Techකතා Live:90වන වැඩසටහන.

Techකතා 90වන වැඩසටහන 2011 ජුලි මස 29වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා Skype හරහා iසමන් හා දීපිකා (deeps) සම්බන්ද විය.. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

Techකතා 100වන වැඩසටන අපි කෙලෙස කළ යුතුදැයි ඔබේ අදහස් දක්වන්න, ඒ වගේම Techකතා වැඩසටහන විඩියෝ ලෙස ලබාදුන්නොත් එය ඔබ බලනවාද/download කරනවාද කියලා මේ පුරුක ඔස්සේ අපිට කියන්න.

අද වැඩසටහනින් පැන සදහා වැඩි කාලයක් වෙන් කරා, ඉතින් අද වැඩසටහණ ගොඩක් ඔබ ඇසූ පැන වලට පිලිතුරු තමයි ඇතුලත් වන්නේ, ඒ වගේම අද වැඩසටහන පැය 1.30 ආසන්න වැඩසටහනක්.

Techකතා Facebook Group හා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්… (ස්තුතිය සවිත්ට)

  • 04:17 – iPhone 4 එකකට සිංහළ දැමීම
  • 05:04 – Blackberry දුරකථනයක ඇති contacts Nokia දුරකථනයකට ලබාගැනීම
  • 07:35 – CPU වල Bus/Core ratio යනු කුමක්ද?
  • 10:58 – පරිගණක උපාංගයක් වගකීම ගැනීමට භාරදුන් විට එය නැවත ලබාගැනීමට නියමිත කාලපරාසයක් තිබේද?
  • 11:50 – Ebay, Paypal එකමුතුවෙන් හදුන්වා දීමට යන X.commerce
  • 13:14 – මේ දවස්වල facebook හා twitter scams
  • 15:31 – Techකතා mobile number එක කාගෙද?
  • 17:21 – Facebook ‘Turn off all platform apps’ feature එක
  • 19:05 – Techකතා SMS සදහා රෙජිස්ටර් වූ පසු වෙනත් සමාගම් වලින් කෙටිපණිවිඩ ලැබෙනවා?
  • 19:52 – Techකතා iPhone app එකේ අලුත්ම තත්වය
  • 21:12 – Proccesor අලුත්වැඩියා කළ හැකිද?
  • 21:41 – දිගින් වැඩි USB Extension cable සමග HSDPA මොඩම් වැඩ නොකිරීම
  • 23:02 – Techkatha Offliner!
  • 26:29 – LED/LCD Moniter මිලෙන් අඩු වුවත් TV මිල අධික වන්නේ ඇයි?
  • 29:08 – HP Compaq Laptop එකක Ram 8gb දක්වා ඉහළනැංවීමට යන වියදම
  • 32:18 – Motherboard වල තියන S/PDIF Port එකට උපාංග සවිකරන්නේ කෙසේද?
  • 35:43 – Dialog tv වලින් Dialog නොදෙන චැනල් නැරඹීම
  • 36:03 – ගීත, චිත්‍රපට හා පරිගණක ක්‍රීඩා සදහා ප්‍රකාශන අයිතිය නැද්ද?
  • 38:44 – Portable Hard Disk එක පරිගණකයට සම්බන්ධ කළ විට Format කිරීමට විමසීම
  • 40:04 – Torrent හරහා අනවසර පිටපත් භාගත කිරීමට විරුද්ධව නීතිමය පියවර!
  • 41:40 – VRML යනු කුමක්ද?
  • 42:41 – අලුත් Hard Disk ගැනීමේදී බැලිය යුතු දෑ
  • 43:17 – Technet සොෆ්ට්වෙයා කල් ඉකුත්වීමට පෙර හාඩ් ඩිස්ක් ඉමේජ් එකකට ඇතුලත් කර තබාගැනීම
  • 43:53 – ‍Credit Card රහිතව USA iTunes account එකක් සාදාගැනීම
  • 45:29 – Email එකක් යැවීමේදී සිදුවන ක්‍රියාවලිය
  • 48:21 – Application සාදා app stores හරහා විකිණීම
  • 51:20 – PHP මගින් URL එකක් හරහා සිංහල වචනයක් වෙනත් වෙබ් පිටුවකට යැවීම
  • 51:37 – Techකතා කරන්නේ කොහොමද?
  • 53:31 – පිටු 60කින් යුත් වෙබ් අඩවියක ලින්ක් වැඩ නොකිරීම
  • 54:16 – Stream එකක් යනු කුමක්ද?
  • 54:53 – රැහැන් සහිත නෙට්වර්ක් එකක් හා ඇක්සස් පොයින්ට් එකකින් සිදුවන කාර්යය අතර වෙනස
  • 55:50 – Computer hardware අංශයේ රැකියා
  • 56:25 – Google Chrome sync යනු කුමක්ද?
  • 1:00:20 – DVB-T USB Dongle
  • 1:01:58 – Email හරහා වෛරස් පැතිරිය හැකිද?
  • 1:02:45 – SLT ADSL 512kbps Data cap
  • 1:06:26 – ඉන්න ප්‍රදේශය අනුව ගැලපෙන හොදම අන්තර්ජාල සබදතාවය තෝරාගැනීමට හැකියාව ලගදීම!
  • 1:09:52 – SLT cache නිසා Youtube buffer වීම
  • 1:10:31 – Last Past හා Data Datainherit ආරක්ෂිතද?
  • 1:12:06 – System unit එකක් ස්වයංක්‍රීයව පණගැන්වීම
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP90/Techkatha-EP90.mp3]

    [Download MP3 ZIP (29.8MB) & OGG (37Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (6.2MB)]

දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

7 thoughts on “Techකතා Live:90වන වැඩසටහන.”

  1. ටෙක් කතා 100 වෙනි වැඩ සටහන විඩියො අකාරයෙන් දුන්නොත් නියමයි එවගේම එදාට ටෙක්කතා එකේ කස්ටියම මුල ඉදන්ම හිටපු ඔක්කොම එනවා නම් කැමතියි නැතිනම් ටෙක්කතා 100 වැඩ සටහන එලිමහනේ සිට සජිවිව අපිත් පැමිණ අපිත් එකතුවි කිරිම ගොඩක් හොදයි

  2. video විදිහට දැම්මොත් අපි වගේ පුංචි ළමයින්ට බලන්න පුළුවන් විදිහේ එකක් දානවනම් හොදයි. එකේ ගෑනු ළමයෙක් ඉන්නවා දැක්කොත් ගෙදරින් ප්‍රශ්න වෙන්න පුළුවන්.

  3. පැය 1 විතර වීඩියෝ එකක් එතකොට 200Mb වත් වෙයිනෙ. එතකොට limited data connection එකක් තියෙන අයට බලන්න අමාරු වෙයි. මම නම් TechKatha අහන්නේ download කරගෙන phone එකෙන්. වීඩියෝ විදිහට මේක දුන‍්නොත් මේක අහන්නම වෙනම කාලයක් වෙන්කරගෙන කොමිපියුටරේ ඉස්සරහටම වෙලා පැය 1 ක් විතර ඉන්ට වෙනවා.

  4. ටෙක්කතා වීඩියෝ ආකාරයේන් ඩවුන්ලෝඩ් කරන්න දෙන ගමන් දැන් වගේ ඕඩියෝ ෆොර්මැට් එකෙනුත් දෙන්න පුලුවන් නේද ?. නැත්තන් අපි වගේ ට්‍රැවල් කරන ගමන් ෆෝන්වලින්, අයිපොඩ්වලින් ටෙක්කතා අහන අය ඒකෙන් අපහසුතාවයට පත් වෙනවා…

    ජය වේවා.

  5. ගූගල් ක්‍රෝම් එකේ හිස්ට්‍රි එක සින්ක් වෙන්නේ නැහැ නේද ?. මේකේ තියෙන විදිහට ගූගල් ඒකේ සර්ච් කරපුවා විතරක් තියා ගන්නවා.

    බලන්න: http://goo.gl/FPdN2

    මේකත් බලන්න: http://goo.gl/YXDwg

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *