සතියක් ගෙවිලා ගියා නොදැනීම… ඔන්න Techකතා දෙවන වැඩසටහනත් ඇවිත්… අපිට ලැබුන ප්‍රශ්න ප්‍රමාණය හා ප්‍රතිචාර බොහොමයි, හරිම සතුටුයි ඒ ගැන නම්.
අද Techකතා නැවුම් ආකාරයකට තමයි ඔබ වෙත ගෙන එන්නේ. මොකක්ද මේ වෙනස? ඒ තමයි පටිගත කිරීමේදී පැන නැගුනු බොහෝ තාක්ෂනික ගැටලු සදහා අපි පිලිතුරු සොයා ගැනීම. අද අපේ කන්ඩායමේ සාමාජිකයින් හය දෙනා සහ ආරාධිත අමුත්තන් දෙදෙනෙකුත් සමගයි ඔබව හමුවන්නේ. කාලිංග, බුද්ධික, තිලිණ සහ හර්ෂදේව කොළඹ සිටද, මලින්ත මහනුවර සිට සහ ඩනිෂ්ක අම්බලන්ගොඩ සිට සජීවීව පටිගත කිරීම සමග එක්වෙනවා. ආරධිත අමුත්තන් දුරකතනයෙන් සම්බන්ධ වෙනවා.
Headphone mic එකක් යොදාගෙන ආරම්භ කල Techකතා තුන්වන වැඩසටහන වන විට මෙවන් දියුනුවක් ලැබීම සතුටට කාරනයක්. ඒ වගේම අපේ හර්ෂදේව Techකතා සදහා තේමා සංගීතයක් ද නිර්මානය කලා. වැඩසටහන ආරම්භයේදී හා අවසානයේදී එය ඔබට ඇසේවි
අද වැඩසටහනෙන්…
- ආයුබෝවන් Sinhalen FOSS
- Windows XP SP2 සමග HSDPA Modem භාවිතයේදී ඇතිවන ගැටලුව (Error)
- Personal Firewalls (ZoneAlarm හා Sygate Personal Firewall)
- Outlook, Gmail සමග භාවිතය (උපකාරක පුරුක)
- ජංගම දුරකතන තුල සිංහල යුනිකෝඩ් භාවිතය (උපකාරක පුරුක)
- Windows තුල explorer.exe වැඩිපුර CPU බාවිතය(TuneUP Utilites)
- HSDPA Modem එක් පරිගනකයක වැඩකිරීම සහ තවත් එකක වැඩ නොකිරීම
- HSDPA Modem තුලත් වයිරස්?
- Huawei E220 HSDPA Modem එක අධික ලෙස රත්වීම
- Techකතා තුල තාක්ෂනික පුස්තකාලයක්
- Linux මත පරිගනක ක්‍රීඩා භාවිතය (Wine හා Cedega)
- ශ්‍රී ලාංකිකයන් හැදූ පරිගනක ක්‍රීඩා – සංජය පෙරේරා සහ ෂානක ලියනගේ සමග මිනිත්තු කිහිපයක පිලිසදරක්
- Windows 7 Beta-1 7000
- Podcast සහ Feed ගැන හැදින්වීමක්
- Techකතා අලුත් recoding setup එක
- Skype 4.0
- Chrome Developer Edition 2.0.160 ගැන
- සහන සම්මන්ත්‍රණය 2009
- Firefox 3.1 සංස්කරනය
- Fedora අධ්‍යාපනික සංස්කරනයක් Fedora 11 සමග
- Sygate 2TB(2048GB) HDD එක සහ ලංකාවේ HDD වෙලදපොල
- Apple iPhone 3G ලංකාවට හදුන්වාදීම සහ එහි පසුබිම **
- ශ්‍රී ලංකාවේ Game Servers (xfire)
- Ubuntu Remaster කිරීමේදී ඇතිවන ගැටලු
- Skype මගින් පනිවිඩ පටිගත කිරීම
ඔබේ පහසුව සදහා සම්පූර්න වැඩසටහන ශ්‍රවන තත්ව දෙකක් යටතේ අපි ගෙන එනවා. ඒ සමගම වැඩසටහන කොටස් දෙකක් ලෙස ඩවුන්ලෝඩ් කිරීමේ පහසුකමද ලබාදී තිබෙනවා.
