Techකතා Live:93වන වැඩසටහන.

Techකතා 93වන වැඩසටහන 2011 අගෝස්තු මස 19වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ වගේම කලකට පසු බුද්දික ද Skype හරහා සදීප සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැන් Techකතා විසින් iPhone/iPod Touch වගේ iPad වලට Techකතා iOS App එකක් රැගෙන එනවා, මෙමගින් Techකතා ස්ජීවී වැඩසටහනට සවන්දෙන්න වගේම අපේ චැට් එකට සම්බන්ද වෙන්න පුලුවන්, පැරණි වැඩසටහන් 10යකටද සවන්දෙන්න පුලුවන්. ඉතින් මේ නොමිලේ දෙන ඇප් එක download කරලා ඔබේ අදහස් අපට කියන්න.

Nokia Internet Radio ඔස්සේද ඔබේ Nokia Internet Radio සහය දක්වන දුරකතන ඔස්සේද දැන් Techකතා සජීවී වැඩසටහනට සවන්දිය හැක.

Techකතා Facebook Group හා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…  (ස්තුතිය සවිත්ට)

  • [01:23] Google විසින් Motorola අත්පත් කරගැනීම
  • [03:19] Samsung vs Apple
  • [04:23] ගූගල්, මෝටරෝලා ගණුදෙනුව සහ ඇන්ඩ්‍රොයිඩ්වල අනාගතය
  • [05:40] HP සමාගම පරිගණක නිෂ්පාදනය නැවැත්වීමට යයි!
  • [06:58] අඩු මුදලට ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකක්!
  • [09:11] OVI contacts ගූගල් සමග සින්ක් කරගැනීම
  • [10:08] Linux mint වල ගූගල් ක්රොම් හි සිංහල පෙන්විමේ ගැටලුවක්
  • [10:47] Motorola තවමත් ඇපල් සමාගමට චිප් නිෂ්පාදනය කරනවාද?
  • [11:44] CDMA දුරකථනයක ෆෝන් බුක් එක පරිගණකයට බැකප් කිරීම
  • [13:32] Pizza ගෙදරටම එන හැටි!
  • [14:39] Win 7 වල ඩවුන්ලෝඩ් කරන ලද අප්ඩේට්ස් බැකප් කරගැනීම
  • [16:02] Win 7 aero theme එක ක්‍රියානොකිරීම
  • [17:17] මෙහෙයුම් පද්ධති කිහිපයක් ඇති පරිගණකයක බූට් ලෝඩර් එක වෙනස්කිරීම
  • [17:48] omnia i900 ෆර්ම්වෙයා අප්ඩේට් කිරීමෙන් පසු ඇමතුම් ලබාගැනීමට නොහැකිවීම
  • [20:13] nVidea fx5500 වීජීඒ කාඩ් එකේ aero ක්‍රියානොකිරීම
  • [20:46] laptop.lk වෙතින් ලැප්ටොප් එකක් මිලදි ගැනීම
  • [21:34] win xp තවමත් ලංකාවේ මිලදීගැනීමට තිබේද?
  • [21:53] ජාවා සදහා win32 api සහ JNI
  • [23:54] පරිගනකයක් එකලස් කිරීමට පෙර උපාංග වල ගැලපීම සොයාබැලීම
  • [25:28] win xp යූඑස්බි ඩ්‍රයිව් එකකට දමා බූට් කිරීම
  • [25:56] Chrome browser dev.වර්ෂන් එක ස්ථාපනය කරගැනීම
  • [26:49] C සදහා ඇති හොදම නොමිලේ ලබාදෙන compiler එක කුමක්ද?
  • [27:28] XP වල විවිධ හැකියාවන් ඩිසේබල් කිරීම
  • [28:11] ගූගල් ගෘප් සහ ෆීඩ් බර්නර් සම්බන්ධ කිරීම
  • [28:29] Tv broadcast කිරීමට ලිනක්ස් සදහා ඇති මෘදුකාංග
  • [28:54] win media centers වලට භාවිත කළ හැකි මෘදුකාංග
  • [29:16] SLT skymax ගැන…
  • [31:11] CSS මගින් ලේඅවුට් සෙන්ටර් කරගැනීම
  • [31:29] තමාගේම වෙබ් ප්‍රොක්සි එකක් භාවිත කර අන්තර්ජාලයේදී පුද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම
  • [33:38] Defense of the Ancients 2! (Dota 2)
  • [34:39] සේවාසපයන්නන් විසින් දත්ත භාවිතය ගණනය කරන ආකාරය
  • [36:13] VPN software ?
  • [36:44] Huawei e272 dongle එකක 3g වැඩ නොකිරීම
  • [38:06] TK ෆෝම් එකේ එකම නමින් ප්‍රශ්න දෙකක් ඇසිය හැකිද?
  • [38:28] Near field communication (NFC)
  • [43:24] CSS static,absolute,relative and fixed positions
  • [44:48] ku band,C band dish භාවිතයෙන් uhf/vhf නාලිකා නැරඹීම
  • [45:58] Antenna!
  • [55:32] BPO පිළිබදව….
  • [58:25] වහසි බස් දොඩන TRC හි කෙරුවාව!
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP93/Techkatha-EP93.mp3]

    [Download MP3 ZIP (26.1MB) & OGG (31.8Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.4MB)]

දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

8 thoughts on “Techකතා Live:93වන වැඩසටහන.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *