Techකතා මෙවර වැඩසටහන ටිකක් කෙටි කරන්න අපිට සිද්ධ උනා. මොකද හෙට (අපි පටිගත කරනේ සිකුරාදා රෑ) අපිට කලින් යොදාගත් වැඩක් තිබෙන නිසා. මේ හේතුව නිසා අද අපි පිලිතුරු දෙන ප්‍රශ්න ප්‍රමානය අඩුකිරීමට සිද්ධ උනා. ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා. තිලිණ නම් කලින් ඇවිත් පටිගත කිරීමට කලින් පැනලා ගියා. කෙසේ හෝ තිලිණ, ඩනිෂ්ක සහ මලින්ත පටිගත කිරීම සමග Skype මගින් සම්බන්ධ වුනා. හර්ෂ, කාලිංග සහ බුද්ධික සුපුරුදු ලෙස බත්තරමුල්ලේ සිට පටිගත කිරීම සිදු කරා. අපේ තිලිණ අසනීප තත්වයෙන් පසුවන නිසා වැඩසටහන අතරතුර බාදාකාරී ශබ්ද ඇසේවි. ඒවා ගනන් ගන්න එපා 🙂
අද වැඩසටහනින්….
- Linux ඇති පරිගනකයක Windows නැවත ස්ථාපනය කිරීමේදී ඇතිවන ගැටලුව (ගිය වැඩසටහනේ ඉතිරිය)
- Bug එකක් වාර්තා කිරීමේදී දැනගතයුතු දෑ
- Windows Active Directory යනු කුමක්ද?
- DNS සවරයක් යනු කුමක්ද?
- DNS සමග එන record වර්ග
- DNS Root සවර්ස් (Root Nameservers)
- SPF (Sender Policy Framework)
- DHCP සවරයක් යනු කුමක්ද?
- DHCP හරහා Network Boot කිරීම (Network Booting)
- MAC Address (උපකාරක පුරුක)
- Linux Directory Service
- BIND වින්ඩෝස් ඩොමේන් එකෙක් ලෙස යොදා ගැනීම
- Ubuntu 9.04 හි සිට alt+ctrl+backspace disable කිරීම
- WordPress බ්ලොග් එකකට එන ස්පෑම් නැවත්වීම (Akismet)
- MS SQL Server ලයිසන්
- Windows 7
- Gameකාමරය: ATI සමාගමෙන් අලුත් VGA Card එකක්
- Techපුවත්: SLT ADSL 4mbps
- Techපුවත්: Dialog WiMAX ගැටලු
- Bandwidth/Trafic Sharpning සහ ඒ සදහා භාවිතා කරන මෘදුකාංග
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Amazon Music | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
techකකා තව ටිකක් දික් උනා නමි හොදයි!!!!අවුලක් නැ…හොදයි!!!
රෙකොඩින් එකෙ අවුලක් තියනව වගේ
@duminda
මොන වගේ ගැටලුවක්ද ?
අන්තිම හරියෙදි sound එකේ අවුලක් තියනවා නේද?අන්තර්ජාල අවුලක් දන්නැ?මම රට ඉදල අහන නිසා