Techකතා තුන්වන වැඩසටහන, පැන-විසදුම් සහ සිංහල යුනිකේත සම්බන්ධ ගැටලු…

ඔන්න Techකතා තෙවන වැඩසටහනටත් ආවා. ලොකු දුරක් ඉතාම කෙටි කාලයකින් ආවා කියලා හිතෙනවා. ඒ වගේම 13 වන සිකුරාදා තමයි Techකතා පටිගත කිරීම ආරම්භ කරේ. ඉවර වෙනකොට නම් සෙනසුරාද උදේ 1 වෙලා. මොකද අපේ කන්ඩායම ගොඩක් කාර්ය බහුල වෙලා දවල් කාලයේ, ඉතින් මුනගැහුනේ රෑ වෙලා. සමහර අය ආවෙම නෑහැ. ඒ අය සුපුරුදු පරිදි අපි Skype මගින් සම්බන්ධ කරගත්තා. මොකක්ද මේ කාර්ය බහුල වෙන්න හේතුව? පෙබරවාරි 14 සමරන්න ලක ලැහැස්ති වීම තමයි හේතුව. කාලිංග, තිලිණ සහ බුද්ධික තමයි කලින් ඇවිත් උඩ බලාගෙන හිටියෙ 😀

අද වැඩසටහනේ දී Windows සමග ඇතිවන සිංහල යුනිකෝඩ් ගැටලු සම්බන්ධව අදහස් දැක්වීමට දසුන් සමීර ආරාධිත අමුත්තෙකු ලෙස සහබාගි වෙනවා. මෙවර වැඩසටහන අපේ පසුගිය වැඩසටහන් හා සැසදීමේදී තරමක් දිග වැඩසටහනක්. මන්දගාමී අන්තර්ජාල සම්බන්ධතා ඇති අපේ හිතවතුන් සදහා අඩු ශ්‍රවන තත්වයක් යටතේ කොටස් දෙකක් ලෙස සම්පූර්න වැඩසටහන ඩවුන්ලෝඩ් කිරීමේ පහසුකම ද සුපුරුදු පරිදි අපි ඔබ වෙත ගෙන එනවා.

මෙන්න අද වැඩසටහනේ ඇතුලත් කරුනු….

  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp4/TechKatha-Episode4-full-24khz-64kbit_64kb.mp3]
    [Download MP3 or Ogg]
  • Low Quality 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp4-2/TechKatha-Episode4-full-16khz-32kbit_64kb.mp3]
    [Download MP3 or Ogg]
  • කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
    [පලමු කොටස MP3 or Ogg]
    [දෙවන කොටස MP3 or Ogg]
  • මෙන්න මෙහෙමයි මෙවර වැඩසටහන හැදුනේ…,

    පටිගත කිරීමට කාලිංග, බුද්ධික සහ තිලිණ කොළඹ සිටත්, ඩනිෂ්ක, හර්ෂ සහ මලින්ත නිවෙස්වල සිට Skype හරහාත් සම්බන්ධ උනා.

    Audacity මගින් පටිගත කිරීම.

    26 thoughts on “Techකතා තුන්වන වැඩසටහන, පැන-විසදුම් සහ සිංහල යුනිකේත සම්බන්ධ ගැටලු…”

    1. ඔන්න මගේ බ්ලොග් එකෙන් ලින්ක් එකක් දැම්මා.

      පොඩි යෝජනාවක් තියෙනවා.

      ‍කට්ටිය අහන ප්‍රශ්න අනිත් අයට බලන්න පුළුවන් ක්‍රමයක් තිබුනොත් නරකද? එතකොට හැමොටම ලොකු උදව්වක් වෙයි

      උදාහරණයක් විදියට මට web hosting ගැන ගැටළුවක් තියෙනවා කියල හිතමු. ඒ ගැන මම මෙතැන කිව්වම ඒ ගැටළුව තියෙන අනිත් අයත් මෙතැන ඔවුන්ගේ ප්‍රශ්නය නැවත ඉදිරිපත් කිරීමෙන් වැලකෙන්න පුළුවන් වගේම තවත් කාට හරි ඒ සම්බන්ධ ගැටළුවක් තියෙනවා නම් මගේ ගැටළුවත් එක්කම ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සම්බන්ද ගොඩක් අයට ගැටළු තියෙනවා නම් ඒ ගැනම වැඩසටහනක් කරන්නත් පුළුවන්නේ.

      මේන නිකම් මෝඩ යෝජනාවක් වෙන්නත් පුළුවන්.මේක නිකම් මගේ අදහසක් විතරයි. ක්‍රියාත්මක කරන්න පුළුවන්ද දන්නෙත් නෑ.

    2. “මේන නිකම් මෝඩ යෝජනාවක් වෙන්නත් පුළුවන්.මේක නිකම් මගේ අදහසක් විතරයි. ක්‍රියාත්මක කරන්න පුළුවන්ද දන්නෙත් නෑ.”

      නැහැ කිසිසේත්ම නැ. ඔබේ අදහස් අපට වටිනවා.
      සැලෙන්න එපා 🙂

    3. මේපාරත් හොදටම කළා.සෙනසුරාදා වෙනකමි බලාගෙන ඉන්නේ අහන්න.මටත් සිංහල ටයිප් ගැටලු තියෙනවා.අද යුනිකෝඩි කතාව ප්‍රයෝජනවත් වුනා.මේක ත් ඹන්ලයින් යුනිකෝඩි කීබෝඩි එකක්.දිගු ගමනකට සුභපැතුමි.
      nishan

    4. අයියලාට ගොඩා…..ක් ස්තුතියි! මට අවශ්‍ය පිලිතුර ඕනෙවටත් වඩා ලැබුනා. ඕගොල්ලො කියපු ඒවා සීයට 200 ම හරි! කියල යි මට හිතෙන්නෙ…. ගොඩක්ම ස්තුතියි……! ඔබලාට ජය! දිගටම කරගෙන යන්න!

    5. මම දාගෙන ඉනනේ ධනිෂ්ක අයියා එවපු ලින්ක් එකේ තිබුන Shiretoko එක.පාවිච්චි කරන්නේ Laptop එකේ තියෙන Windows XP Media Center Version 2002 SP2 OS එක. හැබයි 123 වැඩසටහන් ටික සාමාන්‍ය විදියට ඇහෙනවා. 4 වන වැඩසටහන විතරයි එහෙම වෙන්නෙ. මම ඒ රෙකෝඩ් කරා.

      මට ඇහෙන විදිය

    6. ඇත්තටම flash player එක update කරාම හරිගියා.

      බොහොම ස්තූතියි.

      ඇත්තටම මමත් හිතුවෙනෑ මෙච්චර ඉක්මනට විසදුමක් හොයා ගන්න පුළුවන් ‍කියලා.

      ඇත්තටම මේක ගොඩාක් හොද වැඩසටහනක්.
      ගොඩාක් දුර යන්න මගෙනුත් සුභ පැතුම්.

    7. ඇත්තටම ඔයාලගෙ මේ වැඩේ හුගාක් හොදයි !. ඔයාල දැනට වැඩසටහන ඉදිරිපත් කරන විදිහෙ ප්‍රශ්නයක් නැහැ (මේ විදිහ හොදයි !). ප්‍රොෆෙෂනල් කරන්න යන්න එපා, චා වෙයි හී හී හී….. මම පොඩ්කාස්ට් අහන්න පුරුදුවුනේ ඔයාලගෙ මේ වැඩේ නිසයි….

      මගේ උනුසුම් සුභ පැතුම් !

      කෝලමා

    8. Sinhala Unicode Help: Windows XP SP3 සිංහල ගැටලුව –

      Hey guys really thankful to yoll for discussing above mentioned Question.I was using SP3 & i had this trouble .where sinhala letters showing mumbo jumbo manner.Finally i think i found a solution for it.Sorry couldn’t write any on sinhalese.Still a beginner on that.Next time i’ll do it on Sinhala ..Best of Luck – Keep up d good work

    9. ගිය සතියෙම busy වෙච්ච නිසා, 4 වෙනි වැඩසටහන download කරන්න හම්බවුනේ ඊයෙ (බ්‍රහස්පතින්දා) රෑ. Download කරල ඉවර වුනේ සිකුරාදා පාන්දර 12.30 ට. උදේට වැඩට යන්නත් තියන නිසා විනාඩි 15ක් විතර අහල නිදාගන්නව කියල හිතුවා. ඒත් අහල ඉවර වෙනකොට පාන්දර 2.20 යි. වෙලාව යනවා දැනුනෙවත් නැහැ. වැඩේ කොච්චර හොදද කියලා ඒකෙන්ම පේනවා.

      සුබ පැතුම් !!!!!!!

    ප්‍රතිචාරයක් ලබාදෙන්න

    ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *