Techකතා දහතුන්වන වැඩසටහන, සජීව විකාශය

Techකතා දහතුන්වන වැඩසටහන ගෙන එන්නේ සිංහල බ්ලොග් මැරතන් හා සමගාමීව සජීව විකාශයක් ලෙසින්. මෙය පැය 24ක් පුරා සජීවීව විකාශය කිරීමට අපි අදහස් කරනවා. ඒ අප්‍රේල් 17 වන සිකුරාදා පස්වරු 8 සිට 18 වන සෙනසුරාදා පස්වරු 8 දක්වා කාලය තුළයි. ඔබ යොමු කරන තාක්ෂණික ගැටළු සදහා පිලිතුරු සුළු මොහොතකින් ලබාගැනීමට මෙම කාලය තුල හැකිවනු ඇති.

සුපුරුදු පරිදි ඔබගේ තාක්ෂණික ගැටළු අප වෙත ඉදිරිපත් කිරීමට info [at] techkatha [dot] com ඊමේල් ලිපිනය, Techකතා Contact Form එක හෝ Skype භාවිතා කරන්න.

Techකතා සජීව විකාශයට සවන් දෙන්නේ මෙහෙමයි.

ඔබ වින්ඩෝස් භාවිතා කරන්නෙක් නම් මේ වෙබ් පිටුව මගින් සවන්දෙන්න පුලුවන්.

එසේ නැතිනම් පහත සදහන් ලින්ක් මගින් අදාල මෘදුකාංගය සමග සම්බන්ධ විය හැකියි.
WinAMP
VLC
iTunes
Windows Media Player

සජීව විකාශය සමග සම්බන්ධ වීමේදී හෝ ශ්‍රවණ තත්වය පිළිබඳ ගැටලු ඇතොත් කරුණාකර අප වෙත හැකි ඉක්මණින් දන්වන්න.

Techකතා එකොලොස් වන වැඩසටහන, පැන විසඳුම්, Game කාමරය

Techකතා මෙවර වැඩසටහන ටිකක් කෙටි කරන්න අපිට සිද්ධ උනා. මොකද හෙට (අපි පටිගත කරනේ සිකුරාදා රෑ) අපිට කලින් යොදාගත් වැඩක් තිබෙන නිසා. මේ හේතුව නිසා අද අපි පිලිතුරු දෙන ප්‍රශ්න ප්‍රමානය අඩුකිරීමට සිද්ධ උනා. ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා. තිලිණ නම් කලින් ඇවිත් පටිගත කිරීමට කලින් පැනලා ගියා. කෙසේ හෝ තිලිණ, ඩනිෂ්ක සහ මලින්ත පටිගත කිරීම සමග Skype මගින් සම්බන්ධ වුනා. හර්ෂ, කාලිංග සහ බුද්ධික සුපුරුදු ලෙස බත්තරමුල්ලේ සිට පටිගත කිරීම සිදු කරා. අපේ තිලිණ අසනීප තත්වයෙන් පසුවන නිසා වැඩසටහන අතරතුර බාදාකාරී ශබ්ද ඇසේවි. ඒවා ගනන් ගන්න එපා 🙂

අද වැඩසටහනින්….

  • Linux ඇති පරිගනකයක Windows නැවත ස්ථාපනය කිරීමේදී ඇතිවන ගැටලුව (ගිය වැඩසටහනේ ඉතිරිය)
  • Bug එකක් වාර්තා කිරීමේදී දැනගතයුතු දෑ
  • Windows Active Directory යනු කුමක්ද?
  • DNS සවරයක් යනු කුමක්ද?
  • DNS සමග එන record වර්ග
  • DNS Root සවර්ස් (Root Nameservers)
  • SPF (Sender Policy Framework)
  • DHCP සවරයක් යනු කුමක්ද?
  • DHCP හරහා Network Boot කිරීම (Network Booting)
  • MAC Address (උපකාරක පුරුක)
  • Linux Directory Service
  • BIND වින්ඩෝස් ඩොමේන් එකෙක් ලෙස යොදා ගැනීම
  • Ubuntu 9.04 හි සිට alt+ctrl+backspace disable කිරීම
  • WordPress බ්ලොග් එකකට එන ස්පෑම් නැවත්වීම (Akismet)
  • MS SQL Server ලයිසන්
  • Windows 7
  • Gameකාමරය: ATI සමාගමෙන් අලුත් VGA Card එකක්
  • Techපුවත්: SLT ADSL 4mbps
  • Techපුවත්: Dialog WiMAX ගැටලු
  • Bandwidth/Trafic Sharpning සහ ඒ සදහා භාවිතා කරන මෘදුකාංග

  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP11/TechKatha-Episode11-full-32khz-64kbit.mp3]
    [Download MP3 or Ogg]
  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP11/TechKatha-Episode11-full-32khz-32kbit.mp3]
    [Download MP3 or Ogg]
  • කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
    [පළමු කොටස MP3 or Ogg]
    [දෙවන කොටස MP3 or Ogg]
  • Techකතා නව වන වැඩසටහන, පැන විසඳුම්, Techපුවත්

    Techකතා 9 වන පටිගත කිරීම සුපුරුදු පරිදි සිකුරාදා සිදු වුණේ නැහැ. සෙනසුරාදා සවස 6 වෙනකොට පටිගත කිරීම පටන් ගන්න තීරණය වුණා. ඉතින් තිලිණයි, මායි (කාලිංග) උදෙන්ම පොඩි වැඩකට ගියා.  කොහොම හරි 6 වෙනකොට අපේ හර්ෂ ඔන්න කතාකරල කියනවා එන්න බෑ පොඩි වැඩක් කියලා. බුද්ධික 7.30 වෙනකොටත් නෑ, තිලිණට වැඩක් නිසා තිලිණට 8.30 වෙනකොට ගෙදර යන්න ඕනේ ලු. කොහොම හරි අද මමයි, බුද්ධිකයි බත්තරමුල්ලේ සිටද, තිලිණ, හර්ෂදේව, ඩනිෂ්ක Skype මගින්ද සම්බන්ධ වුණා. අපේ ලෝ.ගී.මා (මලින්ත)ට තාම අලුත් පරිගණකයට mic එකක් සවිකරගන්න බැරුව දඟලන නිසා මේපාර සම්බන්ධ වෙන්න බැරි වුණා.

    ඉරිදා Techකතා නව වන වැඩසටහන දාන්න සිටියත්, බුද්ධික හා මම වැඩ පොඩක් වැඩි නිසා ඒක සඳුදා රෑ වෙනකන් කල් ගියා. ඉතින් ඒකට අපි සමාව ඉල්ලා සිටිනවා. ඒ එක්කම දැන් Techකතා Google Group වලද ඉන්නවා. මේ සමග සම්බන්ධ වී ඔබගේ දැනුම අනිත් අය එක්ක බෙදාගන්න.

    අද වැඩසටහනින්,

    • Ubuntu 8.10 WiFi Driver ගැටළුව (Hardware/Detection)
    • Linux වලදි එන Hardware drivers ගැටළු
    • වින්ඩෝස්වල NTDLR Missing ගැටළුව (How to fix “NTLDR is Missing” for Win XP)
    • Windows XP CD Boot ගැටළුව
    • SSH කිරීමේදී වෙලාවක් ගතවීම
    • සමහර සිංහල වෙබ් අඩවි IE වල පමණක් දිස්වන්නේ ඇයි?
    • සිංහල යුනිකේත භාවිතය වැඩි කිරීමට අදහසක්
    • වින්ඩෝස් XP 64bit සඳහා සිංහල යුනිකේත සහය
    • යල්පැනගිය පරිගණක අධ්‍යාපනය
    • Gmail වල inline image එකක් දමන්නේ කෙසේද?
    • IE වල Titlebar එකේ විවිධ අඩවිවල නම් ඇතුලත් වීම (Renameing IE’s title bar)
    • අනුන්ගේ වෙබ් අඩවි තමන්ගේ අඩවි ලෙස පෙන්වීම
    • USB Flash driver එක සම්බන්ධ කිරීමෙන් පසු, පරිගණකය boot නොවීම
    • Fedora වල සිට video streaming කිරීම
    • ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
    • Skype හා Web Cam ගැටළුව
    • සිංහල ටයිප් කිරීම, විජේසේකර යතුරු පුවරුව (සිංහල යතුරු පුවරු)
    • Techපුවත්: iPhone OS 3.0
    • Techපුවත්: Chrome Beta release
    • Techපුවත්: Browser Hacker test
    • Techකතා දැන් Google Group එකක් ලෙස
    • Techකතා දැනුම් ගබඩාවට දායකවීමට ඔබටත් අවස්ථාවක්
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP9/TechKatha-Episode9-full-16khz-32kbit_64kb.mp3]
    [Download MP3 or Ogg]
  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP9/TechKatha-Episode9-full-16khz-32kbit.mp3]
    [Download MP3 or Ogg]
  • කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
    [පළමු කොටස MP3 or Ogg]
    [දෙවන කොටස MP3 or Ogg]