මෙවර වැඩසටහනට සූදානම් වීමේදී කාල වේලාව හරස් වූ බැවින් ඔබ විසින් යොමු කල ප්රෂ්න කිහිපයකට පිලිතුරු දීම අපි මදක් ප්‍රමාද කලා. ඔබගේ ගැටලුවට අද වැඩසටහනින් පිලිතුරු නොලැබුනේ නම්, ඒ සදහා ඉදිරි වැඩසටහනකදී පිලිතුරු ලබාදීමට අපි පොරොන්දු වෙනවා.
Skype මගින් ඔබ අසන බොහෝ ප්රෂ්න පැහැදිලි මදියි. ඔබේ ගැටලුව පැහැදිලිව වැඩි හඩකින් පටිගත කරන මෙන් අපි ඉල්ලා සිටිනවා. මේ වැඩසටහන පිලිබදව ඔබගේ අදහස්, යෝජනා හෝ චෝදනා අපි බලාපොරොත්තු වෙනවා. ඔබගේ ප්‍රතිචාර අපිට ශක්තියක්. මේ ඔබේ වැඩසටහනයි. තවත් වැඩසටහනකින් ලගදීම හමුවෙමු.
මෙන්න මෙහෙමයි වැඩසටහන හැදුනේ…..
ඩනිෂ්ක හා මලින්ත, Skype හරහා සම්බන්ධ වෙන ලැප්ටොප් එක…
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Amazon Music | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
අපූරුයි. මගේ ගැටළුවට පිළිතුරු දීම ගැන ස්තුතියි. 🙂
තවත් බොහෝ දේ දැන ගන්න අවකාශ ලැබුණා. හඬ quality ගැටළුවත් විසඳිලා තියෙනවා. Techකතා කණ්ඩායමට දිරිය!
Ubuntu Remaster කරද්දි අනවශ්‍ය language packs ඉවත් කරන්න. එයින් ගොඩක් ඉඩ ගන්න පුළුවන්.
තවම බානවා…
i am listning now sound quality is very good.
weldone
බොහොම ස්තූතියි, පිළිතුරට මගේ ප්‍රධානම අරමුණ තමයි, තාක්ශණයට අලුත්, අඩු ශක්‍යතාවක් තියන පරිගණක, අන්තර්ජාල පහසුකම් නැති හා, තිබුනත් ඩයල් අප්, සම්බන්ධතා තියන අයට ලිනක්ස් සංස්කරණයක් සැකසීම, කොටින්ම මගේ තත්වයේ අයට ලිනක්ස් වලට එන්න තියන අපහසුව හොඳින්ම දන්න නිසා තමයි මෙහෙම අදහසක් ආවෙ, අපිට DVD, USB වගේ දේවල් වලට යන්න ටිකක් අමාරුයි, මම අරමුණුකරන අයට පහසුවෙන්ම ලං වෙන්න පුලුවන් වෙන්නෙ, CD වලින් තමයි,
ඒක නිස මම CD 2ක ver එකක් හා, DVD ver යන දෙකක්ම සකසනව.
@ සමීර ශාකුන්තල
බොහොම ස්තූතියි, මම ඒක ගැන හිතල තිබුනෙ නෑ, එහෙම කරල බලන්ට ඕනෙ.
උබුන්ටු පද්ධතිය හැර, අනිත් අලුතෙන් එකතුකල පැකේජවල මුලු බර 402 MB වෙනව, 350MB කට අඩුකරන්න පුලුවන්..
මම හිතනව ඔය හැමෝම මට ඉදිරියටත් උදව් කරයි කියල.
නැවතත්, Techකතා අයටත්, ශාකුන්තල අයිය ටත් ස්තූතිවන්ත වෙනව උදව් කලාට 🙂
@ ගයාන්,
ඔබට අවශ්‍ය මෘදුකාංග සටහන පෙළගස්වන්න.
ඉන්පසු අනවශ්‍ය මෘදකාංග සියල්ල අදාල මූලයෙන ඉවත් කරන්න.
අවශ්‍ය මෘදුකංගයකට වඩා වැඩ ඉඩක් යයි නම්, ආදේශකය මෘදුකාංග භාවිතා කළ හැක.
උදා: OpenOffice වෙනුවට Abiword.
OpenOffice සඳහා 50MB ට වඩා ඉ ප්‍රමානයක් යයි.
ඉතින් එම ඉඩ ප්‍රමාණය ඔබට non-free කොටස් දැමීමට භාවිත කළ හැක. කලින් නම් Abiword හි සිංහල රෙන්ඩරින් දෝස් තිබුනා.
ඔබට gnome ව්‍යපෘතියෙන් එන පරිගණක අවශ්‍යමද කියා හිතන්න? අනශ්‍ය නැති නම් ඉවත් කරන්න.
එමෙන්ම පරිවර්තන අවශ්‍ය නම් ලංකාවට අවශ්‍ය වන්නේ සිංහල, සහ දෙමළ පමණි.
>කොටින්ම මගේ තත්වයේ අයට ලිනක්ස් වලට එන්න තියන >අපහසුව හොඳින්ම දන්න නිසා තමයි මෙහෙම අදහසක් ආවෙ, >අපිට DVD, USB වගේ දේවල් වලට යන්න ටිකක් අමාරුයි, මම >අරමුණුකරන අයට පහසුවෙන්ම ලං වෙන්න පුලුවන් වෙන්නෙ, >CD වලින් තමයි,
මෙම අවශ්‍ය තාවයටනම් FOSS සමඟ අනුකූල නොවුනත් Ubuntu මූල භාවිතා කර නිමැවෙන Mint භාවිතා කළ හැක. එය සඳහා non_free මෘදුංග කොටස් ඇතලත්ව ඇත.
දැන් නම් ශ්‍රවන තත්ත්වය ඉතා පැහැදිලිව තියෙනවා.
බොහොම ස්තූතියි, පැහැදිලි කිරීමට
මම අදහස් කරන්නෙ Open Office දාන්නයි, ප්‍රමාණය වැඩි උනත් switch වෙන්න පහසුයි නේද?
එහෙනම් මම මින්ට් වලින් නැවත පටන් ගන්නව, (ඒත් මගේ පරිගනකයේ මින්ට් හොඳට ක්‍රියා කරන්නෙ නැහැ, 😀 ), ඔක්කොටම කලින් ඒක හදාගන්න වෙනව.
බොහොම ස්තුතියි මා වෙනුවෙන් කාලය කැප කලාට, මම හිතනව ඉදිරියටත් මට උදව් කරයි කියල..
@ගයාන්,
ඔව්, පරිශීලකයන්ට වඩාත් පහසු මෘදුකංග ලබා දීමනේ ඔබේ අරමුණ. අනික Abiword තුළ Fedora 8 සමඟින් සිංහල සිජිවි තැටිය සැකසිමෙදි, සිංහල නිසි ලෙස Abiword මත දැක් වුනේ නැ.
කොහොමත් ඔබ මුල්ම iso එක හදාගත් පසු මිතුරන්ට දී එය පිරික්සන්න.
(උදා: mint සමඟ wine එන්නේ නැත්නම්, එය කෙනෙක්ට අවශ්‍ය වෙන්නපුලුවන්)
මැයි මාසෙදි එළි දකින ෆෙඩොරා අධ්‍යාපනික තැටිය ලංකාවද ඇතුළුව රටවල් කිහිපයක ගුරුවරු සහ සිසුන් පිරික්සනවා.
ඉන් පසු පරිශීලක අදහස්වලට අනුව යළිත් වෙනස් කම් කර Fedora අනුමැතියට දානවා. නමුත් එහි කිසිදු non_free මෘදුකාංගයක් අයත් වන්නේ නැ. එහි non_free අඩංගුවුවවහොත් Fedora ව්‍යපෘතියේ අනුමැතිය ලැබෙන්නේ නැ.
මම මාස 2ක් පමණ තිස්සේ පොඩි සමීක්ෂනයක් පැවැත්වා ගත්ත තීරණයක් මේක, ගොඩක් අයට උවමනා උනේ වයින්, වැනි මෘදුකාංග හා සහය,
_http://www.elakiri.com/forum/showthread.php?t=129656
පුලුවන් නම් මේ අඩවියටත් ගිහින් බලන්ට,එතන ගොඩක් අයට තියෙනෙ එක වගේ ප්‍රශ්ණ.
Non Free අංග එක් කිරීම අපට ගැටලුවක් වෙන්න නෑ නේද?
අපි Dialog iPhone ගැන කතාකරලා කට ගන්න ලැබුනේ නෑ, Dialog iPhone 3G ගැන කියපු හැම එකම ඔව්න්ගේ වෙබ් අඩවියෙන් අද අයින් කරලා. මේකට එක හේතුවක් වෙන්න පුලුවන්ම්, මේක කෙලින්ම Apple විස්න් ලංකාව්ට නොදීපු එක හා එහෙ මිල, මොකද අපි කිව්වා නේ Apple iPhone ඇති රටවල් වලට ලංකාව නෑ කියලා.
http://www.apple.com/iphone/countries/
@ kalinga
ඒ Dialog සමාගමේ අලුත්ම විහිළුව,අප රටේ මෙවැනි නොමග යැවීම් වලට ඇත්තටම නීති ප්‍රමාණවත් නැද්ද? නැත්නම් වග කිවයුතු නිලධාරීන් මේ පිලිබද සොයා බලන්නේ නැද්ද?
ආ… මේ පාර එළම එළ! මම තාම බාගෙට ඇහුවේ… තවත් ඉදිරියට ගුණාත්මක බව වැඩිකරමින් වැඩසටහන කරගෙන යන්න උණුසුම් සුබ පැතුම්!
වැඩේ ගොඩක් හොඳයි. තෙවන වැඩසටහනේ ගුණාත්මක වර්ධනයක් තියනවා.
පොඩි නිවැරදි කිරඊමක් තියනවා. Podcast ඇති වුනේ iPod නිසාම නෙමෙයි. නමුත් ඒ නමින් එය ජනප්‍රිය වීමට iPod බලපෑවා. http://en.wikipedia.org/wiki/History_of_podcasting
සිංහලෙන් ෆොස් අපිත් පොඩ්කාස්ට් ගැන වැඩසටහනක් කළා. http://tr.im/faon (had to shorten the link because it was too long. And hope it’s ethical me giving the link 🙂 )
ඉදිරි ගමනට සුභ පැතුම්.
@Chanux,
ලින්ක් එක දීම ගැටලුවක් නැ 🙂
ස්තුතියි!
ෂා නියමයි!
මේ වැඩේ නම් නියමයි! මරු කියල වැඩක් නෑ! දිගටම කරගෙන යන්න! සුබ පැතුම්!
නියමයි! මරු කියල වැඩක් නෑ….
now sound quality z perfect
කාලිංගලා ගේ වැඩේට මෙන්න පොඩි උදව්වක්…. කෙනෙක් අහලා තිබුනා කොහොමද ජී මේල් මේල් මේල් ක්ලයන්ට් එකක් හරහා ගන්නේ කියලා…. මෙන්න මම පොඩි ස්ක්රීන්කාස්ට් එකක් කරා ඒ ගැන..
@සදීප
බොහොම අගෙයි, බොහෝම ස්තුතියි.
@Sanjaya
sound quality will be improved more on the next show.
@සදීප,
වටින වැඩක්.
මෙවැඩේ අපි හැමෝගෙම දෙයක් බව ඔයා කල දෙයින් පැහැදිලි වෙනවා.
ස්තුතියි!
Great work!!!
Goodluck for the techkatha!
ඩනිශ්ක , කාලිංග දිරිගැන්වීමට ස්තුතියි !
රටක තොරතුරු තාක්ෂණය දියුණු වීමට නම් කල යුතුම දෙයක් ප්‍රමාද වී හෝ පටන්ගැන්ම මහත් අගේ කල යුත්තකි.
ඹහොම යං,ඹහොම යං !!!!!
සාගර
Synchronization කියන වචනයට සිංහල වචනයක් තවම නැතුව ඇති කියල පළමු වැඩසටහනේදි කියනව ඇහුණා. මේකට සිංහල වචනයක් තියනවා. ඒ තමයි “සමමුහුර්ථකරණය” කියන එක.
අජිත් මංජුල
Great work & i was found this programme reasently i’ve gave the link to every friends of mine .
GO OOOOON…..THANKS
Hi
I tried to listen to your programm from the beginning but the problem is i cant download first and second part coz you have linked the third program to the first and second links also
Thank you
@Hi
no, even tho the file are named as EP3 this is actuality EP2. there has been some issues with numbering.
so download the files, its actually EP2 😀 sorry about the naming issues.