Techකතා 88වන වැඩසටහන 2011 ජුලි මස 15වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා Techකතා වල පලමු Tech කතිකාවිය වන දීපිකා (deeps) අප සමග Skype හරා සම්බන්ද විය.. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.
අද වැඩසටහනින් පැන වගේම Google+ vs Facebook, Best Virus Scanner, Best way to install a Computer, IPV6 වගේ විවිද දේවල් ගැන කතා කරා. මේ වෙනකොට Techකතා Magazine එක බැලුවේ නැත්නම් මතක ඇතුව බලන්න. 88වන වැඩසටහනින් කතා කරන්න ඕනේ මොනවා ගැනද කියා අපේ Facebook Group එක හරහා අපි ඇසූ විට අපිට කියන්න. අලුත් Techකතා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂
ශ්‍රි ලංකාවේ අන්තර්ජාල බාවිතා කරන්නන්ගේ සංසදයට අදම එකතුවෙන්න.
Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (5.2MB)]
දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා. නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.
ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen