Techකතා Live: 38 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 38 වන වැඩසටහන ඔක්තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග බුද්ධික සහ තිලිණ සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුණා. අද අලුත් අමුත්තෙක් අපි එක්ක අකතු උනා, ඒ තමයි සදීප සේපාල අද ටිකක් අපි වැඩිපුර Windows Mobile හා Zune OS ගැන කතා කරා.

දැනටම Techකතා SMS සේවයට එකතුවෙලා නැත්නම් දැන්ම add ලෙස සටහන් කොට 0714712774 වෙත sms කරන්න. Techකතා පටිගත කරන වෙලාවන් වගේම වැඩසටන් නිකුත්කිරීම ගැන SMS හරහා දැනගන්න.

මෙම වැඩසටහන upload කිරීමට ටික දිනක් ගතවීම ගැන සමාව ඉලා සිටිනවා. අද Techකතා තීම් එක වෙනස්,  අපි අතරින් වියෝ උණ මිතුරු දසුන් සමීරගේ මලනුවන් (එශාන් මධීර වීරසිංහ) සිහිකිරීම පිනිසයි, මොකද ඒ මල්ලී Techකතා ආරම්භයේදී අපිට සාදාදුන් තීම් එකක්.

අද වැඩ සටහනින්…

  • තිලිණට සුභ උපන්දිනයක්.
  • Adobe AS3 වල SQL DB එකක් සම්බන්ධ කිරීම.
  • Flash for Windows Mobile
  • Windows Mobile හා Windows Zune OS ගැන.
  • Windows 7 වල winrar ගැටලුවක්.
  • හොදම වයිරස් ස්කෑනරයක්.
  • download thread ගොඩක් දාල download කිරීම යනු කුමක්ද?
  • තමන්ගේ application වලට සමාන තවත් application (Alternative Apps)
  • Windows සමාන FOSS එකක්. (ReactOS)
  • eBook නොමිලේ download කිරීම.
  • LankaBell CDMA එකකට HSDPA SIM එකක් භාවිතය.
  • Bluetooth Head Set එකක් Headset/Mic එකක් ලෙස භාවිතය.
  • Windows වල Answer File Usage (MS HelpnLite)
  • Nokia 5610 දුරකතනයේ Display ගැටලුව.
  • Folder Option වල show all files නොපෙන්වීම.
  • Blog එකට අලුත් තීම් එකක් දැමීමෙන් පසුව comment වැඩ නොකිරීම.
  • 500W power supply එකක් එක්ක 600VA UPS එකක් භාවිතය.
  • Nokia E51 එකට සිංහල දැමීම.
  • Motorola phone වල දුවන OS එක Linux ?
  • Google Android OS ගැන.
  • 110v Router එකක stepdown transfomer එකක් භාවිතය ගැන.
  • ATI VGA Card එකකට driver දැමීමේ ගැටලුව. (ATI VGA Driver Download)
  • Cisco System කියලා තියන device එක මොකද්ද ?
  • Computer එක නිතර format කිරීම.
  • NFS Shift start කිරීමේදී d3dx9_41.dll නෑ කියා එන ගැටලුව.
  • eBay එකන් Laptop එකක් මිලදී ගැනීම හා shipping.
  • km 5~6 වැඩකරන FM Transmitter එකක් සෑදීම.
  • Firefox වල එන rss reader එකක් වගේ එකක් Chrome වලට දැමීම.
  • Web Proxy එකකින් කරන්න පුලුවන් මොනවද ?
  • Non Genuin Windows update කල විට slow වෙනවාද ?
  • Techකතා iPod/iPhone වල.
  • LCD, Plasma, DLP, OLED වලින් හොදම මොකද්ද ?
  • Taskmanager එකේ username එක නොපෙන්වීම.
  • LCD වල මිල ‍හා dead pixel / Defective pixels ගැන.
  • Themes දැම්මහම computer slow වෙනවද ?
  • රලු බාවිතයට සුදුසු ලැප්ටොප් එකක්.
  • Torrent film DVD වලට write කිරීම.
  • VirtualBox Install කරනකොට එන error එක.
  • Sinhala Unicode ලිපියක් PDF කිරීම.
  • HSDPA භාවිතා කරනකොට Network Instrusion කියල Kaspersky දෙන error එක.
  • Timestopper ගැන.
  • Domain එකක් ගන්න ලාබදායි විදි.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP38/Techkatha-EP38-64kbps.mp3]

    [Download MP3 (44MB) or Ogg (52MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (8MB)]

  • 10 thoughts on “Techකතා Live: 38 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්”

    1. hi
      UPS problem aka gana 600va kiyanne 360watts.
      VA (apparent power) is the vector sum of the Watts (true power) and the Vars (reactive power) drawn by an inductive or capacitive load.
      Power factor represents the percentage of the volt-amps that is watts (real power, or energy actually converted by the load).

      Many UPS manufacturers assume the load Power Factor to be 60% for lower rated units, and 80% for their larger rated units

      600 va X .6 = 360 watts

    2. හරි ඩවුන්ලෝඩ් කර ගත්ත 🙂 ගොඩක් ස්තූතී..

      කාට හරි කියන්න පුළුවන්ද Sinhala Unicode ලිපියක් PDF කිරීමට පොඩි මෘදුකාංගයක්?

      තව දෙයක්.. කාලිංග අයියෙ.. free දෙන .tk domain එකේ URL Forwarding විතරයි නේද පුළුවන් DNS සැකසුම් ගන්න මතක විදියට $6 ක් වැනි මුදලක් ගෙවන්න ඕන. ඒක නිසා පුරැදු වෙන කෙනෙක්ට free දෙන co.cc domain එක ගත්තොත් හොඳයි කියල තමයි මට හිතෙන්නෙ.

    3. මම තාම ටෙක්කතා ඇහුවෙ නැහැ ( අද වැඩ ඇරිල ගෙදර යන ගමන් අහනවා 🙂 ). ඒත් LCD වල dead pixels / Defective pixels රෙපයාර් කරන විදිහ ගැන පීසී වර්ල්ඩ් මැගසින් එකේ ලිපියක් තිබ්බා. පොඩ්ඩක් ප්‍රයෝජනවත් වේයිද කියල බලන්න.

      http://www.pcworld.com/printable/article/id,170549/printable.html

      ජය වේවා

    4. @ KaniRockz

      Primo Pdf පාවිච්චි කරන්න.www.primopdf.com
      meka pdf printer akak vidihatai install wenne.meken puluwan image unath pdf vidihata print karanna.E-book also

      enjoy

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *