Microsoft විසින් github මිලදී ගැනීම, git හා version control ගැන. takas.lk credit card save කිරීම හොතොත් tokenize කරන ආකාරය හා ලංකාවේ payment gateway වල දුර්වල කම්, e-commerce වලට IPG වල වැදගත් කම. e-waste කළමනා කරණය, වගේම apple හි WWDC 2018 ගැන.
මතක ඇතුව share කරන්න 🙂
Listen on SoundCloud
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
https://www.google.lk/url?sa=t&source=web&rct=j&url=https://prezi.com/&ved=2ahUKEwivtInnzL_bAhXIUrwKHYVcAKAQFjAAegQIBRAD&usg=AOvVaw0zf-a75Y5jQMKK8PDCLxSv
Precentation walata meka hodai aiye
අන්තර්ජාලය හරහා සිදුකරන මූල්‍ය ගෙවීම් පිළිබඳව ලංකාවේ මිනිසුන් අතර තවමත් හරි විශ්වාසක් ගොඩ නැඟී නොමැත. අනිත් කාරණය නම් එලෙස ගෙවීම් කරන ප්‍රමාණය අඩු නිසා මූල්‍ය ආයතන එම කටයුතු දියුණු කිරීමට වැඩි උනන්දුවක් නොදැක්වීම.
අද වන විට අන්තර්ජාලය භාවිතාකරන පිරිස 100ක් ලෙස ගතහොත් ඉන් හරි අඩකටත් වඩා අඩු පිරිසක් තමයි අන්තර්ජාලය හරහා ගෙවීමක් කිරීමට තරම් පිරිසක් ඉන්නේ ඒ අතරිනුත් එලෙස ගෙමීමක් කිරීමට බියසැක නැතිව ඉදිරිපත් වන්නේ ඉතා සුලු පිරිසකි.
මේ නිසා මූල්‍ය ආයතන මේ පිලිබද වැඩි උනන්දුවක් දක්වනවා නොවන්නට පුලුවන්.
කාලිංග අයියා කියපු විදියට බැංකු ආයතන මඟින් ඒගැන වැඩි උනන්දුවක් නොදක්වන්නේ ඒ නිසා විය හැකියි නේද?…
ඔවු, කතාව හරි. නමුත් මේක කුකුලද ? බිත්තරයද ? කියන එකක්. ඒක නිසා කවුරුහරි ඒවා බාවිතා කරන්න පහසු කම් දෙන්න ඕනෙ. එතකොට මිනිස්සු බාවිතා කරනවා.
අනිවාර්යයෙන් අයියේ මම හිතන්නේ අපේ රටේ රාජ්‍ය හා පෙෳද්ගලික කියන දෙපක්ෂයට ම අදාල බැංකු වලින් ජනතාවට හරිහමන් අවබෝදයක් ලබාදීමේ වැඩලිළිවෙලක් ක්‍රියාත්මක උනානම් හොඳයි කියල
සාම්ප්‍රදායික ක්‍රමය තුල හිරවෙලා ඉන්න ජනතාවට තාක්ෂණික නැඹුරුවක් පිළිබඳව අවබෝදයක් ලබාදීමට උනන්දුවක් ඇතිකරවන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවනම් ඇත්තටම හොඳයි
3% පාරිභෝගිකයන් ගෙන් අයකරගැනීම නීති විරෝධී කටයුත්තක් ඇත්තටම එලෙස අයකරගැනීම බොහෝ ආයතන සිදු කරයි බුද්දික අයිය කිව්ව වගේ මෙට්‍රොපොලිටන් , ඩයල්කොම්, ටෙක්සෝන්, බාර්ක්ලීස්, වැනි මෙකී නොකී බොහෝ ආයතන භාණ්යේ වටිනා කමට 3%ක් එකතු කර මුදල් අයකර ගනී.
මෙලෙස මොවුන් අයකරගනු ලබන්නේ ගොඩයන්ට මැජික් තියරිය අනුගමනය කරමින්ය.
පාරිභෝගිකයන් බහුතරයක් මෙය අයකරගැනීම පිලිබද දැනුවත් නැති කම ප්‍රයෝජනයට අරගෙන තමයි මේ අය මේ වැඩේ කරන්නේ
මේකට ප්‍රධාන හේතුව නීති පිළිබඳ ඇති දැනුවත් කම සමාජය තුල අල්ප වීමයි
මෙලෙස අයකරගැනීම නීති විරෝධී බව දන්වා අප කතාකරන අවස්ථා වන්හිදී ඔවුන් 3% නොමැතිව ගෙවීමට එකඟ වන අතර එලෙස සිදු කරන්නේ එය අය කරගැනීම නීති විරෝධී බව ඔවුන්ද හොදාකාරවම දන්නා බැවිනි.
කාලිංග අයියා කිව්වා වගේ මේ ආයතන බොහෝමයකට කාඩ්පත් ගෙවීම් පහසුකම ලබා ගැනීමේදී 3% ට වඩා අඩු ගණනකට මේ සේවාව මූල්‍ය ආයතන මඟන් ලබා දේ මෙය මා අත්දැකීමෙන් දන්නා කරුණකි.