Techකතා පලමු වැඩසටහන, පැන විසදුම් සහ Game කාමරය…

ආයුබෝවන්…! අපිට හරිම සතුටුයි ඔබෙන් ලැබුන ප්‍රතිචාර ගැන. අපි නොසිතූ තරම් පිරිසක් අපිට සුබ පැතුවා, උදව් කරන්න ඇහුවා, අපිව දිරිමත් කළා. අත්තටම දින කීපයකදී මෙවැනි ඉහල ප්‍රතිචාර ලැබීම ගැන අපි නිහතමානීව සතුටු වෙනවා. ඒ වගේම ගොඩක් ගැටලු යොමු කරල තිබුනා අපේ Techකතා ෆෝරමය යොදාගෙන. ඒ ගැනත් හරිම සතුටුයි.

Skype යොදාගෙන වැඩිය ගැටලු ඉදිරිපත් කර තිබුනේ නෑහැ. ඇත්තටම “TechKatha” කියන Skype ID එක යොදගෙන ඔබේ ගැටලු ඔබේ හඩින්ම අපිට ඉදිරිපත් කරන්න පුලුවන්, හරිම ලේසියි. TechKatha වෙත Skype මගින් ඇමතුමක් ලබාදී ඔබේ පැනය අසන්න, එය ස්වයංක්‍රීයව පටිගත වනු ඇති.

අපි අද වැඩසටහනින් ඔබට අලුත් අංගයක් හදුන්වා දෙනවා. ඒ තමයි “Game කාමරය”. ලෝකයේ ජනප්‍රිය පරිගනක ක්‍රීඩා, ශ්‍රී ලංකාවේ පරිගනක ක්‍රීඩා ව්‍යාප්තිය සහ ඒ ආශ්‍රිත පුවත්, පරිගනක ක්‍රීඩා තුල ඇති තාක්ෂනය සහ උපකරන වැනි බොහෝ දෑ අපි මේ තුලින් සාකච්චා කරනවා. ඔබගේ ප්‍රතිචාර මත ඉදිරි වැඩසටහන් තුලින්ද මෙය ඔබ වෙත ගෙන ඒමට නියමිතයි.

මෙවර වැඩසටහන පටිගත කිරීමේදී පැයකට කිට්ටු කාලයක් නොදැනීම ගියා, ඒ නිසා අපි කොටස් දෙකක් ලෙස තමයි ඔබට ඉදිරිපත් කරන්නේ. එම කොටස් දෙක වෙන වෙනම සවන් දීමට හෝ බාගත කිරීමට පහසුකම් සපයා තිබෙනවා.

දැන් බලමු මොනවද අපි මේ වැඩසටහනින් ඔබට ගෙන එන්නේ කියලා,

පලමු කොටසේදී අපි ඔබ ඉදිරිපත් කල ගැටලු සදහා පිලිතුරු ලබා දුන්නා. මෙන්න මේ දේවල් තමයි අපි කතා කෙරුවෙ

  • Web development
  • Database synchronization
  • Torrent ගැන හැදින්වීමක් හා එය වැඩ කරන ආකාරය
  • USB ධාවක මගින් පැතිරෙන පරිගනක වෛරස
  • ජනප්‍රිය Antivirus මෘදුකාංග
  • ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමට පිට රටකින් Mobile Phone එකක් මිලදී ගැනීමේදී සැලකිය යුතු දෑ
  • පරිගනක ජාල සහ Remote Desktop සම්බන්ධ ගැටලු
[audio:http://www.archive.org/download/TechkathaEpisode2Part1/TechkathaEpisode2Part1_64kb.mp3]
[Download MP3 or Ogg]

දෙවන කොටසේදී අපි කතාකෙරුවා,

  • ලෝකයේ ජනප්‍රිය පරිගනක ක්‍රීඩා, ලංකාවේ පරිගනක ක්‍රීඩා සංස්කෘතිය, Multiplayer online gaming හා console gaming
  • වැඩසටහන ගැන අපිට දැනෙන දේ සහ අපි ඔබෙන් බලාපොරොත්තුවන දෑ
[audio:http://www.archive.org/download/TechkathaEpisode2Part2/TechkathaEpisode2Part2_64kb.mp3]
[Download MP3 or Ogg]

වැඩසටහනේ ශ්‍රවණ තත්වය ගැන නම් අපිටත් සතුටු වෙන්න බැහැ. අවම පහසුකම් යටතේ පටිගත කරන මෙය වඩාත් ගුනාත්මක තත්වයක් යටතේ ඔබ වෙත ගෙන ඒමට අපි මේ දිනවල සැලසුම් සකස් කරනවා. එතෙක් කරුනාකර මේ අඩුපාඩු නොසලකා හරින්න.

ඔබගේ ප්‍රතිචාර සදහා අපි හැමදාමත් විවෘතයි. අපේ අඩුපාඩු, වැරදි, වැඩසටහන මගින් ඔබ බලාපොරොත්තු වෙන දෑ, ඔබගේ යෝජනා වගේම වැඩසටහනේ සාර්තකත්වය ගැනත් අපිට කියන්න. තවත් වැඩසටහනක් සමග නොබෝ දිනකින් හමුවෙමු.

මෙන්න අපි කතා කරපු කරුනු වලට අදාල අනෙක් විස්තර සහ වෙබ් අඩවි

මෙන්න වැඩසටහන හැදුන හැටි…

හර්ෂ හා තිලිණ වැඩසටහන පටිගත කරමින්…

‍‍

පටිගත කිරීමට යොදගත් ලැප්ටොප් එක

තිලිණ, මැක් එකේ iPhone SDK එක සමග සෙල්ලම් කරමින්…

බුද්ධිකගෙන් iPhone application development ගැන තිලිණට උපදෙස්…

48 thoughts on “Techකතා පලමු වැඩසටහන, පැන විසදුම් සහ Game කාමරය…”

  1. එළ එළ! මම මේ දැන් අහන ගමන්… කන කුරු කුරු ගානවා වගේ හැබැයි. සැප කනේ! 😀

    වැඩේ එළ! තව මේ වගේ වැඩසටහන් සිය දහස් ගණනින් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!

  2. සමාවෙන්න කරු කුරු ගාන එකට, තාම හරියට පටිගත කරන උපකරන නෑ, ඒව ඊලග එක පටිගත කරනකොට හරියට හදාගන්න ඕනේ…

    අඩුපාඩු, ඔයගොල්ලො කැමති දේවල් අපිට කියන්න… අපි කැමතියි ඔයගොල්ලන්ගේ අදහස් දැනගන්න….

  3. කතා කළ මාතෘකා බෙදා දැක්වා තියනඑක හොඳයි. ඒ වගේම පොඩ්කාස්ට් එකත් කොටස් කඩලා තියනවනං හොඳයි. මොකද අන්තිමට කතා කරපු කාරණාවක් අහන්න නම් ටිකක් වෙලා බලන් ඉන්න වෙනව. (අඩු තරමෙ ලෝඩ් වෙනකල් වත් ඉන්න ඕනෙ)

  4. හොද වැඩක්!!
    අහන්න ආස හිතෙනවා අපි කතා කරන බාශාවෙන් කොම්පුටර් ගැන කියන කොට.

    අහගෙන ඉන්න කම්මැලි නෑ .

    දිගටම කරගෙන යන්න මගෙන් සුභ පැතුම්!!

    “කතා කළ මාතෘකා බෙදා දැක්වා තියනඑක හොඳයි.”

    මාත් ඒකට නම් එකගයි

  5. oh,so happy to taking my one at first.totally satisfied with the answer.now i have a small picture of the current web disigning industry.but i will not going to stop asking when i want more informations.
    in my point of view the idea is nice but if you gong to use a screen(computer or white board)when you explaining things, definitely will help us to take a very clear answer.
    thanks and weldone.

  6. @Nishan,

    ස්තුතීයි!
    අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නේ.
    එදිනෙදා රැකියා කටයුතු වලට අමතරව කරන මෙම කාර්‍යය සමඟින් විඩියෝ සංකරණය වැනි කොටස් එක් කිරීම ඉතා පහසුම නැ. 🙂

    කෙසෙවෙතත් ඔබේ අදහස් අපට වටිනවා.
    අපි එම අදහස් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.

  7. @Shanu,

    “ඒ වගේම පොඩ්කාස්ට් එකත් කොටස් කඩලා තියනවනං හොඳයි.”

    ඔව්, මේක Dial-up සේවාවක් භාවිත කරන අයට ප්‍රයෝජනවත් වෙයි. අවශ්‍ය කොටස විතරක් අහන්න ලෙසියිනේ.

  8. මම නම් හිතන්නෙ වීඩියෝ ක්ලිප්ස් අවශ්‍යය නැහැ කියලයි, ඒව අපිට (ඩයල් අප්) ටිකක් (නෙමෙයි ගොඩක්) කරදරයක් (අපිට වගේම ලිමිටඩ් බ්‍රෑන්ඩ්විත් තියන අයත් ඒකට සතුටු වෙන එකක් නැහැ.

    ඒත් කියන්න අපහසු වෙලාවලදි පොඩි නෝට් එකක් හැටියට ඒ කෝඩින්ස්, තොරතුරු දක්වනවනම් හොඳයි (යූටියුබ් වල ඩිස්ක්‍රිප්ශන් එක වගේ දෙයක්)

    බොහොම ස්තූතියි පොඩි ෆයිල් සයිස් එකකින් දුන්නට, (ඩයල් අප්) අපිට උනත් කිසි ගැටලුවක් නැතිව , ප්‍රමාදයක් නැතිව ඇහුන …

  9. ඔය ගොඩාක් ඉංග්‍රීසි තාක්ෂණික පද හදාගෙන තියෙන්නේ ලතින් නැතිනම් පැරණි ග්‍රීක භාෂාවලට ගිහින්. අපිට යන්න වෙන්නේ සංස්කෘත භාෂාවට. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ නිලධරයෝ 1950ස් ගණන්වල අලුත් වචන හදා ගත්තේ එහෙමයි. ඉතින් සිංහල, ඉංග්‍රීසි හා සංස්කෘත භාෂා තුනම දන්නා, ඒ වගේම “වෙබ් ආලෝචනා” බ්ලොගය කරන ආනන්දවර්ධනට බැරි වෙයිද මේ වගේ වචන හොයලා දෙන්න? හැබැයි බලාගෙන… එයා නණ,ලළ භේදය ගණන් ගන්නේ නැහැ 😉

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *