Techකතා 9 වන පටිගත කිරීම සුපුරුදු පරිදි සිකුරාදා සිදු වුණේ නැහැ. සෙනසුරාදා සවස 6 වෙනකොට පටිගත කිරීම පටන් ගන්න තීරණය වුණා. ඉතින් තිලිණයි, මායි (කාලිංග) උදෙන්ම පොඩි වැඩකට ගියා. කොහොම හරි 6 වෙනකොට අපේ හර්ෂ ඔන්න කතාකරල කියනවා එන්න බෑ පොඩි වැඩක් කියලා. බුද්ධික 7.30 වෙනකොටත් නෑ, තිලිණට වැඩක් නිසා තිලිණට 8.30 වෙනකොට ගෙදර යන්න ඕනේ ලු. කොහොම හරි අද මමයි, බුද්ධිකයි බත්තරමුල්ලේ සිටද, තිලිණ, හර්ෂදේව, ඩනිෂ්ක Skype මගින්ද සම්බන්ධ වුණා. අපේ ලෝ.ගී.මා (මලින්ත)ට තාම අලුත් පරිගණකයට mic එකක් සවිකරගන්න බැරුව දඟලන නිසා මේපාර සම්බන්ධ වෙන්න බැරි වුණා.
ඉරිදා Techකතා නව වන වැඩසටහන දාන්න සිටියත්, බුද්ධික හා මම වැඩ පොඩක් වැඩි නිසා ඒක සඳුදා රෑ වෙනකන් කල් ගියා. ඉතින් ඒකට අපි සමාව ඉල්ලා සිටිනවා. ඒ එක්කම දැන් Techකතා Google Group වලද ඉන්නවා. මේ සමග සම්බන්ධ වී ඔබගේ දැනුම අනිත් අය එක්ක බෙදාගන්න.
අද වැඩසටහනින්,
- Ubuntu 8.10 WiFi Driver ගැටළුව (Hardware/Detection)
- Linux වලදි එන Hardware drivers ගැටළු
- වින්ඩෝස්වල NTDLR Missing ගැටළුව (How to fix “NTLDR is Missing” for Win XP)
- Windows XP CD Boot ගැටළුව
- SSH කිරීමේදී වෙලාවක් ගතවීම
- සමහර සිංහල වෙබ් අඩවි IE වල පමණක් දිස්වන්නේ ඇයි?
- සිංහල යුනිකේත භාවිතය වැඩි කිරීමට අදහසක්
- වින්ඩෝස් XP 64bit සඳහා සිංහල යුනිකේත සහය
- යල්පැනගිය පරිගණක අධ්‍යාපනය
- Gmail වල inline image එකක් දමන්නේ කෙසේද?
- IE වල Titlebar එකේ විවිධ අඩවිවල නම් ඇතුලත් වීම (Renameing IE’s title bar)
- අනුන්ගේ වෙබ් අඩවි තමන්ගේ අඩවි ලෙස පෙන්වීම
- USB Flash driver එක සම්බන්ධ කිරීමෙන් පසු, පරිගණකය boot නොවීම
- Fedora වල සිට video streaming කිරීම
- ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
- Skype හා Web Cam ගැටළුව
- සිංහල ටයිප් කිරීම, විජේසේකර යතුරු පුවරුව (සිංහල යතුරු පුවරු)
- Techපුවත්: iPhone OS 3.0
- Techපුවත්: Chrome Beta release
- Techපුවත්: Browser Hacker test
- Techකතා දැන් Google Group එකක් ලෙස
- Techකතා දැනුම් ගබඩාවට දායකවීමට ඔබටත් අවස්ථාවක්
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen