Techකතා දොලොස් වන වැඩසටහන, පැන විසඳුම්

අපි Techකතා 12 වන වැඩසටහන සමගින් ඔබ හමුවන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලැබීමට දින කිහිපයක් තිබියදී. අවුරුද්ද ලග ලගම එන නිසා අනිත් හැමදෙනාම වගේ අපේ Techකතා කන්ඩායමත් ටිකක් කාර්යබහුල වෙලා. අද වැඩසටහනට තිලිණ සම්බන්ධ වන්නේ නැහැ. සුපුරුදු පරිදි කාලිංග, හර්ෂ, බුද්ධික, ඩනිෂ්ක සහ මලින්ත අද වැඩසටහන සමග ඔබ හමුවට එනවා.

වැඩසටහන් කිහිපයකට පසුව මෙවර වැඩසටහනේදී අපි ඔබට නව නිර්මාන කරුවෙකු හදුන්වා දෙනවා. ඔහු නමින් ධනික කෞශල්‍ය පෙරේරා. වැඩසටහන අතරතුරේදී ඔහුත් සමග පැවැත්වූ දුරකතන සංවාදයට ඔබට සවන්දිය හැකියි.

අලුත් අවුරුද්දේ අපි ඔබ හමුවට එන පලමු වැඩසටහන සජීවී ලෙසින් ගෙන එන්න තමයි අපගේ සූදානම. අපි මීලග පටිගත කිරීම කරන දින, එනම් අප්‍රේල් 17 වැනි සිකුරාදා සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් සංවිධානය කරන “බ්ලොග් මැරතන්” එකත් පැවැත්වෙනවා. Techකතා සමග සම්බන්ධ වෙන බොහෝ දෙනෙක් බ්ලොග් මැරතන් එක සමගද සම්බන්ධ වන නිසා එදින වැඩසටහන මැරතන් එක අතරතුර කොටස් වශයෙන් සජීවීව ඔබවෙත ගෙන ඒමට අපි අදහස් කරනවා. එදිනට ඔබ අසන පැනයට පිලිතුර ඉතාමත් ඉක්මනින් ලබාගෙනීමට අවස්ථාව උදාවෙනවා.

ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා.

අද වැඩසටහනින්….

  • Techකතා 17 වෙනිදා රෑ අටේ සිට සජීවීව
  • Apple iPhone 3G ගැන (කාලිංගගේ බ්ලොග් සටහන)
  • ඩනිෂ්ක Localization පටන් ගෙන වසර දෙකක් පිරීම (ඩනිෂකගේ බ්ලොග් සටහන)
  • සිංහලෙන්FOSS පටන්ගෙන වසරක් පිරීම (සිංහලෙන්FOSS අඩවිය)
  • Skype Phone එකක් HSDPA සමග භාවිතය
  • නොනවත්වා AMD පරිගනකයක් ධාවනය කිරීම (24 x 7)
  • Lectures පටිගත කිරිමට හොද Voice recoder එකක්
  • USB Pen එකක් සවිකලවිට පරිගනකය restart වීම
  • Suntel CDMA Phone එකක් Ubuntu 8.10 සමග භාවිතා කර අන්තර්ජාලයට සම්බධ වීම (උපකාරක් අඩවිය)
  • ධනික කෞශල්‍ය පෙරේරා සමග පිලිසදරක්
  • ලිනක්ස්/වින්ඩොස් සදහා හොද OpenSource Proxy එකක් ( Webmin , Squid)
  • Windows පද්ධතියක ඇති Virus ඉවත් කිරීම (Malicious Software Removal Tool)
  • Nokia N70 දුරකතනයක antivurs install කිරිමේ ගැටලුව (Nokia Software Update)
  • Gmail වල Inlineimage දැමීම Gmail LAB
  • Opera Mini සිංහල සහය (ඇත්තටම මෙය වැඩ නොකරන බව පසුව දැක්කා)
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp12/Techkatha-EP12-64kbps.mp3]
    [Download MP3 or Ogg]
  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp12/Techkatha-EP12-32kbps.mp3]
    [Download MP3 or Ogg]
  • 4 thoughts on “Techකතා දොලොස් වන වැඩසටහන, පැන විසඳුම්”

    1. Nokia N70 එකක් Hard Format කරන්න පහසුම විදිය නම් phone එක off කර ‍මේ buttons තුනම එක වර ඔබාගන්න.

      -green dial key
      -the star key(*)
      -the number 3 key

      මේ තුනම ඔබාගෙන සිටිද්දීම phone එක on කරන්න. (පොඩ්ඩක් අමාරු වැඩක් තමයි. 😀 ) Formatting screen එක එනකම් අත අරින්න එපා.

      වැදගත්: මෙහිදී දුරකථනයේ ඇති සියළුම data මැකී යයි. මෙය උත්සාහ කිරීමට කලින් බැටරිය චාජ් කරන්න. එසේම Format වීම පටන් ගත් පසු කිසිම හේතුවක් නිසා off කරන්න එපා ඉවර වෙනකම්.

    2. දුරකතන සංවාදයෙදි කියන්න අමතක උනා.

      මං නිර්මාණය කරපු “මානවයා 1.01” සිංහල විශ්වකෝෂයට 2007 වර්ෂයේ දී මෘදුකාංග කර්මාන්ත සඳහා වන ශ්‍රී ලංකා සංගමය (SLASI) මගින් සංවිධානය කරපු යොවුන් පරිගණක විද්‍යාඥ තරඟාවලියෙන් (YCS) ජ්‍යෙෂ්ඨ අංශයේ ‘යොවුන් පරිගණක විද්‍යාඥයා 2007’ සඳහා වන රිදී සම්මානය මට හිමි උනා.

      තව අලුත් ආරංචියක්!
      මං සංවාදයෙදි කිව්වේ මෙම සිංහල විශ්වකෝෂය පාසල් ජාලය (SchoolNet) හරහා භාගත කරගත හැක්කේ එහි admin ලට විතරයි කියලා. ඒත් දැන් මේක පාසල් ජාල වෙබ් අඩවියෙන් ඕනම කෙනෙක්ට නොමිලේ භාගත කරගන්න පුළුවන්.

      පිවිසෙන්න: http://www.schoolnet.lk

      -මානවයා 1.01 නිර්මාපක-

    ප්‍රතිචාරයක් ලබාදෙන්න

    ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *