ඔන්න Techකතා තෙවන වැඩසටහනටත් ආවා. ලොකු දුරක් ඉතාම කෙටි කාලයකින් ආවා කියලා හිතෙනවා. ඒ වගේම 13 වන සිකුරාදා තමයි Techකතා පටිගත කිරීම ආරම්භ කරේ. ඉවර වෙනකොට නම් සෙනසුරාද උදේ 1 වෙලා. මොකද අපේ කන්ඩායම ගොඩක් කාර්ය බහුල වෙලා දවල් කාලයේ, ඉතින් මුනගැහුනේ රෑ වෙලා. සමහර අය ආවෙම නෑහැ. ඒ අය සුපුරුදු පරිදි අපි Skype මගින් සම්බන්ධ කරගත්තා. මොකක්ද මේ කාර්ය බහුල වෙන්න හේතුව? පෙබරවාරි 14 සමරන්න ලක ලැහැස්ති වීම තමයි හේතුව. කාලිංග, තිලිණ සහ බුද්ධික තමයි කලින් ඇවිත් උඩ බලාගෙන හිටියෙ 😀
අද වැඩසටහනේ දී Windows සමග ඇතිවන සිංහල යුනිකෝඩ් ගැටලු සම්බන්ධව අදහස් දැක්වීමට දසුන් සමීර ආරාධිත අමුත්තෙකු ලෙස සහබාගි වෙනවා. මෙවර වැඩසටහන අපේ පසුගිය වැඩසටහන් හා සැසදීමේදී තරමක් දිග වැඩසටහනක්. මන්දගාමී අන්තර්ජාල සම්බන්ධතා ඇති අපේ හිතවතුන් සදහා අඩු ශ්‍රවන තත්වයක් යටතේ කොටස් දෙකක් ලෙස සම්පූර්න වැඩසටහන ඩවුන්ලෝඩ් කිරීමේ පහසුකම ද සුපුරුදු පරිදි අපි ඔබ වෙත ගෙන එනවා.
මෙන්න අද වැඩසටහනේ ඇතුලත් කරුනු….
- MySQL Error: can’t connect to the MySQL Server. (උපකාරක පුරුක)
- Apache Tomcat issue (උපකාරක පුරුක 1, උපකාරක පුරුක 2)
- Mandriva Linux 2009 මත Sinhala Unicode ස්තාපනය කිරීම (උපකාරක පුරුක 1, උපකාරක පුරුක 2)
- Ubuntu CD නොමිලේ ලබාගැනීම (උපකාරක පුරුක)
- Mailing List සහ Forum භාවිතයේදී සැලකිලිමත් විය යුතු දෑ
- Free domain එකක් WordPress සමග නොමිලේ දෙන hosting සේවාව සමග භාවිතා කිරීම
- Linux Mint ගැන හැදින්වීමක් සහ ස්තාපනය (උපකාරක පුරුක)
- Web development සදහා ලිනක්ස්.
- ලිනක්ස් ස්තාපනයේදී සැලකිලිමත් විය යුතු දෑ
- Software engineer කෙනෙකු වීමට මග පෙන්වීමක් සහ අපේ අත්දැකීම්
- Programming language එකක් ලෙස ජාවා ඉගෙනීම (උපකාරක පුරුක1, උපකාරක පුරුක2, උපකාරක පුරුක3)
- 3G Mobile Phone එකක් අන්තර්ජාලයේ සැරිසැරීමට භාවිතා කිරීම සුදුසුද?
- USB pen drive සමග පැනනගින ගැටලු
- ඉලෙක්ට්‍රොනික උපකරන මිලදී ගැනීමේදී සැලකිය යුතු දෑ
- Dual Layer සහ 4.7GB DVD
- CD එකකට 700MB වඩා Data දැමීම (උපකාරක පුරුක)
- Huawei E220 මොඩම් එක Unlock කිරීම (උපකාරක පුරුක)
- Skype call එකක් පට්ගත කිරීම (VoiceMail) (උපකාරක පුරුක)
- Techපුවත්: Kindle 2 Ebook කියවනය (උපකාරක පුරුක)
- Techපුවත්: Unix Time එක 1234567890 ලෙස දිස්වීම (උපකාරක පුරුක)
- Techපුවත්: A/L සදහා ICT විෂයක් ලෙස හදුන්වා දීම
- Techපුවත්: සිංහල Firefox 3.1 (උපකාර පුරුක)
- Techපුවත්: WordPress 2.7.1 සිංහල අනුවාදය (උපකාර පුරුක)
- Sinhala Unicode Help: දසුන් සමීර සමග සංවාදය
- Sinhala Unicode Help: Windows XP SP3 සිංහල ගැටලුව. (උපකාරක පුරුක 1, උපකාරක පුරුක 2)
- Sinhala Unicode Help: සිංහල යුනිකෝඩ් ස්තාපනය සහ සිංහල යතුරු පුවරු (විජේසේක යතුරු පුවරුව, සිංහල යතුරු පුවරු, සිංහල ස්තාපනය)
- Sinhala Unicode Help: Google Chrome මත සිංහල ලිවීමේදී ඇතිවන ගැටලුව (Chrome Channel Selector)
- Sinhala Unicode Help: Windows 7 සිංහල සහාය
- Gameකාමරය: කොපි කරන ලද Game CD Windows Vista මත භාවිතය
- Gameකාමරය: Network Games අන්තර්ජාලය හරහා ක්‍රීඩා කිරීම (උපකාර පුරුක1, උපකාරක පුරුක2)
- Gameකාමරය: ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සම්බන්ධතා සමග Network Games භාවිතා කිරීමේ ගැටලු
- Techකතා වෙනුවෙන් අපි ඔබෙන් බලාපොරොත්තු වන උපකාර
දිගටම කියවන්න Techකතා තුන්වන වැඩසටහන, පැන-විසදුම් සහ සිංහල යුනිකේත සම්බන්ධ ගැටලු…
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen