Techකතා Live:85වන වැඩසටහන.

Techකතා 85වන වැඩසටහන 2011 ජූනී මස 10වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා “ගොලු” මලින්ත 😀 සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහනින් පසුගිය සතිවල මගහැරුනු පැන වගේම iOS5, iCloud, Windows 8, Facebook Fake profiles, Google Music වගේ විවිද දේවල් ගැන කතා කරා. මේ වෙනකොට Techකතා Magazine එක බැලුවේ නැත්නම් මතක ඇතුව බලන්න. 86වන වැඩසටහනින් කතා කරන්න ඕනේ මොනවා ගැනද කියා අපේ Facebook Group එක හරහා අපි ඇසූ විට අපිට කියන්න.

අලුත් Techකතා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනෙන් (ස්තුතිය සවිත්ට – GNS)

  • 01:00 – Windows 8 Developer Preview
  • 06:15 – iOS 5 (Notification / iCloud / Messenger / RichText Editing)
  • 12:15 – Google Music Beta
  • 15:50 – File Delete කලත් නැවත recover කලහැකි වන්නේ ඇයි?
  • 20:50 – Outlook 2007 වල Sender තමන්වම පෙන්වීම
  • 22:12 – Microsoft Tablet
  • 23:30 – Chat Online සිටින විට Data භාවිතය
  • 24:00 – Laptop එකකින් WiFi HotSpot
  • 24:40 – ජංගම දුරකථන සඳහා Intel Atom
  • 25:26 – Google Chrome මත සිංහල නිසිලෙස දිස් නොවීම
  • 26:15 – Google Chrome vs Mozilla Firefox
  • 31:46 – Symbian වල අනාගතය
  • 35:19 – Chinese Phones ශරීරයට අහිතකරද?
  • 36:30 – අකුණු වලින් බේරීමට UPS පාවිච්චි කිරීම
  • 37:48 – OpenSSL පුද්ගලික වෙබ් අඩවි සඳහා භාවිතා කල හැකිද?
  • 37:57 – Facebook එකේ Fake Profile
  • 43:30 – oDesk වැනි Freelance වැඩ සඳහා ගෙවීම ලංකාවට ගෙන්වාගැනීම
  • 46:10 – P3 වැනි පැරණි පරිගණක සඳහා LAN Games
  • 47:15 – HD 1080p vs 1080i
  • 48:30 – MySQLහි Access Denied for User ROOT
  • 49:07 – Android සදහා Skype
  • 52:02 – තම පරිගණකයේම Web Site Host කිරීම
  • 52:10 – මිලදීගත යුත්තේ Core i3ද, i5ද, i7ද?
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP85/Techkatha-EP85-56kbps.mp3]

    [Download MP3 ZIP (21.8MB) & OGG (27.1Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.5MB)]

  • දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

    ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
    Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

    7 thoughts on “Techකතා Live:85වන වැඩසටහන.”

    1. අයියෙ පරිස්සමින් කරගෙන යන්න!!!!!!! ලගදිම මාරයා එයි හකින් එකට බොහො ආසන්නයි wwe smakdown wwe smakdown wwe smakdown wwe smak down wwe smak down

    2. @Janaka

      iPhone/iOS වල ඇති multitasking, true multitasking නොව, එක API කීපයකට පමණ සීමාවූ දෙයක්.

      උද: අපි චැට් ඇප්ලිකේෂන් එකක් install කරොත්. ඒක වසා ඇති විට අපිට ලැබෙන පනිවිඩ ලැබෙන්නේ push notice එකක් හැටියට මිස එය application එකට ලැබෙන චැට් පනිවිඩයක් නොව.

    3. මම මේ කමෙන්ට් එක දාන්නේ ටෙක් කතා එකේ සියලුම දෙනාට ස්තුති කරන්නයි. මෙච්චර කාලයක් ලැප් එකෙයි ඩෙස්ක්ටොප් එකෙයි දෙකේම එකපාර නෙට් යන්න බැරුව (සින්ගල් පෝට් රවුටරයක් ඇති නිසා) වයර ගලව ගලව දුක් විඳපු මට ඔයාලගේ වැඩසටහනේ කතා කරපු Connectify නිසා අද ඉස්සර වින්ද කරදර වලින් තොරව නෙට් යන්න පුලුවන් වෙලා තියනව. මා ලඟ තිබ්බ Wi-Fi Adapter එක ඩෙස්ක්ටොප් එකට ගහල දැන් ලැප් එකෙන් wireless විදියට නෙට් යන්න පුලුවන් Connectify හරහා. අපි නොදන්නා දේවල් ගැන හැමදාමත් අපිව දැනුවත් කරන කාලින්ග අයියා ඇතුලු සියලුම ටෙක් කතා සඳහා දායක වෙන අයට මාගේ හඳ පිරි ප්‍රණාමය ගෞරවපූර්වකව පුදකරනවා. ඔබලා සියලුම දෙනාට ජයෙන් ජයවේවා

    4. Matath Google Music hamba unaa .. math US proxy use karala Invite karaa..and dain ledey thiyaney aiya kiwa vagey USA kattiyata vitharai upload karapu ewaa play karanda puluvin mang upload karaa 185songs .. ewaa mokuth play karanda baha lankawey ID ekin log unoth .. US IP ekin log unoth vitharai.. play karanda puluvin ekai ekama awula 🙁

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *