Techකතා Live:100 වන වැඩසටහන.

Techකතා 100වන වැඩසටහන 2011 ඔක්තෝම්බර් 14වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ, බුද්දික, හර්ෂදේව, සමන්, ඉන්ද්‍රනාම හා ස්කයිප් හරහා දීපිකා  හා සදීප සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

Image by Hameedul Aqeel

 Techකතා 100වන වැඩසටහන දක්ක්වා අපිත් එක්ක රැදීසිට අපි දිරිගැනිවූ අපේ අසන්නන් හට අපේ ස්තුතිය. 

අද වැඩසටහනින්…  (ස්තුතිය සවිත්ට)

  • [02:13] Techකතා ගැන…
  • [15:41] ADSL 2Mbps සබදතාවයක අවම වශයෙන් 1Mbps වේගයක් ලැබෙනවාද ?
  • [17:50] ADSL සබදතාවයේ වේගය අඩුනම් මොකද කරන්නේ ?
  • [19:10] ටෙක් කතා සාමාජිකයන් ස්කයිප් හරහා වැඩසටහනට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?
  • [20:15] ‘Techකතා’ නම හදපු හැටි..
  • [21:38] Podcast එකක් පටන් ගන්නෙ කොහොමද ?
  • [22:27] මිලදී ගැනීමට හොද Tablet PC එක මොකක්ද ?
  • [24:32] TK සජීවී ව විකාශනය කෙරෙන්නේ කොහොමද ?
  • [25:23] Acer හොද බ්‍රෑන්ඩ් එකක් ද ?
  • [27:57] ලංකාවට එන ලැප්ටොප් වල ගුණාත්මකභාවය අඩු ඇයි ?
  • [29:16] TK මුල් කාලයේ වැඩසටහන්වල Android වර්ණනා නොකලේ ඇයි ?
  • [29:57] අලුත්ම සොෆ්ට්වෙයාර් සහ ගැජට් ලබාගැනීම අත්‍යවශ්‍යද ?
  • [31:48] Mysql Database වල primary key එකක දත්ත ප්‍රමාණය ඉක්මවා යා හැකිද ?
  • [33:07] iOS 5 සහ Siri ගැන..
  • [35:47] විවිධ Database වර්ග පිළිබදව..
  • [36:36] Win 7 Ad hoc network එකට ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් සම්බන්ධ නොවීමේ ගැටලුවක්.
  • [37:55] Java application එකක් ඕනෑම platform එකක වැඩ කරනවාද ?
  • [39:44] ලබාගත් ඇමතුමක පටිගත කෙරුනු ගොනුව අදාල දුරකතන සමාගමෙන් ලබාගත හැකිද ?
  • [40:43] Gaming වලට හොදම CPU එක මොකක්ද ?
  • [42:21] 7.1 සවුන්ඩ් සිස්ටම් එකක් ගෙදරදීම සාදාගත හැකිද ?
  • [44:58] ISP ට ටොරන්ට් ෆිල්ටර් කරන්න පුලුවන්ද ?
  • [45:17] Ubuntu වලට වෛරස් ගාඩ් අවශ්‍යද ?
  • [45:43] ලංකාවේ ඒක පුද්ගල ආදායමට මෘදුකාංග වල මිල ගැලපෙනවාද ?
  • [48:20] සරල ගැටලුවලට තනිවම විසදුම් සෙවීමට උත්සාහ කිරීමෙන් දැනුම වැඩිකරගත හැකියි.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.4MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

18 thoughts on “Techකතා Live:100 වන වැඩසටහන.”

  1. ඇත්තටම අපිටත් හුගාක් සතු‍ටු දවසක්…මොකද වැඩසටහන් 100 යම ඇසූ කෙනෙක් විදියට මම දැනුම් සම්භාරයක් එකතු කර ගත්තා…100 වැනි වැඩසටහන මෙන්ම තවත් වැඩසටහන් 1000 දෙන්න මෙන්න මගෙන්
    උණුසුම් සුභ පැතුම්!!!!

  2. ගොං ගෑනු කියන්න එපා එයාලා පත්කරල තියන්නෙ වැරදි තැන්වලට..ඔයාල කිව්වොත් ටෙක්නිකල් ප්‍රොබ්ලම් එක එයාල හරි අය කන්ටැක් කරල දෙයි..ඒත් සියයට අනුවක් ඒ ඩී එස් එල් රිපෝට් වෙන ෆොල්ට් කස්ටමර් ගෙ ප්‍රශ්ණ සමාර ඒව වයිරස් වාගෙ දේවල්…

  3. කිසිදු දුරකතන සමාගමක් ඇමතුම් කතාබහ (call conversation) පටිගත කරන්න්නෙ නැහැ. මෙසේ ඇමතුම් පටිගත කරනු ලබන්නේ නීතිය හා ආරක්ෂාව සම්බන්ධ ආයතන මගින් කරනු ලබන ඉල්ලීම් හා අවසරය මත පමනයි.

    මම හිතන්නේ මේක Call records කියන එක වරදවා වටහ ගැනීමක්. Call records කියන්නේ ඇමතුමට අදාල විස්තර එනම් දුරකතන අංක,SIM අංක, IMEI අංක, Tower ID, Date/Time, Routed ආදියයි. මෙයට ඇමතුම් සංවාදය (conversation) ඇතුලත් වෙන්නේ නැහැ. මේ දත්ත සාමාන්‍යයෙන් මාස 3 පමන කාලයක් online තත්වයේ පවත්වාගෙන යන අතර ඉන්පසු ගබඩා කර තැබෙනවා (backup / archives).

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *