Techකතා EP186 – Intel CPU bug, Mirrorless DSLR, Banking

Techකතා වලින් අද අපි කතාකරනේ, ඉන්ටෙල් හා අනිත් CPU වල ඇති spectre and meltdown security ගැටළු, ලංකාවේ බැංකු හා මොබයිල් බැංකු සේවා, ජපන් වාහන වල සෙටප් ගැලවීම, වගේම මිරර්ලස් කැමරා ගැන.

 

Download MP3 or OGG. Play in Soundcloud

13 thoughts on “Techකතා EP186 – Intel CPU bug, Mirrorless DSLR, Banking”

  1. Techකතා අංක 40 ගණන් වල ඉඳන් අහපු කෙනෙක් මම. බොහොම සතුටුයි නැවත Techකතා පටන් ගත්ත එක ගැන. මේ යන format එක හොඳයි. අර කිව්වත් වගේ අලුත් නිව්ස් හොඳ ඒව කතා කලාට කමක් නෑ ඒත් අලුත් නිව්ස් වලට වඩා තියෙන දේවල් වල reviews කරන එක වඩා හොඳයි. එදිනෙදා ජීවිතේ පහසු කරගන්න තාක්ෂණය භාවිතා කරන්න පුළුවන් අවස්ථා ගැන වැඩියෙන් කතා කරන්න පුළුවන් නං වඩා හොඳයි.

    ඒ වගේම අද කතා කළා වගේ තාක්ෂණය භාවිතා කරන්න තියෙන බාධක වගේම ඒවට ගේන්න පුළුවන් විසඳුම් එහෙමත් කතා කරන්න පුළුවන් නං හොඳයි. මෙතන කතා කරන ඔයාල හැමෝම දැන් අවුරුදු ගණනාවක IT field එකේ experience තියෙන අය වගේ දැන් පරිණත අය. ඔයාලට පුළුවන් මේවට විසඳුම් යෝජනා කරන්න. ඇත්තටම විසඳුම් වලටත් වඩා මේ බාධක කඩන්න මොනවද කරන්න ඕන කියල හොයන්න පුළුවන් නං තවත් හොඳයි.

    මීට අමතරව තාක්ෂණය නිසා ඉදිරියෙදි සාමාන්‍ය ජන සමාජයට වෙන්න පුළුවන් වෙනස්කමුත් කතා කරමු. විශේෂයෙන් හැමදෙයක්ම automate වෙන යුගයක AI පුදුමාකාර වේගයකින් දියුණු වෙන ලෝකෙක මිනිස් ශ්‍රමයට මොකක් වෙයිද කියන එකත් කතා කරමු. AI military purposes වලට දැනටමත් පාවිච්චි වෙන්න අරන්. මේවයින් වෙන්න පුළුවන් අතුරුඵල ගැනත් පුළු පුළුවන් විදිහට කතා කරමු.

    මුල් වැඩසටහනෙදි කතා වුණා වගේ IoT ගැනත් කතා කරන්න. ඒක දැන් major field එකක් වෙලා. Autonomous vehicles ගැනත් ටිකක් කතා කරන්න පුළුවන් නං හොඳයි. මොකද මම දැක්කා Tesla කීපයක්ම කොළඹ තියෙනවා.

    තාක්ෂණය ලංකාවට ඉතා වේගයෙන් එනවා. ඒත් regulatory bodies ඒවා embrace කරන speed එක හොඳටම මදි. ඒකයි ප්‍රශ්නෙ. තව දේවල් ඔළුවෙ තිබුණා කියන්න ගිය සතියෙ ඉඳන්. දැන් ඔළුවට ආපු කීපයක් තමයි කිව්වෙ. මතක් වෙන වෙලාවට කොටල යන්නම්. අපි අහනවා දිගටම කරගෙන යන්න. ජය වේවා!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *