Techකතා 50වන වැඩසටහන 2010 ජනවාරි මස 28 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා සදීප ස්කයිප් හරහා සම්බන්ධ වූ අතර සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.
ඒ අතර, වැඩසටහන අතරතුරේදී මයික්‍රෝසොෆ්ට් සමාගමේ වෙලින්ටන් සහ දසුන් සමඟද කතා කරන්නට හැකියාව ලැබුනා.
ඉතින් මෙන්න අප ඔබට දෙන තෑගි
1. අධ්‍යාපනික ශිෂ්‍යත්ව 2ක් (O/L, A/L හෝ විශ්ව විද්‍යාල සිසුන්ට)
2. Windows 7 Ultimate Genuine OS එකක්.
3. .NET ගැන ලියවූ පොත් තුනක්.
තෑගි දෙන්නේ කවුද ?
එක් ශිෂ්‍යත්වක් ලබා දෙන්නේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ වෙලින්ටන් පෙරේරා මහතා විසිනි (පුද්ගලික මුදලින්). අනිත් ශිෂ්‍යත්වය Techකතා කණ්ඩායමෙනි. ඉතුරු තෑගි සියල්ල Microsoft Sri Lanka .NET Forum වෙතිනි.
තෑගි ගන්නේ කෙසේද?
ඔබට මෙම තෑගි ලැබිය යුත්තේ ඇයි කියා අපට [email protected] වෙත ඊමේල් එකක් එවන්න. හැබැයි පෙබරවාරි 18 වෙනිදා රෑ12ට පෙර එවිය යුතුයි. වැඩි විස්තර සදහා අද වැඩසටහනට සවන්දෙන්න.
අද වැඩසටහනින්…
- [07:53] TV එක දැමූවිට computer එක restart වීම.
- [11:26] Live Audio Stream කිරීම.
- [13:06] eBay එකෙන් අපි ගන්න දේවල් අපිට ලැබෙන්නේ කෙසේද?
- [16:09] P4 පරිගනකය off වීම හා CPU එක රත්වීම.
- [17:38] Dual Channel RAM ගැන හා නොගැලපෙන RAM
- [21:44] ZTE MF628 මොඩමය Unlook කිරීම.
- [23:02] Apple iPad – Tablet එක ගැන. (නිවැරදි කිරීමක්, ඇමරිකාවේ AT&T සමාගම බාවිතා කරනේ ලංකාවේ බාවිතා කරන සංඛ්‍යාතමය. T-Mobile සමාගම බාවිතා කරනේ වෙනත් non-standerd සංඛ්‍යාතමයන්ය.)
- [27:34] Memory අඩුවෙන් බාවිතාවෙන Antivirus එක.
- [31:23] HP Laptop එකක KLite Code pack එක වැඩ නොකිරීම.
- [32:49] Audio Sandbox එකක් යනු කුමක්ද?
- [33:43] Dialog SAT එකක් පිටරට ගොස් නැරබීම. (උපකාරක පුරුක, උපකාරක පුරුක 2)
- [35:52] Outlook වලට සමාන OpenSource විකල්ප. (Thunderbird – Evolution)
- [37:31] වෙලින්ටන් පෙරේරා මහතා සමග පිලිසදරක්.
- [53:09] GPA එක අඩුනම් රැකියාවට යන එක ගැටලුවක් ද?
- [55:26] Online Radio පටිගත කිරීම.
- [56:18] eBay එකෙන් ගත්ත USB HDD එකක් ගැටලුවක්.
- [1:00:17] දසුන් සමීර සමග cPlus සගරාව ගැන පිලිසදරක්.
- [1:08:43] HTC Windows Mobile එකකකට සිංහල දැමීම.
- [1:10:10] iPhone වලට සිංහල යුනිකෝඩ්
- [1:11:39] XP, Vista, Ubuntu ඇති පරිගනකයටකට Vista මකා Windows 7 දැමීම.
- [1:12:19] PHP වලින් email read කිරීම.
- [1:13:30] Windows 7 වල Bluetooth icon එක නැතිවිම.
- [1:15:41] bluesoleil හා windows 7
- [1:16:18] Sony Ericsson වලට Software එක දැමීම.
- [1:17:47] HDD එකක් Partition කිරීමේ වැදගත්කම.
- [1:18:23] Office 2010 64bit එක 32Bit OS එකක දැමීම.
- [1:19:10] CPU-Z වලින් RAM වේගය බලාගැනීම. (RAM තොරතුරු ලබාගැනීම)
- [1:20:27] පරිගණකයක් සෑදීමේදී RAM, CPU, Motherboard තේරීම.
- [1:22:48] Nokia Phone එකක ලැබෙන සිග්නල් අනුව වේගයන් වෙනස්වීම.
- [1:25:22] ZTE ADSL Modem එක Windows 7
- [1:26:05] web site වල www තියෙන්නෙ ඇයි?
- [1:29:01] Windows 7 Starter හි මිල.
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (7.5MB)]
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen