Techකතා 26 වන වැඩසටහන ජුලි මස 24 වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ සහභාගී වූ අතර සුපුරුදු පරිදි අපේ අසන්නන් චැට් රූම් එක හරහා සම්බන්ධ උනා. නොවැලැක්විය හැකි හේතුවක් නිසා වැඩසටහණ ආරම්භ කිරීමට සිදුවූ ප්‍රමාදයෙන් මෙවර වැඩසටහනට මලින්තව සම්බන්ධ කර ගැනීමට නොහැකි වුනා.
මෙවර වැඩසටහනද Real Audio ආකාරයේ 7MB ගොනුවක් ලෙස ද අපි ලබා දෙනවා. මෙයට සවන්දීමට VLC හෝ RealPlayer වැනි මෘදුකාංගයක් පිහිටුවා තිබීම අවශ්‍ය වෙනවා. මෙය ZIP file එකක් ලෙසින් ලබාදෙන නිසා සවන් දීමට කලින් unzip කල යුතුයි. එමෙන්ම පෙර අප ලාබාදුන් mp3 32kbps ගොනුව මෙවර වැඩ සටහනේ සිට ලබාදෙන්නේ නැහැ. මේ ගැන ඔබගේ අදහස් අපට දන්වන්න.
අද වැඩසටහනින ගැන …
- Intel Atom 1.6Ghz Motherboard
- Techකතා RealAudio File එක ලබා දිම හා 32kbps MP3 ගැන
- PHP4 හා PHP5 අතර වෙනස
- PHP භාවිතයෙන් email යැවීමේ සීමාවන්
- Marketing email කරදරය
- පරිගනකය තුලින් ඇසෙන අනවශ්‍ය ශබ්ද
- Skype තුල සිංහල type කිරීමේදී පැනනගින ගැටලුව
- අපි ගැන හැදින්වීමක්…… ?
- පරිගනක ගැන ඉගෙන ගන්නා විට electorinc ගැන ඉගෙනීමේ වැදගත්කම
- MD5 ගැන හැදින්වීමක් සහ password encryption/decryption (md5decryptor)
- BitLocker Drive Encryption, TPM, හා HDD Data encryption
- Data encription හි වැදගත් කම
- HDD Hardware-based full disk encryption
- Encripted HDD එකක් hack කිරීම.
- Slot-loading DVD/CD ROM වල වාසි හා අවාසි
- ZTE ADSL modem ගැටලුව
- USB Port power ගැටලුව
- Google Chrome භාවිතය හා ස්ථාපනය කිරීමේ ගැටලු
- IIS/Apache/PHP/MySQL ගැන (IIS වල PHP ලේසියෙන් දැමීම)
- ජංගම දුරකථනයක් Flash කිරීම
- AMD ද Intel ද හොද?
- Static IP එකක් නැතිව Internet Live radio ආරම්භ කිරීම
- Dynamic NAT හා NAT යනු කුමක්ද?
- Windows Vista වල සිංහල type කිරීමේදී ඇතිවන ගැටලුවක්
- තමන්ගේම පොඩ්කාස්ට් එකක් කරන්න කැමතිද ?
- සදීපගේ යෝජනාවක්/ඉල්ලීමක් – (OpenStreetMap – Mobile GMAPS)
- BArtPE වලින් Windows Live CD එකක් යොදාගෙන Data backup කිරීම
- Self Hosted WordPress blog එකක් සදහා MySQL DB එක සාදාගැනීම
- Google Wave ගැන හැදින්වීමක් (Federation Protocol)
- Multimedia සදහා හොද Laptop එකක් මිලදී ගැනීමට උපදෙස්
- XP Licence කොපි එකක් Install කල හැකි වාර ගනන (Backup / Restore XP Activation)
- හොදම Twitter client එක
- Push Notification සහය දක්වන iPhone OS3 සදහා Yahoo Messnger
- හොදම Email client එක
- Windows RTM හා RC අතර වෙනස.
- .info ඩොමේන් මිල අඩු ඇයි? එය Google rank වලට බලපානවාද?
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen
ගීතයක(mp3,wmv..etc)කටහඬ කොටස් මකලා සංගීත භාණ්ඩ වල හඬ විතරක් ඉතිරි කරගන්න පුලුවන් විදියට edit කරගන්න යොදාගන්න පුලුවන් sharewares මොනවද?
මගේ ඉල්ලීම ඉදිරිපත් කලාට බොහොම ස්තුතියි.
අහපු excel ප්‍රශ්ණට පිලිතුර
හැබැයි මම මෙක කලේ 2007 වලින්(බලන්න rows add කරලා)
බලන්න මේ ලිපිගොනුව භාගත කරලා
http://www.mediafire.com/?sharekey=a8f1a0e45b11f85cc79b87b207592a1ce04e75f6e8ebb871
Thanx for the answer for FileZilla.
RealAudio ෆයිල් එක Zip කරල දෙන්නෙ ඇයි?
නිකන් දුන්නොත් ?!?! 😀
@Akila DJ
සමහර Browser වල download වෙනවා වෙනුවට ඒක play වෙන්න ගනවා… ඒකයි…
හැමෝම අහන නිසා මේක දාන්න හිතුනා, මම කිවුවානේ Windows හෝ Linux PC එකකට password එක නොදැන, password crack නොකර log වෙන්න CD එකක් තියනවා කියලා, මෙන්න ඒක http://www.piotrbania.com/all/kon-boot/ නම KON-BOOT
@ Kalinga – Thanx kalinga ayya – mama meka balannam…
@kalinga
ස්තූතියි
extract කරන්නත් කම්මැලි හින්ද ඇහුවෙ 😀
Real Audio Metafile, *.RAM
එක වෙනුවට
Real Audio, *.RA file
එක දැම්මොත්?
බොහෝ විට RAM වල තියෙන්නෙ RA එකේ/ගොඩක, shortcutS/metadata නිසා (pls,m3u වගේ) ඒක download කරාට audio නැති නිසාද දන්නෑ එහෙම කරන්නෙ!
(infolanka miyuru gee වල RAM එක අස්සෙ RA නෑ නෙ. RA එකේ URL එක පමණක් තිබේ)
එච්චර වැදගත් දෙයක් නෙමෙයි 🙂
@Akila DJ
ඔරිජිනල් එක AR තමයි, නමුත් කොරෝම් වල එහෙම නිකන්ම ප්ලේ වෙන නිසා තමයි සිප් කරේ.
අනික වී.එල්.සී වල එහම AR default support file එකක් නොවෙයි.
@kalinga
AR ද RA ද?
RA නිකම්ම VLC එකේ play වෙනව නෙ!!
Real Alternative ලේසියි Real/One Player වලට වඩා.
http://yy.vc/K_Lite_Mega
or
http://yy.vc/Real_Alter
වෙනත් දේවල් වලට උනත් Windows වලදි නං VLC භාවිතා නොකරන තරමට මම කැමතියි! ලිනක්ස් වලදි නං වෙන හොඳ players නැති නිසා අවුලක් නෑ… Totem එකට වඩා හොඳයි වගේ. මට නං XINE වගේ linux players අල්ලල ගියා. ඒක දැන් update වෙන්නෙ නැද්ද? Ubuntu වලට නං එන්නෙ නෑ නෙ. Mandriva, Knoppix… වල නම් ආව.
VLC වලට navigate කරද්දි video එකේ පිටිපස්සට ගිහින් Key Frame/I Frame load කරන්න බෑ නෙ!
VLC මම පාවිච්චි කරපු ඒවගෙ සිංහල Unicode support තිබ්බෙ නෑ. Subtitle වල එහෙම. අලුත්ම ඒවයෙ තියනවද?
Direct VobSub නං හැම එකටම මරු 🙂
මගේ Windows Vista වල සිංහල type කිරීමේදී ඇතිවන ගැටලුව හරි ගියා (සියබස් සයිට් එකේ අප්ඩෙට් එකක් ති බ්බා (VistaQuickFix) එක දාපුවහම ටයිපින් වල පර්ශ්නයක් එනනේ නැහැ
what happened to twitter.com? it isnt working from last evening.