Techකතා හතර වන වැඩසටහන, පැන-විසදුම්, සිංහල යුනිකේත ගැටලු

Techකතා හතර වන වැඩසටහන පටිගත කල අද(පෙබ. 20) දින Techකතා කණ්ඩායමට ත්‍රාසජනක අත්දැකීමකට මුහුන දෙන්න සිදු උනා. ඒ තමයි කොළඹට එල්ලවූ ත්‍රස්තවාදී ගුවන් ප්‍රහාරය. අප පටිගත කිරීම් ආරම්භ කිරීමට සැරසෙන විටම තමයි මෙම ප්‍රහාරය පිලිබද දැනුම් දීම ලැබුනේ. එවිට අප සිටියේ කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 28 වැනි මහලේ. හදිසි අවස්ථාවක් යටතේ තට්ටු 28ක් පඩිපෙල දිගේ බැස අවදානම් තත්වය පහවන තුරු පැය කිහිපයක් ආරක්ෂිත ස්ථානයක රැදී සිටීමට අපිට සිදු උනා.

සතුරු යානා බිම හෙලීමට හැකිවූ අපේ රණ විරුවන්ට අපගේ උත්තමාචාරය. ඒ වගේම සිදුවූ ජීවිත සහ දේපල හානිය පිලිබදවත් අපි කනගාටු වෙනවා.

ඒ මොහොතේ දැනුන මරණ බියත්, ක්ෂනිකව ආරක්ෂිත ස්ථාන කරා යාමෙන් ඇතිවූ වෙහෙසත් මැඩ පවත්වා ගනිමින් කෙසේ හෝ අපි Techකතා හතර වන වැඩසටහන පටිගත කරා. මෙවර වැඩසටහන් අන්තර්ගතයේ කිසියම් ගුනාත්මක අඩුවක් ඇත්නම් ඒ පිලිබද අපි අපේ කණගාටුව ප්‍රකාෂ කරනවා. මොකද අපි ඉදිරිපත් කිරීමට සූදානම් වූ බොහොමයක් අංග අවලංගු කිරීමට ඇතිවූ බලාපෙරොත්තු රහිත හදිසි තත්වය හේතු උනා.

අද තිලිණ, බුද්ධික, හර්ෂ සහ කාලිංග කොළඹ සිටද, මලින්ත මහ නුවර සහ ඩනිෂ්ක අම්බලංගොඩ සිටද පටිගත කිරීමට සහභාගි වෙනවා. සිංහල යුනිකෝඩ් සම්බන්ධ ගැටලු සාකච්චා කිරීමට දසුන් සමීර අපි සමග දුරකතනයෙන් සම්බන්ධ වෙනවා.

ඔබගේ ජංගම දුරකතනයෙන් Techකතා සමග සම්බන්ධ විය හැකි “Techකතා Mobile” අඩවියද මූලික පරීක්ෂන කටයුතු සදහා පසුගිය සතියේදී අපි ඔබට ලබා දුන්නා. ඔබ කල යුත්තේ http://m.techkatha.com යන ලිපිනය ඔබගේ ජංගම දුරකතනයේ ඇති වෙබ් බ්‍රවුසරයට ඇතුලත් කිරීම පමනයි. මෙය පරීක්ෂා කර ඔබගේ ප්‍රතිචාර info[at]techkatha.com යන ඊමේල් ලිපිනයට ලබාදී අපිට සහයෝගයක් ලබා දෙන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබ ප්‍රතිචාර දක්වන විට ඔබගේ දුරකතන මාදිලිය, අපගේ වෙබ් අඩවිය දුරකතනයේ හොදින් දර්ශනය වුනාද, පසුගිය Techකතා වැඩසටහන් වලට සවන්දිය හැකිද යන කාරනා සදහන් කරන්නේ නම් එය අපිට පහසුවක්.

ඒ වගේම මෙම වෙබ් අඩවියට සම්බන්ධ විය හැකි ලින්ක් එකක් ඔබගේ බ්ලොග්/වෙබ් අඩවියේ පල කිරීමට හැකි නම් තවත් බොහෝ දෙනෙකුට අපේ සේවාව ලබා ගැනීමට එය පිටුවහලක් වේවි. ඒ සදහා සුදුසු Techකතා බැජ් මෙතනින් ලබා ගත හැකියි. සම්මත ප්‍රමාන වලින් මෙහි පල කර ඇති බැජ් වලට අමතරව ඔබට අවශ්‍ය ප්‍රමානය අපිට දැනුම් දෙන්නේ නම් එම ප්‍රමාන වලින් ද බැජ් ලබා දිය හැකියි.

අද වැඩසටහනින්…

  • Low Quality 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp5/TechKatha-Episode5-full-44.1khz-32kbit_64kb.mp3]
    [Download MP3 or Ogg]
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp5/TechKatha-Episode5-full-44.1khz-64kbit_64kb.mp3]
    [Download MP3 or Ogg]
  • කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
    [පලමු කොටස MP3 or Ogg]
    [දෙවන කොටස MP3 or Ogg]
  • මෙන්න වැඩසටහන හැදුන හැටි…


    WTC බිම් මහලේ බෝම්බ හා වෙඩි තැබීම් අවසන් වන තුරු අදුරේ සිටි ආකාරය

    24 thoughts on “Techකතා හතර වන වැඩසටහන, පැන-විසදුම්, සිංහල යුනිකේත ගැටලු”

    1. බාධා කම්කටොලු මැද වුනත් , අපිට මේ වැඩසටහන ගෙන ආවාට බොහොම පිං, වැඩසටහනේ නම් කිසිම ගැටලුවක් නෑ.

      සිංහල යුනිකේත තියන අඩවි වලට ඇඩ්සෙන්ස් දමන්න පුලුවන්, අපිට වෙන English බ්ලොග් එකක් හදල.ඇඩ්සෙන්ස් දාල, ඇඩ්සෙන්ස් සෙටප් කරනකොට Choose what to display if no relevant ads are available කියල එන තැනට URL එක දෙන්න පුලුවන්. එතකොට අපේ සිංහල අඩවියෙ පේන්නෙ අපි කලින් හදාපු අඩවියෙ ඇඩ්ස්

    2. ලිනක්ස් වල desktop experience එක ඉදිරියෙදි තව හොඳ වේවි කියා හිතනවා. Gnome/ KDE ආදී desktop environments පරිණාමය වූ ආකාරය දෙස බැලීමෙන් මෙය වටහාගන්න පුළුවන්.

      KDE පාවිච්චි කරනවා නම් ඉතාම ‘සුන්දර’ desktop environment එකක් අත්දකින්න පුළුවන්.

    3. @ගයාන් කල්හාර

      ඔව්, නමුත් ඔව්න් මෙය සිංහල කියා දැන ගත්විට ඒවා ඩිසේබල් කරනවා.

      @සමීර ශාකුන්තල

      දැනට KDE ගොඩක් හොදයි වින්ඩොස් සිට ලිනක්ස් වලට මාරු වෙනකෙනකුට නමුත් KDE3 වල තිබුනු ගොඩක් හොද ගතිය KDE4 වලදී මේ අය නැතිකරගන තියනවා, අපි විතරක් නොවෙයි, KDE ඩිවලොපර්ස් ලා පවා මේක පිලිගෙන තියනවා, ඒ අය KDE4.1 වලදී මේක හදන්න ගොඩක් උත්සාර කරලා තියනවා.

    4. මම mobile site එක ට්‍රයි කළා.ඒත් වැඩ ක‌ලේ නැහැ. ම‌ගේ ති‌යෙන්‌නෙ Sony Ericsson W800i phone එකක්. ඒකෙ streaming වැඩකරනවා. මොකද Dialog My TV GPRS streaming පේනවා.

      හේතුව මොකක් වෙන්න පුලුවන්ද?

    5. @ඩී.ආර්.

      ඔබට තියෙන්නේ පොස්ට් පේඩ් ද නැතිනම් ප්‍රීපේඩ් ද ?
      APN එක කුමක්ද ?

      පොඩ්ඩක් වැප් ප්‍රොක්සි (192.168.122.2) එක අයින් කරලා බලන්න.

      පරීක්ෂ වලදී SE w800i කිසිම ගැටලුවක් නැතුව ඩැඩ.

    6. ඔබලාගේ පරිත්‍යාගය අමිලයි.හදපිරි ස්තුතිය පුදමි.සිංහල/පරිගණක ගැන ඔබලාගේ සේවය ඉතිහාස ගත වනු නොඅනුමානයි.
      1පටිගත කිරිම් ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට වෙනම කොටස් ලෙස කරනවානම් අවශ්‍ය එක විතරක් අහන්න පුළුවන් නේද?
      2ටෙක්කතා පුස්ථකාලය අදහසනම් අනර්ඝයි.(එයින් අළුත් ප්‍රශ්නවලට ඉඩ ලැබේවි)

    7. සමන්ගේ පළවෙනි ප්‍රශ්නය ගැන…
      වෙන‍ වෙනම කොටස් ලෙස කරනවාට වඩා හොඳයි audio clip එකේ ඒ අදාළ කොටස තියෙන තැන “අද වැඩසටහනින්…” කොටසේ හැම මාතෘකාවක් ඉදිරියෙන්ම සඳහන් කරන එක. එවිට කාර්ය බහුල වෙලාවන් වල අවශ්‍ය කොටස පමණක් තෝරාගෙන අහන්න පුළුවන්.

      හැබැයි මට නම් හිතෙන්නෙ මුළු වැඩසටහනම අහන එක හොඳයි, අපි අකමැති මාතෘකා වල වුණත් ආකර්ෂණීය විෂය කරුණු කතා බහ වෙන්න පුළුවන්. ඉතිං ඒව මඟහැර ගන්නෙ මක්කටෙයි? 😀

    8. To the guy who use a hackintosh. Not to be offensive but isn’t hackintosh unethical? even if you’ve diskdumped the macOS (not using an illgeal copy) to your PC there are still problems 😀 AFAIK.

      …and about the GNU/Linux-user friendly thing

      Saying GNU/Linux is not user friendly enough is oxymoron. Let’s take Ubuntu, it gives almost all the basic software and drivers (possible to give in free software scope) the average user needs out of the box.

      I don’t think windows come with all that.

      Actually the problem is not with the GNU/Linux developers but users who want every OS in this universe to be like Window$. Hope your program will work on taking the RIGHT message in to masses.

      Good work fellas. Kudos.

    ප්‍රතිචාරයක් ලබාදෙන්න

    ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *