Techකතා Live:92වන වැඩසටහන.

Techකතා 92වන වැඩසටහන 2011 අගෝස්තු මස 12වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ ද Skype හරහා දීපිකා (deeps) සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැන් Techකතා විසින් iPhone/iPod Touch වගේ iPad වලට Techකතා iOS App එකක් රැගෙන එනවා, මෙමගින් Techකතා ස්ජීවී වැඩසටහනට සවන්දෙන්න වගේම අපේ චැට් එකට සම්බන්ද වෙන්න පුලුවන්, පැරණි වැඩසටහන් 10යකටද සවන්දෙන්න පුලුවන්. ඉතින් මේ නොමිලේ දෙන ඇප් එක download කරලා ඔබේ අදහස් අපට කියන්න.

Nokia Internet Radio ඔස්සේද ඔබේ Nokia Internet Radio සහය දක්වන දුරකතන ඔස්සේද දැන් Techකතා සජීවී වැඩසටහනට සවන්දිය හැක.

Techකතා Facebook Group හා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…  (ස්තුතිය සවිත්ට)

  • [00:01:10] TK team එකේ කලින් හිටපු අයට මොකද වුනේ?
  • [00:05:50] TK මුල් කාලය, ප්‍රවණතා හා ඉදිරිගමන
  • [00:10:51] Android වල FPS uncap කිරීම
  • [00:12:35] OAuth යනු කුමක්ද?
  • [00:15:07] Application වලට access ලබාදීමට පෙර…
  • [00:20:41] Teracopy වලින් කොපි කිරීමේදී වේගය වැඩි ඇයි?
  • [00:22:13] .exe ලෙස වීඩියෝ ෆයිල් තිබේද?
  • [00:22:40] Administrator ගිණුම භාවිතය වෛරස් වලට අතවැනීමක්!
  • [00:24:32] Admin ගිණුම limited එකක් බවට පත්කිරීම
  • [00:25:30] User acc එකක සිට Win update කළ හැකිද?
  • [00:25:55] Computerඑක ෆෝමැට් කිරීමෙන් පසු SSL/404 දෝෂ ඇතිවීම
  • [00:28:34] Virus ආසාදනයකින් පසු පරිගණකය නිවැරදිව ෆෝමැට් කිරීම
  • [00:32:03] Software ඩවුන්ලෝඩ් කිරීමට නිෂ්පාදකයන්ගේ වෙබ් අඩවිම භාවිත කරන්න
  • [00:33:46] Google plus games!
  • [00:35:10] IDE Drive දෙකක් සවිකිරීමේදී master/slave අනිවාර්යයද?
  • [00:36:02] Defective pixel හදුනාගැනීම
  • [00:37:31] Clickjacking!
  • [00:38:20] Dell laptop එකක සමහර කීස් වැඩ නොකිරීම
  • [00:39:09] Low Density vs High Density
  • [00:40:47] CMS පිළිබදව…
  • [00:44:33] GNU සහ Creative Commons ලයිසන් ගැන…
  • [00:47:42] Flash drive අනිවාර්යෙන්ම Safely Remove කළ යුතුද?
  • [00:48:44] Damaged HDD එකකින් දත්ත නැවත ලබාගැනීම
  • [00:50:27] අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට පෙර දැනුම Google කිරීම
  • [01:03:50] හොද රැකියාවකට ඉංග්‍රීසි අත්‍යවශ්‍යයයි
  • [01:08:26] Nokia සිම්බියන් දුරකථන නිෂ්පාදනය නවත්වයි!
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP92/Techkatha-EP92.mp3]

    [Download MP3 ZIP (28.2MB) & OGG (28Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.9MB)]

දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

3 thoughts on “Techකතා Live:92වන වැඩසටහන.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *