ටෙක්කතා සමූහයන් සඳහා ආචාර ධර්ම

Techකතා මේ වන විට ශ්‍රී ලංකාවේ සෑහෙන්න පිරිසක් අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ නිසාවෙන්ම ටෙක්කතා ගූග්ල් සමූහයේ සාමාජික සංඛ්‍යාවත් එන්න එන්නම වැඩි වන අතර ටෙක්කතා පටිගත කිරීම අතරතුර සජීවී චැට් සංවාදයට එක්වන පිරිස ද ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙනවා. වැඩිවන සාමාජික පිරිස සමග ටෙක්කතා හි ගුණාත්මක භාවය හොඳ මට්ටමක පවත්වා ගැනීම සඳහා අප අදහස් කලා ටෙක්කතා ගූග්ල් සමූහය, Facebook සමූහය, Whatsappp චැට් සංවාදය සඳහාත් ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙන්න.

ටෙක්කතා ගූග්ල් හා ෆේස්බුක් සමූහය හා/හෝ චැට් සංවාද මණ්ඩපය භාවිතා කරන සියලු දෙනා මේ ආචාරධර්ම පද්ධතියට අනුකූල විය යුතු බව අවධාරණය කරන අතර එසේ නොමැති අය අනතුරු හැඟවීම් සහිතව හෝ රහිතව ගූග්ල් හෝ ෆේස්බුක් සමූහයෙන්/චැට් සංවාදයෙන් අකමැත්තෙන් වූවද ඉවත් කිරීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න.

ටෙක්කතා ගූග්ල්/Facebook/Whatsapp සමූහ සඳහා ආචාර ධර්ම

පැනයක් ඇසිය යුතු ආකරය:

  • පැනයක් අසන විට එය විස්තරාත්මකව ඉදිරිපත් කල යුතුය. උද: “ඇන්ඩ්‍රෝයිඩ් දුරකතන බාවිතා කරන අය ඉන්නවාද?” යනුවෙන් නගන පැන, ප්‍රෂ්ණය ලෙස සලකන්නේ නෑ වාගේම, මෙම පැන සමූහයෙන් ඉවත් කරනු ඇත. පැනය ඇසිය යුත්තේ පිලිතුරු දෙන අයට පහසු වෙන ආකරයට. උද: “ඇන්ඩොයිඩ් (Galaxy Nexus) දුරකතනයේ wifi සම්බන්ද කරන්නේ කොහොමද මගේ පරිගනකය සමග, මගේ පරිගනකය Acer X123 වන අතර එය Windows 7 දාවනය වේ.”

කල යුතු දේ

  • Plain text ආකාරයට සමූහය වෙත ලිපි එවීම (මෙය අත්‍යාවශයෙන්ම සිදු කල යුත්තකි)
  • අවශ්‍ය විටෙක සිනහ මුහුණු (smileys) භාවිත කල හැක
  • හැකි සෑම විටකම සිංහල යුනිකෝඩ් භාවිතයෙන් ලිවීම. නමුත් ඉංග්‍රීසියෙන් ලිවීමද ගැටලුවක් නොවේ.
  • ලිපියකට පිලිතුරු දීමේදී තම පිලිතුරට විෂය නොවන කොටස් (ඊටත් කලින් ලිපියකින් ඒ ලිපියට එක් වූ කොටස්) ඉවත් කිරීම
  • අන් සාමාජිකයන්ට ආචාරශීලීව කතා කිරීම හා ගරු කිරීම
  • පැනයක් අසන විට ගැටලුව විස්තරාත්මකව ඉදිරිපත් කිරීම.
  • ඊමේල් එකේ මාතෘකාව (subject) ගැටලුවට අදාල වන පරිදි, කියවන්නාට ගැටලුව පිලිබඳ අදහසක් ගතහැකි වන පරිදි යෙදීම.
  • සිංහල බ්ලොග්කරණය සම්බන්ධ ගැටලුවක් නම් එය සිංහල බ්ලොග්කරුවන්ගේ ගූග්ල් සමූහය වෙත ඉදිරිපත් කිරීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.
  • උපුටාගැනීමක් කරනවානම් එම උපුටාගැමීම කල තැන සදහන් කිරීමට කාරුණික වන්න.

නොකල යුතු දේ

  • පරිගණක, ඉලෙක්ට්‍රොනික, අන්තර්ජාල, තාක්ෂණික දෑ හෝ ජංගම දුරකථන තාක්ෂණයන්ට පරිබාහිර වෙනත් දේ ගැන කතා කිරීම.
  • තාක්ෂණය නොවෙන දෑ කතා කිරීම.
  • සමූහය වෙත එවන ලිපි වල අකුරු වර්ණ ගැන්වීම හා විශාල කරන ලද අකුරු භාවිතය.
  • විශාල ප්‍රමාණයේ Email Signature භාවිතය.
  • අපැහැදිලි ලෙස, කැඩුනු බසින් ලිපි ලිවීම.
  • සියල්ල කැපිටල් අකුරු වලින් ලිවීම.
  • ඉක්මනින් පිලිතුරු ඉල්ලා සිටීම, විශේෂිත පුද්ගලයෙකුගෙන් පමණක් පිලිතුරු ඉල්ලා සිටීම, විශේෂිත භාෂාවකින් පමණක් පිලිතුරු ඉල්ලා සිටීම.
  • තමන්ට පුද්ගලිකව පිළිතුරු දෙන ලෙස ඉල්ලා සිටීම.
  • කෙදිරි ගෑම, නහයෙන් ඇඩ්ම.
  • අසභ්‍ය/පරුෂ වචන භාවිතය (මෙහි අසභ්‍ය/පරුෂ වචන යනු සමාජයේ වැදගත් කතාබහක දී භාවිතා කල නොහැකි ඒවාය. “උඹ” “බං” “අඩෝ” “යකෝ” “තෝ” ආදියද ඊට ඇතුලත්ය) (“මචං” භාවිතය ගැටලුවක් නොවූවද මෙහිදී ඇමතුම ලබන්නාගේ වයස හා තරාතිරම සලකා බලන්නේ නම් මැනවි)
  • පෞද්ගලිකව පරිභව කිරීම, අපහාස කිරීම, ආචාරශීලී නොවන අන්දමින් සංවාද කිරීම.
  • සංවාදයක් අතර මැද දී එම සංවාදයට අදාල නොවන ප්‍රශ්න නැගීම.
  • Pirate software cracking, patching කරන ආකාරය සාකච්ඡා කිරීම, එබඳු දේ සඳහා ලින්ක්ස් පලකිරීම, සමූහය හරහා අන් අයගෙන් ඒවා ඉල්ලීම. (Techකතා හි ප්‍රතිපත්තියක් ලෙස  කිසිදු අනවසර මෘදුකාංග (pirate software) භාවිතයක් සඳහා දිරිගැන්වීමක් හෝ සහායයක් නොදක්වයි.)
  • හැක් කිරීම,  උපකාර කිරීම, හැක්කින් software හෝ  එවැනි අනුන්ට කරදර වෙන, දත්ත සොරාගන්න ක්‍රම ගැන කතා කිරීම, උපකාර ඉල්ලීම.
  • බොරු/නොමග යවන පිලිතුරු දීම.
  • කිසියම් කෙනෙකුගේ අයිතියක් පවතින, copyright නීතී කඩකර ලෙස හැසිරීම, ලින්ක් පලකිරීම හෝ ඉල්ලීම.
  • වෙලඳ දැන්වීම් පලකිරීම/අඩවි ප්‍රචාරය කිරීම.
  • අන්තර්ජාල මුදල් ඉපයීම් ගැන හෝ මුලික අරමුණ ස්පෑම් අඩවි ඔස්සේ මුදල් ඉපයීම වැනි, වෙළද දැන්වීම් බැලීමෙන් මුදල් සෙවීම, අඩවි වලට ලින්ක් දැමීම වැනි ක්‍රම ගැන කතාබහ කිරීම. (මෙම තීරණය ගෙන ඇත්තේ Techකතා සාමාජිකයන් නොමග යවන දෙවල් වලින් ආරක්ෂා කිරීමට බව සලකන්න.)
  • චායාරූප අමුනා පැන අසන විට අදාල පැනය විස්තර කිරීමට උපකාරී නොවෙන ලෙස චායාරූප ඇතුලත් කිරීම.
  • එකම පැනය නැවත, නැවත යොමු කිරීම. පැනයට පිලිතුරක් නොලැබෙන්නේ ඒ ගැන නොදන්නා නිසා වෙන්න පුලුවන්.
  • “bump” ගැසීමට.
  • නොමග යවන ලෙස දැන්වීම් පලවන url වෙත හෝ එම ක්‍රම යොදාගන්න adf.ly වැනි සේවා වල ලින්ක් දීම.

මෙම නොකල යුතු දේ කරන අය පිලිබඳ තීරණ ගැනීම හා ක්‍රියාවේ යෙදවීම ගූග්ල්/facebook සමූහයේ කළමණාකරුවන් සතු වන අතර අවවාද දීමක් හෝ සමූහයෙන් පහකිරීමක් සිදුකල හැකිය.

ටෙක්කතා චැට් සංවාද මණ්ඩපය සඳහා ආචාර ධර්ම

කල යුතු දේ

  • පෞද්ගලික දෙයක් (download link එකක් වැනි) පැවසීම සඳහා අදාල පුද්ගලයා සමග private chat එකක් ආරම්භ කිරීම
  • අන් සාමාජිකයන්ට ආචාරශීලීව කතා කිරීම හා ගරු කිරීම.
  • පැනය හෝ සංවාදය එක පනිවිඩයකින් type කර එවීම.

නොකල යුතු දේ

  • වෙලඳ දැන්වීම් පලකිරීම.
  • ටෙක්-කථිකයන්ගේ හා අනිත් අයගේ අවධානය දිනාගැනීම සඳහා එකම ප්‍රශ්නය දිගින් දිගටම copy-paste කිරීම.
  • අසභ්‍ය/පරුෂ වචන භාවිතය (මෙහි අසභ්‍ය/පරුෂ වචන යනු සමාජයේ වැදගත් කතාබහක දී භාවිතා කල නොහැකි ඒවාය. “උඹ” “බං” “අඩෝ” “යකෝ” “තෝ” ආදියද ඊට ඇතුලත්ය) (“මචං” භාවිතය ගැටලුවක් නොවූවද මෙහිදී ඇමතුම ලබන්නාගේ වයස හා තරාතිරම සලකා බලන්නේ නම් මැනවි)
  • අන් අයට කරදරයක් වන අයුරින් චැට් රූම් එකේ හැසිරීම
  • Emoji පමණ එවීම.
  • එකම දේ නැවත් නැවත දැමීම.

මෙම නොකල යුතු දේ කරන අය පිලිබඳ තීරණ ගැනීම හා ක්‍රියාවේ යෙදවීම චැට් රූම් එකේ ක්‍රියාකරුවන් (channel operators) සතු වන අතර අවවාද දීමක් හෝ චැට් රූම් එකෙන් පහ කිරීමක් (kick) සිදුකල හැකිය.

 

One thought on “ටෙක්කතා සමූහයන් සඳහා ආචාර ධර්ම”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *