Techකතා හතර වන වැඩසටහන පටිගත කල අද(පෙබ. 20) දින Techකතා කණ්ඩායමට ත්‍රාසජනක අත්දැකීමකට මුහුන දෙන්න සිදු උනා. ඒ තමයි කොළඹට එල්ලවූ ත්‍රස්තවාදී ගුවන් ප්‍රහාරය. අප පටිගත කිරීම් ආරම්භ කිරීමට සැරසෙන විටම තමයි මෙම ප්‍රහාරය පිලිබද දැනුම් දීම ලැබුනේ. එවිට අප සිටියේ කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 28 වැනි මහලේ. හදිසි අවස්ථාවක් යටතේ තට්ටු 28ක් පඩිපෙල දිගේ බැස අවදානම් තත්වය පහවන තුරු පැය කිහිපයක් ආරක්ෂිත ස්ථානයක රැදී සිටීමට අපිට සිදු උනා.
සතුරු යානා බිම හෙලීමට හැකිවූ අපේ රණ විරුවන්ට අපගේ උත්තමාචාරය. ඒ වගේම සිදුවූ ජීවිත සහ දේපල හානිය පිලිබදවත් අපි කනගාටු වෙනවා.
ඒ මොහොතේ දැනුන මරණ බියත්, ක්ෂනිකව ආරක්ෂිත ස්ථාන කරා යාමෙන් ඇතිවූ වෙහෙසත් මැඩ පවත්වා ගනිමින් කෙසේ හෝ අපි Techකතා හතර වන වැඩසටහන පටිගත කරා. මෙවර වැඩසටහන් අන්තර්ගතයේ කිසියම් ගුනාත්මක අඩුවක් ඇත්නම් ඒ පිලිබද අපි අපේ කණගාටුව ප්‍රකාෂ කරනවා. මොකද අපි ඉදිරිපත් කිරීමට සූදානම් වූ බොහොමයක් අංග අවලංගු කිරීමට ඇතිවූ බලාපෙරොත්තු රහිත හදිසි තත්වය හේතු උනා.
අද තිලිණ, බුද්ධික, හර්ෂ සහ කාලිංග කොළඹ සිටද, මලින්ත මහ නුවර සහ ඩනිෂ්ක අම්බලංගොඩ සිටද පටිගත කිරීමට සහභාගි වෙනවා. සිංහල යුනිකෝඩ් සම්බන්ධ ගැටලු සාකච්චා කිරීමට දසුන් සමීර අපි සමග දුරකතනයෙන් සම්බන්ධ වෙනවා.
ඔබගේ ජංගම දුරකතනයෙන් Techකතා සමග සම්බන්ධ විය හැකි “Techකතා Mobile” අඩවියද මූලික පරීක්ෂන කටයුතු සදහා පසුගිය සතියේදී අපි ඔබට ලබා දුන්නා. ඔබ කල යුත්තේ http://m.techkatha.com යන ලිපිනය ඔබගේ ජංගම දුරකතනයේ ඇති වෙබ් බ්‍රවුසරයට ඇතුලත් කිරීම පමනයි. මෙය පරීක්ෂා කර ඔබගේ ප්‍රතිචාර info[at]techkatha.com යන ඊමේල් ලිපිනයට ලබාදී අපිට සහයෝගයක් ලබා දෙන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබ ප්‍රතිචාර දක්වන විට ඔබගේ දුරකතන මාදිලිය, අපගේ වෙබ් අඩවිය දුරකතනයේ හොදින් දර්ශනය වුනාද, පසුගිය Techකතා වැඩසටහන් වලට සවන්දිය හැකිද යන කාරනා සදහන් කරන්නේ නම් එය අපිට පහසුවක්.
ඒ වගේම මෙම වෙබ් අඩවියට සම්බන්ධ විය හැකි ලින්ක් එකක් ඔබගේ බ්ලොග්/වෙබ් අඩවියේ පල කිරීමට හැකි නම් තවත් බොහෝ දෙනෙකුට අපේ සේවාව ලබා ගැනීමට එය පිටුවහලක් වේවි. ඒ සදහා සුදුසු Techකතා බැජ් මෙතනින් ලබා ගත හැකියි. සම්මත ප්‍රමාන වලින් මෙහි පල කර ඇති බැජ් වලට අමතරව ඔබට අවශ්‍ය ප්‍රමානය අපිට දැනුම් දෙන්නේ නම් එම ප්‍රමාන වලින් ද බැජ් ලබා දිය හැකියි.
අද වැඩසටහනින්…
- “Techකතා Mobile” – ගෙදර යන ගමන් Techකතා අහන්න http://m.techkatha.com
- ඔබගේ වෙබ් අඩවියේ පල කිරීමට Techකතා බැජ්
- සිංහල වෙබ් අඩවි සදහා Google AdSense
- Gmail සමග ඇතිවන ගැටලු
- Windows Active Directory පරිශීලකයන්ගේ password වෙනස් කිරීම
- Laptop පරිගනකයක තිරය පිරිසිදු කිරීම
- Windows Vista activation ගැටලු
- Cracking/Hacking සම්බන්ධව අපිට යොමු වන ගැටලු
- 3D Animation හා Web Designing සදහා ජනප්‍රිය විවෘත්ත මෘදුකාංග (Blender, Google SketchUp, Aptana, Quanta Plus)
- PayPal ශ්‍රී ලංකාවේ භාවිතය
- විද්‍යුත් සහ අන්තර්ජාල බැංකු සේවා
- DNS හා Domain Names (උපකාරක පුරුක 1, උපකාරක පුරුක 2, උපකාර පුරුක 3)
- ලිනක්ස් ඩෙස්ක්ටොප් OS එකක් ලෙස
- VirtualBox භාවිතය (උපකාරක පුරුක)
- Flash හා Flex සිංහල යුනිකේත සහය
- Adobe මෘදුකාංග සදහා සිංහල යුනිකේත (උපකාරක පුරුක 1, උපකාරක පුරුක 2, උපකාරක පුරුක 3, උපකාරක පුරුක 4)
- MMC සහ Flash memory (උපකාරක පුරුක)
- Techකතා තුල Skype ඇමතුම් පටිගත කරන හැටි (උපකාරක පුරුක)
- Flash Drive වල දත්ත නොපෙන්වීම
- “Techකතා Mobile” (m.techkatha.com) සමග ඇති විය හැකි ගැටලු සහ ඒවාට විසදුම්
Continue reading Techකතා හතර වන වැඩසටහන, පැන-විසදුම්, සිංහල යුනිකේත ගැටලු