Techකතා Live:164වන වැඩසටහන! (Video)

Techකතා 164වන වැඩසටහන 2013 අප්‍රේල්  05වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා  උපුල් සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

සියල්ලන්ටම සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!

 

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 

  • [00:03:37] : iPhone 3gs එකක් iOS 6.0.1 වලට අප්ඩේට් කල නොහැකිද?.
  • [00:05:57] : පෙන් එකක් බුටබල් විදිහට සාදාගන්නේ කෙසේද?.
  • [00:06:12] : CCTV සිස්ටම් එකක මෝෂන් ඩිටෙක්ට් ක්‍රමයෙන් ඔන් වෙන කැමරාවක පමණක් දත්ත හාර්ඩ්ඩිස්ක් එකේ සේව් කරගන්නේ කොහොමද?.
  • [00:08:58] : Cloudflare යනු කුමක්ද?, මෙහි වාසි අවාසි සහ අපේ සයිට් එකක් cloudflare වලට ඇඩ් කරගන්නේ කෙසේද?.
  • [00:11:16] : Raspberry Pi xbmc සම්බන්ධ ගැටළුවක්.
  • [00:11:28] : Capacitive touchscreen සහ Resistive touchscreen වල වාසි අවාසි මොනවද?.
  • [00:12:53] : Shared hosting එකකට සයිට් කීපයක් එකතු කරලා ඒ එක එක සයිට් එකට වෙනවෙනම C-Panel හෝ PHPMyAdmin වෙනවෙනම ඇක්සස් කරන්න දෙන්න පුලුවන්ද?.
  • [00:13:57] : WiFi පමණක් ඇති මොඩම් එකකට arduino ethernet shield එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද?, ලැප්ටොප් එකේ ethernet පොර්ට් එකෙන් පුලුවන්ද?.
  • [00:15:18] : විදුලිය විසන්ධි වීමකදී UPS එක මිනිත්තු 2ත් 3ත් අතර කාලයකදී OFF වීමේ දෝෂය නිවරදි කර ගන්නේ කෙසේද?.
  • [00:24:54] : Samsung Ace ෆෝන් එකක කීපෑඩ් පැටන් එක වැරදීම නිසා ඊමේල් ඇඩ්‍රස් එක ලබාදීමේදී ඊමේල් එකේ “@” ලකුණ ටයිප් කිරීමට “@” ලකුණ කීපෑඩ් එකේ නොපෙන්වන්නේ ඇයි?.
  • [00:26:04] : දැනට මිලදීගන්න තියෙන හොදම motherboard හා processor මොනවද?.
  • [00:29:15] : .Net framework 02 වලින් හදපු ඇප්ලිකේෂන් එකක් Windows 8 වල රන් කිරීමට නොහැකිද?.
  • [00:29:57] : බ්ලොග් එකක් හොස්ට් කිරීමට හැකි හොදම හොස්ටින්ග් සර්විස් එක කුමක්ද?.
  • [00:31:01] : හොද CPU fan එකක් තෝරගන්නේ කොහොමද?.
  • [00:32:25] : ලංකාවේ DVD-T පරීක්ෂණ වල තත්වය කොහොමද?.
  • [00:35:38] : ගිය සතියේ වැඩසටහනේ headphone එක දිනාගත්තේ කව්ද?.
  • [00:36:36] : ආධුණික මෘදුකාංග සංවර්ධකයන් ලෙස නිර්මාණය කරන මෘදුකාංග අන්තර්ජාලය හරහා විකිනීමට අවශ්‍ය මූලික දැනුම (වෙළඳාමට) ලබා ගත හැකි මුලාශ්‍ර මොනවාද?.
  • [00:39:19] : ට්‍රාන්සිස්ටර් සහ රෙසිස්ටර් ගැන සරලව ඉගෙනගන්නේ කොහොමද?.
  • [00:39:51] : Shoutcast server එකක් තොරගන්නකොට සැලකිලිමත්වියයුතු කරුණු මොනවද?.
  • [00:41:07] : අලුත් Facebook Home app එක ගැන විස්තර.
  • [00:41:57] : Hard disk molex connector එක සම්බන්ධ ගැටළුවක්.
  • [00:42:29] : Water cooling system ලංකාවේ කොපමණ මුදලක් වෙනවද?.
  • [00:43:22] : ඩොන්ගල් එකක ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ලැප්ටොප් එකක් හරහා බ්ලුටූත් වලින් ෆෝන් එකට ගන්න පුලුවන්ද?.
  • [00:44:22] : ලංකාවේ කුමන හෝ බැංකුවකින් ලබාදෙන Master or Visa කාඩ් පත් වලින් වෙන කුමන රටකට හෝ කුමන සේවාවකට අප මුදල් ගෙවූ විට ඒ මුදල් හුවමාරුව කල බව කාඩ්පත නිකුත් කල බැංකුවට දැනගැනීමේ හැකියාවක් තිබේද?.
  • [00:45:12] : BlackBerry අලුතෙන් නිකුත් කල Q-10 හා Z-10 ෆෝන් ගැන විස්තර සමගින් BlackBerry OS එක ගැන විමසුමක්.
  • [00:51:47] : Tab එකක data connection හා wifi on කරල battery එක කොච්චර වේලාවක් පාවිචිචි කරන්න පුලුවන්ද?.
  • [00:55:24] : අන්තර්ජාල සම්බන්ධතා දෙකක් එකවර වෙන් වෙන් වශයෙන් වෙනස් භාවිතාවන් සදහා භාවිතා කල හැකිද?.
  • [00:58:00] : ලැප්ටොප් වල බැටරිය දිගුකාලයක් හොදින් භාවිතා කරන්නේ කෙසේද?.
  • [00:59:11] :  චාර්ජ් කරන බැටරි හරියට චාර්ජ් කරගන්නේ කොහොමද?.
  • [01:00:45] : NoSQL යනු කුමක්ද?.
  • [01:00:58] : Gingerbread, ICS හා Jelly Bean අතරින් වඩා හොඳ කුමක්ද?.
  • [01:01:58] : මීළග ටෙක්කතා වැඩසටහන අප්‍රේල් මස 19වන සිකුරාදා.
සැ.යු. ලබන සිකුරාදා (අප්‍රේල් 12වන දින) ටෙක්කතා වැඩසටහන නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP164/Techkatha-EP164.mp3]

    [Download MP3 ZIP (25.3MB) or OGG (29.9MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.0MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

9 thoughts on “Techකතා Live:164වන වැඩසටහන! (Video)”

  1. අයියෝ ටෙක්කතා නැ නේ ලබන දිනේ
    දුකයි තමා ඒ කාලෙට අවුරුදුනේ
    දුටුවේ නැහැ චම්ලි අයිය ඊයෙ දිනේ
    පතනවා ඔහුගෙ මවට නිරෝගි සුව සහනේ

    TAKAS කොල්ලො දෙන තෑග්ග එලම තමා
    පලකරනවා මගේ තුතිය ඤාව් කියා
    බය තියෙන්නේ පූසට එය ලොකුයි කියා 😀
    අවුලක් නැහැ එය දාගෙන කරමි කතා

    උපුල් අයිය මේ ටික පැවසිය හැකිද
    Telecom Eng සිසුනට ඇති මග කිමද
    පූසා එවැන්නෙකි චුට්ටං වියෙ ඉන්න
    කැමතියි දැගනන්න ඔබගේ උත්තරය

    ටෙක්කතාව තව ටිකක් වෙලා කරමුකො අනී 😀
    Thanks/PissuPusa

  2. .Net Framework 3.5 in Windows 8
    2.0 ඒව වැඩ 3.5 වල.

    3.5 Online install කරන්න කරදරයි.
    Download කරන 3.5 එක fail වෙනව. ඒකට 2.x වගේ පරණ් එකක් ඕනෙ වගේ…
    ලේසිම විදිහ Windows 8 DVD එක පාවිච්චි කරල install/enable කරන එක! 🙂

    1. Windows DVD එක දාන්න.
    2. DVD drive letter එක බලාගන්න. (මෙහෙදී D යැයි සිතමු!)
    3. Run Command Prompt or Power Shell “As Administrator”.
    4. in command prompt (or power shell) Type/Copy-Paste below command

    Dism /online /enable-feature /featurename:NetFx3 /All /Source:D:\sources\sxs /LimitAccess

    (වැදගත්: command එකේ D යන්න වෙනුවට ඔබගේ DVD එකේ drive letter එක තිබිය යුතුය!)
    (:-)

  3. .Net 3.5 Windows8 වල මම දාගත්තේ Control Panel එකෙ Programs & Features වල Turn Windows Features on and off වලින් Dot Net feature එක active කරල පස්සෙ Windows Update කලා. එතකොට නම් fail වුනේ නැහැ. මගෙ desktop,lap දෙකටම ඔහොම තමා කලේ 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *