අපේ වැඩසටහනේ අංක පිලිබද පැටලුම් සහගත තත්වයක් ඇතිවුන නිසා මෙවර වැඩසටහන අපි 6 සහ 7 වන වැඩසටහන ලෙස නම් කරනවා. මින් ඉදිරියට වැඩසටහන සහ පටිගත කිරීම එකම අංකයකින් හැදින්වෙනු ඇති. මෙවර පටිගත කිරීමට සහභාගි වන්නේ කාලිංග, බුද්ධික සහ හර්ෂ පමනයි. තිලිණ අසනීප තත්වයෙන් පසුවනවා. ඩනිෂ්ක සහ මලින්තට පටිගත කිරීමට සූදානම් වන විටම විදුලිය ඇනහිටීමකට මුහුන දෙන්න වුනා.
මෙවර වැඩසටහන අපි STEREO ක්රමයට අනුව පටිගත කිරීම් සිදුකලා. ඒ පිලිබදවද ඔබගේ අදහස් දක්වන්න.
අද වැඩසටහනින් අපි කතා කරන දේවල්…
- Techකතා Mobile (http://m.techkatha.com) සයිට් එකේ අලුත් අංග
- Mobile SIM කොපි කිරීම, MaxSIM, SuperSIM භාවිතය
- Ubuntu 8.10 ස්ථාපනයේදී ඇතිවන ගැටලු
- Hard disk format කිරීම
- Linux Installation එකක් නැවත පිහිටුවීම සදහා backup කිරීම (HDD Cloning) (උපකාරක පුරුක 1, උපකාරක පුරුක 2)
- සිංහල ස්ථාපනය හා සිංහල බ්ලොග් ආරම්භ කිරීම (උපකාරක පුරුක)
- File Delete කිරීමේ තාක්ෂනික පසුබිම සහ Delete කරන ලද File recover කිරීම (උපකාරක පුරුක)
- EDGE සහිත ජංගම දුරකතනයක් භාවිතා කර පරිගනකයක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීම
- Linux/Windows පද්ධති තුල ජනප්රිය IDE සහ ඒවායේ වාසි අවාසි
- ලෝක ආර්ථික අර්බුදය ශ්රී ලංකාවේ තොරතුරු තාක්ෂන ආයතන වලට සහ ඒවායේ සේවකයන්ට බලපාන ආකාරය
- Fedora 10 පරිගනකයක සිට තවත් Fedora 10 සහිත පරිගනකයක ඇති සේවාවන් භාවිතා කිරීමේදී ඇතිවන ගැටලු
- Skype/Yahoo voice call සදහා ගැලපෙන මොබයිල් broadband connections
- පරිගනක නැතුව භාවිතා කල හැකි Skype Phone
- IPVoice WiFi Mobile Phone එකක්
- IDD Call සදහා IP Network භාවිතා කිරීම සහ හඩෙහි ගුනාත්මක බවේ ඇතිවන ගැටලු
- AMD/Intel හා ලංකාවේ පරිගනක වෙළද පොල
- Paypal ගැන හැදින්වීමක්
- Windows Vista ඇති පරිගනකයක Taskbar Thumbnail preview නොපෙන්වීම
- පරිගනක වයිරස Windows/Linux Dual Boot පරිගනකයකදී හැසිරෙන ආකාරය
- Windows/Ubuntu Dual Boot පරිගනකයක Ubuntu පමනක් ඉවත් කිරීම
- Fliker මගින් නොමිලේ ලබාදෙන වීඩියෝ සේවාව
- Facebook සහ පෞත්ගලිකත්වය (උපකාරක පුරුක)
- Twitter SMS ලබාගත හැකි නව අඩවියක් twe2.com
- Apple iPhone development
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
අංක ගැටළුව විසඳපු එක නම් ලොකු දෙයක්.
නැත්නම් අලුතෙන් Techකතා අහන්න ගන්න කෙනෙක්ට ඕක ප්රශ්නයක් වෙනවා ෂුවර් එකටම.
අද වැඩසටහන ගොඩක් හොඳයි කට්ටිය ටිකක් අඩු වුනත්.
AMD එක නම් මට කිසි අවුලක්ආවේ නෑ. උපරිමයි. Blog Post එකක් ලියන්නම් ඒගැන ඉදිරියේදී….
.NET application develop කරන්න MS IDE එකම ඕන නෑ framework එක විතරක් දාගෙන sharpdevelop කියල FOSS IDE එකක් තියෙනවා. ඒක මමත් පාවිච්චි කරනව ගොඩක් හොදයි.
මෙතැන විස්තර තියෙනවා.
http://www.icsharpcode.net/
framework එකට අදාල එක install කර ගත්තම MS IDE එක වගේම තමයි. (සමහරවිට ඊට වඩා හොදයි).
Stereo වැඩේ නම් හොදයි. මේ සැරේ quality එකත් වැඩියි. හැබැයි ඔක්කොම කට්ටිය එක Mic එකක් ලග විතරක් පොදි ගැහිල වගේ.
අද වැඩසටහන ගොඩක් හොඳයි!!!
මේ වැඩසටහන හොඳයි.
ඊලඟ වැඩසටහන හෙට අහන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.