Welcome to Techකතා, ටෙක්නොලොජි ගැන සිංහලෙන්

ආයුබෝවන් !

ඔන්න අද ඉදන් අපි ටෙක්නොලොජි ගැන සිංහලෙන් කතා කරනවා.. මේක සිංහල බ්ලොග් රේඩියෝ කලාවේ අරම්භය ලෙස සහ බ්ලොග් හා රේඩියෝ කලාව මුසුකිරීමේ උත්සාහයක් ලෙසත්, podcasting වලට නව මුහුනුවරක් ලෙසත් හදුන්වා දෙන්න පුලුවන්. මේක අපේ වැඩසටහනක් නොවෙයි, මේක ඔබේ වැඩසටහනක්. තොරතුරු තාක්ෂනයට සම්බන්ද ඔබගේ අදහස්, යෝජනා, නව සොයාගැනීම් සහ අත්දැකීම් අනෙක් අය සමග බෙදා හදාගන්න මෙන්න අවස්ථාව. ඔබට පැන නගින තාක්ෂනික ගැටලු අහන්න අපෙන්, අපි ඔබේ ගැටලු නිරාකරනය කර දෙන්න හැකි සෑම උත්සාහයක්ම ගන්නවා. සරලව කිව්වොත් ඔබේ පැනයට අපෙන් පිලිතුරු.

මෙම වෙබ් අඩවිය සම්බන්දව ඔබ දක්වන අදහස්, ඒ වගේම ඔබට පැන නගින ගැටලු ඔබේ කට හඩින්ම අපිට කියන්න, අපෙන් අහන්න පුලුවන්. මේ සදහා ඔබගේ පරිගනකයේ Skype වැඩසටහන ස්තාපනය කර තිබිය යුතුයි. එය මෙතැනින් නොමිලේ ලබාගත හැකියි.

තව තව අලුත් බොහෝ දෑ නොබෝ දිනක දී බලාගන්න හැකිවේවී.

මෙන්න හදුන්වාදීමේ වැඩසටහන.. Play බොත්තම ඔබන්න

[Download MP3 or Ogg]

මේක හැදුනේ මෙහෙමයි. බලන්න අපේ ෆොටෝ ටිකක්

පටිගත කරන පරිගනකය.

තිලිණ

ඩනිෂ්ක

බුද්ධික

කාලිංග

ඔබේ අදහස්, උදහස්, යෝජනා, අපවෙත එවන්න… නැත්නම් මෙහි comment එකක් දමන්න. 🙂

73 thoughts on “Welcome to Techකතා, ටෙක්නොලොජි ගැන සිංහලෙන්”

  1. ඉතා හොඳ දෙයක්! නැවුම් අදහසක් සහ විශාල හිඩැසක් පිරවීමක්! දිගටම ඉදිරියට යාමට දිරිය හා සවිය ලැබේවා! අවශ්‍ය ඕනෑම සහයක් දීමට සූදානම්!
    ජය!
    වසන්ත

  2. මාත් COMMENT එකක් දාන්න කියලා හිතාගෙන හිටියා බොහෝ කාලෙක ඉඳලා.ඒකට පරක්කු වුණු එක මගෙන් සිදු උන ලොකු වරදක්.කාලිංග කියන්නෙ මම දැක්ක මේ රටේ ඉන්න NO;1 බ්ලොග් සටහන් කරුවා.ඒ වගේම NO; 1 CCOMPUTER මොළයක් .ඒකෙ කිසිම විවාදයක් නැහැ.මම මේ බටර් ගානවා නෙවෙයි.ඇත්ත කියන්න එපායෙ.කාලිංගගෙ බ්ලොග් එකට ආවම ඒකෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.TECHකතා කාලිංගගෙ ගෙ තවත් NO; 1 වැඩක්.තව තවත් මේ වගෙ දේවල් කරන්න හැකියාව ලැබේවා.ඒ වගේම TECHකතා නිර්මාණය කරන්න දායක වුණු හැම දෙනාටම ස්තුති කරනවා,සහ සුභ පතනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *