Techකතා Live: 30වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 30 වන වැඩසටහන අගෝස්තු මස 21වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුනා. මෙම වැඩසටහන සදහා කාලිංග, බුද්ධික හා තිලිණ පටිගත කරන ස්ථානයේ සිටද  හර්ෂ ස්කයිප් හරහා ද සහභාගී වුනා. සුපුරුදු පරිදි අපේ අසන්නන් චැට් රූම් එක හරහා සජීවීව සම්බන්ධ වුනා.

ඔබ දැනටම Techකතා Google සමුහය ට හෝ Facebook සමුහය ට සම්බන්ද වී නැත්නම් දැන්ම එකතු වන්න. එය Techකතා සමග සම්බන්ධ වීමට ඇති පහසුම ක්‍රම වලින් එකක්.

සෑම සතියකම සිකුරාදා දින ඔබවෙත ගෙන ආ Techකතා ලබන සතියේ සිට බදාදා දින වලදී ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ පිලිබද වැඩි විස්තර මීලග වැඩසටහනින් ගෙන එනවා. ඔබගේ අදහස් අපිට දන්වන්න.

අද වැඩසටහනින ගැන …

  • පරිගනකයක් සැදීමට කොටස් තෝරාගැනීම (Processor, Motherboard)
  • Intel Celeron CPU ගැනීමෙන් වැලකී සිටීම
  • SSD හා HDD ගැන
  • සේවාදායකෙයුකුට පරිගනකයක් සෑදීමේදී සැලකිලිමත් වියයුතු කරුනු.
  • ADSL එකක් users ලා සමග share කර site block/control කිරීම (IPcop, Smoothwall)
  • Dialog WiMAX connection එකක් පරිගනක කිහිපයක් සමග භාවිතා කිරීම
  • Windows 7 update වෙනම download කර install කිරීම
  • slhits.com සයිට් එකේ IE සමග ඇතිවන ගැටලුව
  • WAMP Install ගැටලුව (Installing Apache & PHP)
  • Drive C එක boot sector එකත් සමග backup කිරීම
  • Techකතා වල විහිලු තහලු කිරීම ගැන
  • BIOS/Mobile Phone Flashing
  • Screen saver එක blank කිරීම හා විදුලිය පිරිමැසීම
  • ASP.NET සයිට් එකක් ඇති සර්වරයක wordpress බාවිතා කිරීම
  • Google Adsense වල සල්ලී ගෙන්වා ගැනීම
  • පරිගනකයේ ඇති software, internet එකට සම්බන්ද දැයි බැලීම (netstat -a)
  • Ethernet Port 2ක් සහිත network card
  • Windows 7 වල virtualization (පසුගිය වැඩසටහන් 19 හා 20 වන)
  • Windows 7 සමග XP Drivers භාවිතා කිරීම
  • Dual Boot වන පරිගනකයක boot menu එක edit කිරීම
  • Blog එකකට තීම් දැමීම
  • Chrome වල සමහර සිංහල අකුරු කොටු කොටු පෙන්වීම (Chrome channel changer)
  • Windows 7 වලට සිංහල මුහුනතක්
  • සිංහල බ්ලොග් කියවනයට බ්ලොග් එකක් ඇතුලත් කිරීම (Adding Blogs)
  • Office එකේ internet යෑම තහනම් කර ඇත, proxy එකක් හරහා යෑමෙන් අහුනොවී යන්න හැකිද?
  • විජේසේකර යතුරු පුරුවරුව හා සිංහල යුනිකේත
  • Font හා unicode font යනු කුමක්ද? (වැඩි විස්තර)
  • Skype group video චැට් කිරීම
  • ජපන් පරිගනකයකට English දැමීමෙන් පසුව hardware හරියට වැඩ නොකිරීම (DriverMAX)
  • File server එකක user acvivity monitor කිරීම
  • Outlook සදහා ආදේශකයක් (Thunderbird)
  • කැමරාවක memory card එකක photo recovery කිරීම
  • Optical Zoom යනු කුමක්ද?
  • Encrypted DVB Broadcasting decript කිරීම
  • fool.exe ඉවත් කිරීම (Remove Fool.exe Malware)
  • Rapidshare වෙනුවට (4shared.com, wikisend.com)
  • domain එකක් මිලදී ගැනීම ගැන
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/Techkatha-EP30/Techkatha-EP30-64kbps.mp3]

    [Download MP3 (41MB) or Ogg (50MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (7.8MB)]

  • 18 thoughts on “Techකතා Live: 30වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්”

    1. ටෙක් කතා පටිගත කිරීම බදාදට දැමීම නං අවුලක් නෑ. ඒත් සෙනසුරාදා නරකද? ඉරිදට ගොඩක් තැන් වල නිවාඩු නිසා සෙනසුරාදා රෑට ගොඩක් කස්ට්යට සෙට් වෙන්න පුළුවන්.

    2. මේක මගේ අදහසක් විතරයි. ෆයිල් එකක් මකල නැවත රිකවරි කරන්න පුලුවන්නෙ. ඒ වගේම ෆෝමැට් කරපු පාර්ටිශන් එකකුත් එහෙම රිකවර් කරන්න පුලුවන් නේ. ඒ කියන්නෙ ෆයිල් මැකුවට හාර්ඩ් ඩිස්ක් එකෙන් අයින් වෙන්නෙ නැහැනෙ. එහෙමනම් වෛරස් තියෙන ෆයිල් එකක් මැකුවට ෆෝමැට් කලාට සම්පූර්ණයෙන් අයින් වෙන්නෙ නැහැනේද? පසුව ක්‍රියාත්මක වෙන්න පුලුවන් නේද?

    3. @සංජය
      වෛරස් තියෙන ෆයිල් මැකුවම, ෆෝමැට් කළාම ඒක recover කරන්න පුළුවන් උනත් ඒක වෛරස් එකක් විදිහට run වෙලා ක්‍රියාත්මක වෙන එක වෙන්නෙ නෑ නේද! (සාමාන්‍යයෙන්)
      Quick Format කළාට පස්සෙ Recover කරන්න පුළුවන් උනත්,
      Full Format දුන්නට පස්සෙ Recover කරන්න බෑ නෙ. [සාමාන්‍ය ක්‍රම වලින් :]

    ප්‍රතිචාරයක් ලබාදෙන්න

    ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *