් ඔබ Techකතා Facebook සමුහයට සම්බන්ධ වී නැත්නම් දැන්ම එකතුවී ඔබේ යහලුවන්ටත් එකතු වන ලෙස ඇරයුම් කරන්න.

අද වැඩසටහනින්…..

  • Yahoo Address book එක Gmail වලට Import කිරීම
  • Thanderbird Auto අන්තර්ජාලයට සම්බන්ධ වන ලෙස සැකසීම
  • පරිගනකය hibernate කිරීමෙන් hardware වලට හානියක් වෙනවාද ?
  • Google web master tools යනු මොනවද ?
  • eBay එක skype විකුනයි
  • Password save කරන්න tools (Keepass,  xMarks)
  • Online Radio එකක් පටන්ගන්න හැටි (14වන වැඩසටහන)
  • Skype, Yahoo voice බ්ලොග් කරලනම් මොකද කරන්නේ ? (HotSpotVPN)
  • DSL හා ADSL අතර වෙනස
  • Codec යනු මොනවාද ?
  • ලංකාවට hardware ගෙන්වන අයගේ ලිස්ට් එකක්
  • Dynamic DNS වල දැනට ලබාගෙන ඇති ip එක බලා ගැනීම
  • ISP කෙනෙක් අපේ වෙබ් අඩවි බ්ලොග් කරනේ කෙසේද ?
  • Windows 7 RC (7100) හා RTM හා Full Features
  • Software වල අලුත්ම සංස්කරනය දාන්න හදන්නේ  ඇයි?
  • Satellite වලින් අන්තර්ජාලය ගැනීම
  • Nokia N97 වල TV බැලීම
  • Intel Atom පරිගනකයක් desktop පරිගනකයක් හැටියට හොදයිද ?
  • Mobitel HSDPA වල මිල අඩුකිරීම
  • Leased Line යනු මොනවාද ?
  • පරිගනක 3ක් හා HDD Media Player එකක් netwrok කිරීම
  • WiFi වල වේගය ගැන
  • Pay කරන හා free web host අතර වෙනස
  • චීන මොබයිල් වලින් mp3 download ගැටලුව
  • Windows 7 හා ZTE ADSL මොඩම් ගැටලුව
  • Nvidia 9300GS ගැටලුව
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP34/Techkatha-EP34-64kbps.mp3]

    [Download MP3 (27MB) or Ogg (32MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (5MB)]

  • 13 thoughts on “Techකතා Live: 34වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්”

    1. @උෂාන්

      මම නම් මේ දැන් කිසි ප්‍රශ්නයක් නැතුව ඩවුන්ලෝඩ් කලා.
      ඔයා ඒ ලින්ක් එක උඩ ක්ලික් කලාද ?. රයිට් ක්ලික් කරලා “Save Link As…” ගන්න.

    2. ලින්ක් එකෙ ක්ලික් කළාම මීඩියා ප්ලේයර් එක හරි කුයික්ටයිම් ප්ලේයර් එකෙන් ප්ලේ වෙනවා ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ.

    3. මම නම් RealAudio එක ඩවුන්ලෝඩ් කර ගත්ත. මගේ ප්‍රශ්නයට පිළිතුර ලැබුන.

      ගොඩක් ස්තූතී..

    4. කිසි ප‍්රශ්නයක් නැහැ බාගතක‍්රගන්න පුලුවන්..

      ඉස්තුතිය්.. ගොඩක් දේවල් ඉගෙනගත්ත මම..

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *