Arduino: Introduction to Electronics සිංහලෙන් (Video)

Techකතා වලින් කරන Microcontroller Programing (TechDuino) හැදින්වීමේ දෙවන වැඩසටහන.  මෙම වැඩසටහින් අපි බලාපොරොතු වෙන්නේ Microcontroller Programing (Arduino) ගැන මුලසිට සරලව ඔබට ඉගැන්වීම සදහා උවමන වෙන Electronics සරලව කියාදීම.

ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපිට comment එකක් ලෙස ඉදිරිපත් කරන්න.

 

Download [.mov 620MB | h264 278MB (mp4) | Ogg Video 199.6MB] or [Torrent]

Buy a TechDuino shop.techkatha.com

29 thoughts on “Arduino: Introduction to Electronics සිංහලෙන් (Video)”

  1. නියමයි කාලිංග අයියේ. නිතරම කමෙන්ට් නොකලත් මම හැමදම ටෙක් කතා එක්ක. ඔන්ලයින් අහන්න වෙලාවක් නැති නිසා හැම එපිසෝඩ් එකක්ම ෆෝන් එකට දාගෙන අහනවා.2GB චිප් එක මදි වෙලා ටෙක් කතා දාගන්න ඕන නිසාම 8GB එකකට මාරු වුනා. ටෙක් කතා වගේම ටෙක් ඩුයිනෝ වැඩෙත් අපිට අලුත්. නියම වැඩක්. දිගටම මුකුත් අපේක්ෂා නොකර නොමිලේම දැනුම දීම ගැන ඔබට බොහෝ පින්…

  2. අයියේ ඔයා නියෙමෙට කරනවා අපි වීඩියො දානකන් තමයි බලාගෙන හිටියෙ.නියමයි අය්යේ ඔයාලා කරන වැඩ නම් මිල කරන්න බැ.දන්නව ඇතිනෙ Microcontroller ඉගෙන ගන්න කීයක් යනවද කියලා.ඔයාලා නිකමට වගේ ඔය වැඩේ මිල කරලා බැලුවොත් ආසන්න වශයෙන් දැනට 20000*250=රු.5000000.00 ක් විතර වෙනවා තව කල් යනකොට ඉගෙන ගන්න අය තවත් වැඩි වෙයිනෙ.මේක ගැන හිතල බලනකොටත් පුදුමයි නේද?ඇත්තටම Microcontroller උගන්වන්න රු 20000-30000 ක් විතර ගන්නවා ඒවායේ ගුනාත්මක භාවය ගැනත් එතරම් සැහීමකට පත් වෙන්න අමරුයි. මොරටුව කැම්පස් එකේ 32000 යි.තව බස් ගාස්තුව.ගෙදර ඉදන් මේ වගේ ඉගෙන ගන්න ලැබෙන එක මේ ලන්කාවේ ඉන්න අයට නම් වාසනාවක්.ඔයාලා තමයි අයියේ සින්හලෙන් අන්තර්ජාලයෙන් ඉගෙන ගන්න අවස්තාව ලබා දෙන්න වැඩියෙන්ම දායක වෙලා තියෙන්නෙ.මම හිතන්නේ මේක නම් කියලා නිම කරන්න බැරි පිනක් වෙයි.මමත් ICT උගන්වන ගුරුවරයෙක්(ටියුශන් නෙවෙයි ඉස්කොලෙ මහත්ත්යෙක්):) මම ඔයාලගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා තවමත් ඉගෙන ගන්නවා.ඔයාලා පුලුවන් තරම් කල් දිගටම කරගෙන යන්න.පුලුවන්නම් පුලුවන් වෙලාවට තොරතුරු තාක්ෂණය වැරදි විදිහට යොදා ගන්න එපා කියන ඉල්ලීම රටේ ළමයින්ගෙනුයි අනිත් මිනිස්සුන්ගෙනුඉ ඉල්ලන්න.මොකද මිනිස්සු ගොඩාක් වෙලාවට මේව යොදා ගන්න හදන්නෙ වරදි විදිහට.ඔයාලට මේක කරන්න පුලුවන්.මම මේවා නිකන් කිව්වේ.මොකද දන්නවද ළමයි ICT ඉගෙන ගන්නකොට ගොඩාක් වෙලාවට අහනවා අනුන්ගෙ E-mail,ෆේස් බූක් හැක් කරන්නෙ කොහොමද වයිරස් හදන්නෙ කොහොමද කියලා.ඒකෙන්ම තේරෙනවනෙ තියෙන තත්වෙ.තව කියන්න ගොඩාක් දෙවල් තියෙනව දැනට ඔය ඇති.ඔයාලාට කරන හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා.ඔයාලට ජය වේවා.!!!!!!!!!!!!!!!

  3. නියමයි නියමයි …
    මම බලාගෙන හිටියේ ඔක දාකම් තමා…
    මම ගොඩාක් දේවල් ඉගෙනගත්තා ගොඩාක් පිංසිද්ද වෙනවා මේ වගේ වැඩ කරනකොට…..
    දිගටම කරගෙන යන්න……………………
    මගෙන් සුබපැතුම් ! ….

  4. TK live අහන්න බැරිවුනත් අනිවා පස්සේ කොහොම හරි ඩවුන් කරලා අනිවා බලනවා….ඉතින් වෙනදා වගේම මේකත් ආසාවෙන් බැලුවා..
    ඉලෙක්රෝනික් ගැන යම් දැනුමක් තිබ්බත් කිසිම කම්මැලිකමක් නැතුව එක විනාඩියක්වත් යවන්නේ නැතුව වැඩසටහන බැලුවා…ගොඩක් ස්තුතියි මේ කරන සමාජ සත්කාරයට….දිගටම කරන යන්න පුළුවන් වෙන්න කියල මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා කාලිංග අයියේ….

  5. නියමයි කාලිංග අයියෙ electronic basic ගැන පස්ටෙටම තේරුනා. පුළුවන්නම් video එක තව ටිකක් පැහැදිලි උනානම් හොදටම හොදයි.වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය හා ධෛර්ය ලැබෙන්න කියල ඔබ සැමට ප්‍රාර්ථනා කරනව…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *