Techකතා Live:46වන වැඩසටහන සහ පැණ-විසඳුම්

Techකතා 46වන වැඩසටහන දෙසැම්බර් මස 17වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ වගේම ඉන්ද්‍රනාම සම්බන්ධ වූ අතර, Skype හරහා හර්ෂදේව සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සජීවීව සම්බන්ධ වුණා.

වැඩ රාජකාරී නිසා සති දෙකක් Techකතා කිරීමට නොහැකි වුණත්, ලබන සතියේ සුපුරුදු පරිදි Techකතා සජීවී පටිගත කිරීම 7වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී 9 සිට සිදු කෙරෙනවා. ඉතින් එන්න ඒ වේලාවට අපේ Chat room එක පැත්තේ, කාලෙකට පස්සේ නේ 🙂

45වන වැටසටහනේ ලබාදුන් mp4 ගොනුව ගැන පැමිණිලි ලැබුණ නිසා මෙවර අපි RealAudio HQ ගොනුවක් ලබාදෙනවා. මේ ගැන ඔබගේ අදහස් දක්වන්න.

අද වැඩසටහනින්..

  • පරිගනකය සවස 7~8 අතර restart වීම.
  • Security Auditingවල වැදගත්කම.
  • ICTA පවත්වන Unicode වැඩමුළුවක්?
  • System Resrote එකෙන් copy කරපු data නැති වෙනවාද?
  • Oracal 10g memory භාවිතය ගැන.
  • Oracal වලට GUI tools (ToadNavicat)
  • Flash drive එකක ඇති දත්ත auto copy වීම හා Virus.
  • PC වලට සවිකර හැකි TV හා Satellite ඇති PCI card එකක්.
  • අන්තර්ජාලය හරහා Satalight TV නැරබීම.
  • Dell ද හොඳම ලැප්ටොප් එක ?
  • Mobitel HSPA+ හා MIMO 28.8mbps ?
  • ලැප්ටොප් Cell 4ක බැටරියක ආයුකාලය?
  • HP ලැප්ටොප් එකක් රත්වීම හා power off වීම.
  • Office 2010 Pluse Beta නොමිලේ. (Download)
  • විශ්ව විද්‍යාල සිසුන්ට Microsoft software නොමිලේ.

දැනට ක්‍රියාත්මක වන ‘නොමිලේ Microsoft’ විසින් විශ්ව විද්‍යාල සිසුන් සඳහා දෙන software ළඟදීම SLIIT වැනි පෞද්ගලික විශ්ව විද්‍යාලවලටද ලබාදෙන්න කටයුතු කරන බව Microsoft Sri Lanka විසින් අපිට දැනුම් දුන්නා.

  • xBox 360 එකක් ගැන.
  • Log වෙන්න බැරි පරිගණකයක backup ගැනීම.
  • Sony Ericsson දුරකථනයක් HSDPA මොඩමයක් ලෙස භාවිත කිරීම.
  • Asrox motherboard එකකට Linux දැමීමේ ගැටළුව.
  • 9400GT VGA එක හොඳයිද?
  • Facebook වල ඉන්න user කෙනෙක් ඉවත් කිරීම.
  • Blog එකක comment disable වීම.
  • PUK Code එක ඉවත්කිරීම.
  • කොළඹදී වැඩ නොකරන ජංගම දුරකථනය වෙනත් තැන්වලදී වැඩ කිරීම.
  • Outlook1.pst එක නොමැති බව කියන දෝෂය.
  • SATA හා IDE HDD දෙකන් SATA HDD එක off කිරීම.
  • Self Hosted WordPress බ්ලොග් එකකට පින්තූර දැමීමට නොහැකි වීම.
  • ADSL D-Link router ගැටළුව.
  • Ubuntu update Fail වීම.
  • WiMAX හරහා fax යැවීම.
  • Google Phone, iPhone, Google URL කෙටිකිරීම.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP46/Techkatha-EP46-64kbps.mp3]

    [Download MP3 (31MB) or Ogg (38MB)]

  • High Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (10MB)]

  • 5 thoughts on “Techකතා Live:46වන වැඩසටහන සහ පැණ-විසඳුම්”

    1. මේ සැරේ කරල තියෙන Real audio format එකේ Quality නම් හොඳයි. හැබැයි මීට ඉස්සර දීපු .ra file එක වගෙ කෙලින්ම phone(Nok6120c) එකේ play වෙන්නෙ නෑ. .mp3 වලට convert කරල තමයි අහන්න උනේ. අනික පැයක show එකකට 10MB ගත්ත වැඩියි නේද?

    2. @Ravi

      කලින් දාපු RealAudio වල extension එක .RAM කියල වෙනස් කරලනෙ තිබ්බෙ. මේකෙ තියෙන්නෙ .RA විදිහට

      Nokia 6120c එකේ අලුත් file එක .RAM විදිහට extension වෙනස් කරල rename ක‍රල play කරල බැලුවද?

      ඉස්ස‍ර RealAudio play උනේ .RAM විදියට තියෙද්දිද, .RA විදිහට තියෙද්දිද, දෙවිදිහටම ප්ලේ උනාද?

    3. File දෙකේ වැඩි වෙනසක් නම් නෑ. දෙකේම

      Format – Cooker, Codec ID – Cook
      Codec ID/Info – Based on G.722.1, Real Player 6
      16 bit audio

      මේ ඔක්කොම සමානයි.

      Sampling rate Frequency එකයි, Bitrate එකයි නම් වෙනස්. Quality වැඩි ඒකනෙ.

      Sampling rate – 44.1 KHz (පරණ ඒවගෙ 11.025 KHz)
      Bit rate – 20.7 Kbps (පරණ ඒවගෙ 11.025 Kbps)

      @TechKatha
      එකම application එකෙන්ද පරණ, අලුත් RA/RAM convert කළේ? ඇයි Nokia 6120c එකේ play වෙන්නෙ නැත්තෙ?

    ප්‍රතිචාරයක් ලබාදෙන්න

    ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *